MENU

Teen Wolf [S06 : E20] | වෘකයන්ගේ සංග්‍රාමය

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ පුනරාවර්ජනයක් කරමින් කෙටි සටහනක් තබන්නයි සුදානම් වන්නේ.

01 වන කතා සමය.

විකාශන ආරම්භය-2011 ජූනි 05
විකාශන නිමාව– 2011 අගෝස්තු 15
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා – පීටර් හේල්
සාරාංශය– අතුරුදහන් වුන මළ සිරුරක් සොයා තමන්ගේ හොඳම මිතුරා වන ස්ටයිල්ස්ගේ ඉල්ලීම මත කැලයට යන ස්කොට් මැකොල්හට වෘක ප්‍රහාරයක් එල්ල වෙනවා.එහි ප්‍රතිපලයක් වශයෙන් ස්කොට් මැකොල් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා.බීකන් හිල්ස් පුරා සිද්ධ වෙන මේ සත්ව ප්‍රහාරය ගැන සොයමින් සිටින විට නගරයට පැමිණෙන්නේ ආජන්ට් පවුලේ පිරිසයි.මිනිස් වෘකයන් දඩයම් කිරීමේ ඉතිහාසයක් ඇති ආජන්ට් පවුලේ ඇලිසන් ආජන්ට් සමග පෙමෙන් බැඳෙන ස්කොට් , “ සත්ව ප්‍රහාරයන්” සැබවින්ම පීටර් හේල් නමැති මිනිස් වෘකගේ ප්‍රහාර බව සොයාගෙන ඩෙරෙක් හේල් සමග එක්ව ඔහුව විනාශකර දමනවා

02 වන කතා සමය

විකාශන ආරම්භය – 2012 ජූනි 03
විකාශන නිමාව– 2012 අගෝස්තු 13
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා-ජෙරාඩ්(කැනීමා)
සාරාංශය – පීටර් ඝාතනය කර ඇල්ෆා බවට පත් වූ ඩෙරෙක් තමන් සඳහා රංචුවක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා.මේ අතර වාරයේ නගරයට අලුතින් පැමිණෙන කැනීමා නම් සත්වයෙක් ඝාතනයන් ආරම්භ කරනවා.කැනීමා බවට හැරෙන්නේ ජැක්සන් බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව කැනීමා යනු ස්වාමියෙක් යටතේ පාලනය වන සතෙක් බවට ලීඩියා විසින් සොයා ගන්නවා.එම ස්වාමියා මරා දමන ජෙරාඩ් කැනීමා ගේ නව ස්වාමියා බවට පත් වෙනවා.අවසානයේ ඩෙරෙක් හා ස්කොට් එකතු වී (ආජන්ට් පවුලේ සහය ඇතුව) කැනීමා පරාජය කර දමන අතර ස්කොට්,ඇලිසන් ආදර කතාව නිමාව දකිනවා.

03 වන කතා සමය

විකාශන ආරම්භය– 2013 ජූනි 03
විකාශන නිමාව– 2014 මාර්තු 24
කථාංග ප්‍රමාණය– 24 යි.(මෙය 03A හා 03B ලෙස වර්ග වේ.)
ප්‍රධාන සතුරන්-ජෙනිෆර් (ඩරාක්)-03A/ නොගෙට්සුනේ -03B
සාරාංශය– මෙහි මුල් කොටස් 12 තුල දී සිද්ධ වෙන්නේ පාසලට අලුතින් පැමිණෙන ජෙනිෆර් නම් ගුරුවරියත්,ඇල්ෆා රංචුවත්,එයට මැදිවන ස්කොට්,ඩෙරෙක් ඇතුළු පිරිසේ කතාවයි.ජෙනිෆර්(ඩරාක්) තමන්ට කළ දේවල්වලට කාලි නමැති ඇල්ෆා රංචුවේ සාමාජිකාව ඇතුළු පිරිසෙන් පළිගැනීමේ චේතනාවෙන් බීකන් හිල්ස් වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ ඩියුකේලියන් ඇතුළු ඒ ඇල්ෆා රංචුව බීකන් හිල්ස් කරා එන්නේ නව සාමාජිකයන් බඳවා ගැනීමටයි.කෙසේ හො අවසානයේ කාලි මීය යන අතර ඩියුකේලියන්,ඩේරෙක් හා ස්කොට් එකතු වී ඩරාක්ව පරාජය කරනු ලබයි.එමෙන්ම ස්කොට් සැබෑ ඇල්ෆා කෙනෙක් බවට පත්වන්නේත් මේ සමයේ දී.03A කොටස්හී දී දෙමාපියන් බේරාගැනීමට කළ කැපවීම නිසා එහි අතුරු ප්‍රථිපල විඳීමට ස්කොට්,ඇලිසන් හා ස්ටයිල්ස්ට සිද්ධ වෙනවා.මේහි දී නොගෙට්සුනේ නම් ආත්මයක් ස්ටයිල්ස්ගේ ඇඟ ඇතුලට රිංගා ගන්නවා.මේ නිසාම ස්ටයිල්ස් විකාරී පුද්ගලයෙක් බවට හැරෙනවා.මේ අතරවාරයේ නගරයට අලුතින් දෙපිරිසක් පැමිණෙනවා.ඒ තමා කිරා යුකිමුරා(කිට්සුනේ) හා මලියා (කයෝටි) යන දෙදෙනා.නොගෙට්සුනේ විනාශ කිරීමට කිරාගේ මව නොශිකෝ විසින් ඕනි නම් රාක්ෂයන් ගෙන්වනවා.අවසානයේ ස්කොට්,ලීඩියා හා ඇලිසන් සියල්ලන් පරදා ස්ටයිල්ස්ව බේරගත් නමුත් ඇලිසන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

04 වන කතා සමය

විකාශන ආරම්භය-2014 ජූනි 23
විකාශන නිමාව– 2014 සැප්තැම්බර් 08
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා -කේට් ආජන්ට්
සාරාංශය– ඇලිසන්ගේ මරණයෙන් පසුව ස්කොට්,ස්ටයිල්ස්,ලීඩියා හා කිරා යන පිරිස අලුත් යාලුවා වන මලියා හට උදව් කරමින් පාසල් කාලය ගෙවනවා.මේ අතර වාරයේ කේට් ආජන්ට් නැවත වරක් පැමිණෙන්නේ නවතම සතුරෙක් සමගයි.කේට් ආජන්ට් හා ඇයගේ මේ තර්ජනය හා ගනුදෙනු කිරීමට ස්කොට් ඇතුළු පිරිසට සිද්ධ වෙනවා.එමෙන්ම ස්කොට්ගේ පළමු බීටා ,ලියාම්ව නිර්මාණය කරන්නෙත් මේ කතා සමයෙන්.

05 වන කතා සමය

විකාශන ආරම්භය- 2015 ජූනි 29
විකාශන නිමාව– 2016 මාර්තු 08
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -රෞද්‍ර වෙදදුරන් හා ජෙවුඩන්හි මෘගයා
සාරාංශය – මෙම කතා සමයේ දී ප්‍රධාන සතුරන් දෙපිරිසක් දැකීමට හැක.මුල් කොටස් 10 තුළ දී අස්වාභාවික ක්‍රමවලින් සත්වයින් නිර්මාණය කරන රෞද්‍ර වෙදදුරන් හා ස්කොට්ගේ පිරිස අතර ගැටුමක් දැකිය හැකියි.මෙහි දී තියෝ නම් අලුත් චරිතයක් පැමිණෙනවා.ඒ ස්කොට්ගේ සතුරෙක් විදියටයි.අවසානයේ රෞද්‍ර වෙදදුරන් ඔවුන්ගේ ප්‍රබලම අපේක්ෂකයා ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව සටනට අවතීර්ණ කරනවා.ඒ ජෙවුඩන්හි මෘගයායි.අවසාන කොටස් 10 තුල දිවෙන්නේ මෘගයා හා ස්කොට් ඇතුළු පිරිසේ කතාවයි.මෘගයාගේ අතීතය හා වර්තමානයේ දී මෘගයා ආවේශ වී සිටින පුද්ගලයාත් මෙහි දී දැකගත හැකියි.එමෙන්ම අවසානයේ දී ඒ පුද්ගලයා බේරාගෙන,මෘගයා විනාශ කිරීමට ස්කොට්,පැරිශ් ඇතුළු පිරිස සමත් වෙනවා.

06 වන කතා සමය

විකාශන ආරම්භය-2016 නොවැම්බර් 15
විකාශන නිමාව– 2017 සැප්තැම්බර් 24
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -භූත අශ්වාරෝහකයෝ හා ජෙරාඩ් ඇතුළු දඩයක්කාරයෝ
සාරාංශය – මෙම කතා සමයත් එක කාර්තුවකට කොටස් 10 බැගින් කාර්තු දෙකකින් සමන්විතයි.පළමුවන කාර්තු වේ දී කුනාටුව තුලින් පැමිණෙන අශ්වාරෝහකයන් හා සටනක් දකින්න පුළුවන්.මෙසේ කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම ඔවුන්ගේ කාර්යයි.ඉතින් මෙම පැහැර ගැනීමට ස්ටයිල්ස් අහුවෙන නිසාවෙන් ස්ටයිල්ස් බේරාගැනීමට ස්කොට් ඇතුළු පිරිස වෙහෙසෙනවා.
දෙවන කාර්තුව ගෙවී යන්නේ අනුක්-ඊටේ නිසා හටගත් දැඩි භිය තම වාසියක් කරගනිමින් ජෙරාඩ් අස්වාභාවික සත්වයින් දඩයම් කිරීමට හමුදාවක් ගොඩ නැගීමත්,එම හමුදාව හා ස්කොට් ඇතුළු අස්වාභාවික සත්වයින්ගේ සටන පිළිබඳවයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 255 MB |

06620E04AE9619F8D6705E1C0C7079A86B8EDD63

| HDTV | x264 | 720p | KILLERS |891 MB |

BC282547956B6E9CA2E3DE808D5C9842E93E9F68

Direct Download

| HDTV | x264 | 480p | 160 MB |

| HDTV | x265 | 720p | 208 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

13 thoughts on “Teen Wolf [S06 : E20] | වෘකයන්ගේ සංග්‍රාමය

  • Lakshan Ruwinda

    Teen wolf එක ඉවර වුන එකටනම් දුකයි..

    Reply
  • Thank u saho anthima epiya enakan iwasillak nathuva hitiye

    Reply
  • pubudu

    Sub nadda bn twama

    Reply
  • Ai mchn suba thama naththe…Poddak ikmanin dennako…final epiyane…kalabalene…

    Reply
  • asanka sampath

    sab deeepan machoooo….

    Reply
  • Daham Akalanka

    Supiri tv series ekek, Niyamai

    Reply
  • Teen wolf seosen eke sub ganne kohomada kiyannako kauru hari kagava hari thiyenavanam mata evanna plzzz 0757119966 watsapp

    Reply
    • Imesh lakshan

      baiscopelk.com eke serch krnna ekn gnna puluwn

      Reply
  • season 5 nahane. ekath dnnko

    Reply
  • 1-10 වෙනකම් කොටස් ටික නෑනේ.ඒ ටිකේ ලින්ක් එක දෙන්නකෝ

    Reply
  • Vish Akarsh

    Teen wolf season 6 eke okkoma episode tika dennko. Anika thiyana episode tika download karanna ba. E nisa ayeth ewage link userdrive eken hari dropapk eken hari link dennko. plzzzzz……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *