MENU

The 100 [S05 : E03] | නිදා සිටින යෝධයින්…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා..

ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම තමයි ඔක්ටේවියා ඒ අවුරුදු කීපය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් සෑම ගෝත්‍රයකම නායිකාව බවට පත්වීමට සමත්ව ඇති මැනවින් දකින්නට ලැබුනා. එමෙන්ම ඇයට රතු රැජිණ නමින් නාමයක්ද පට බැදුනා. ඉතින් ගිය සතියේ මතක ඇතිනේ අපිට ක්ලාක්ට මොනා වෙන්න ඇත්ද කියලා කිසිමදෙයක් පෙන්නුවේ නෑ. ඔන්න අද බලාගන්න පුළුවන් ඒ දේවල්.

එලිජියස් යානයෙන් ගොඩ බැස්ස කට්ටිය ක්ලාක් සහ මැඩි හිටිය ගම්මානය අල්ලගත්තා මතකයිනේ. ඉතින් ඒ වෙලාවේ මැඩිගෙ ජිවිතේ බේරගන්න ක්ලාක්ට සිද්ද උනා ඒ අයගෙන් දෙන්නෙක්ව මරලා දාන්න. ඉතින් දැන් ඒ නිසා ඒ කට්ටිය එක්කාසු වෙලා ක්ලාක්වයි මැඩිවයි හොයනවා. ක්ලාකුත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි කියලා ඔහෙලා දන්නවනේ ඉතින්. ක්ලාක් කරන්නෙත් මැඩි එක්ක එකතුවෙලා සැගවී සැගවී පහරදෙන එක. කොහොමහරි ක්ලාක්ට තුවාල වෙනවා. මේ නිසාම මැඩිව බේරගන්න තියෙන උවමනාවත් නිසාම ක්ලාක් තමන්ම අර කට්ටියට හසුවෙනවා.

ඔන්න ඔය අතරේ අපේ අභ්‍යවකාශ ගතව සිටින බෙලමි ඇතුළු පිරිසගේ සූදානම එලිජියස් යානයට ඇතුල් වෙන්න. මතකයිනේ එයාලට පෘථිවියට එන්න ඉන්ධන මදි බව. ඉතින් එයාලගේ සූදානම මේ යානයෙන් ඒවා ලබාගන්න. යානයට ඇතුල් උනාට පස්සේ කට්ටියට දැනගන්න ලැබෙනවා මේ යානයේ සිටින පිරිස ඇත්තටම කවුද කියලා. වසර සියයකට පමණ පෙර අභ්‍යවකාශ පතල් කැනීම්වලට පිටත්ව ගිය හිරකරුවන් පිරිසක් තමයි මේ ඇවිත් ඉන්නෙ. යානයේ විස්තර අනුවනම් ඒ අයගෙ 300ක් ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම දරුණු මිනීමරුවන්. ඒ වගේම අවි තාක්‍ෂණය සහ ඉහළ දැනුමක් සහිත ශක්තිමත් පිරිසක්.

ඉතින් අද ඔන්න අභ්‍යවකාශයේ ඉන්න පිරිසත් පෘථිවියට එනවා.. හැබැයි හැමෝම එන්නේ නෑ. ඇයි කියලා ඔයාලම බලලා දැනගන්නකො. ඉතින් මේ අයත් ආවට පස්සේ මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා කියන්නනම් බෑ ඉතින්.. ඔක්ටෙවියත් තමන්ගෙ පිරිස අරගෙන බංකරෙන් හනිකට එළියට ආවනම් තමයි හොද සටනක් බලාගන්න ලැබෙන්නේ. මොකද ඉතුරුවෙලා තියෙන එකම භුමිය කවුරුවත් ලේසියෙන් අතාරින එකක් නෑනේ.

හොදයි එහෙමනම් මෙතෙකින් මම නවතිනවා. සිදු වූ ප්‍රමාදයට යළිත් සමාව ඉල්ලනවා. එහෙමනම් ලබන සතියේ කොටහින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 325MB |    

D8B3A9BEEAF6E7C3A343EDCA0178E2B0357A8F3D

Direct Download

| HDTV | x264 | 480p | 200MB |

   

| HDTV | x265 | 720p | 260MB |

   

| HDTV | x264 | SVA | 325MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “The 100 [S05 : E03] | නිදා සිටින යෝධයින්…

      • Your connection isn’t private kiyala watenne ai?? Godak ewata ehema wenawa…could you please fix it soon?

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *