MENU

The 100 [S05 : E05] | බිහිසුණු කාන්තාරය මැද….

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. ඒ අනුව ඔවුන්ගෙ සහයද ඇතුව බෙලමිට හැකියාව ලැබුනා බංකරේ ඇතුළට ගිහින් බංකරේ හිටිය හැමෝවම පාහේ නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එහෙම වෙන අතරේ හිරකාරයො උත්සහ දැරුවෙම රේවන්ගෙ අතේ තියෙන හිමායන කුටීරවල පාලනය ආපහු තමන්ගෙ අතට ලබාගන්නයි. ඒත් රේවන් කෙල්ලගේ දක්ෂතාවය නිසාම ඒ කටයුත්ත ලේසිපාසු කාරියක් උනේ නෑ… ඒත් කොහොමින් කොහොමහරි උත්සාහවන්තයා ජය ගනී කියන්නාත් වගේ ෂෝට හැකියාව ලැබුනා යානයේ පාලනය යළි ලබාගන්න.

ඉතින් යානයේ පාලනය හිරකාරයන්ට ලැබුනාත් සමගම පාහේ ඩියෝසා තීරණය කරනවා බෙලමිත් එක්ක ඇති කරගත්ත එකගතාවය කඩලා දාන්න. ඒ අනුව ඩියෝසා ඇබිවත් අරගෙන ආපහු නිම්නයට එන්න කියලා තමයි උත්සහ කලේ. ඒත් ඒ එක්කම ඇතිවෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ හිරකාරයෙක් එල්ල කරන ප්‍රහාරයක් නිසා යුදමය වාතාවරණයක් නිර්මාණය උනා කිව්වොත් නිවැරදියි.

ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් පලිගැනීමේ ආසාවෙන් ඉන්න ඔක්ටේවියා ගෝත්‍රයෙ සෙබළුන් 50ක් ද සමගින් නිම්නයට එනවා. ක්ලාක් සහ බෙලමි දෙන්නා දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඒ කිසිමදෙයක් ඔක්ටේවියා කනකටවත් ගන්නෙ නෑ. කොහොමහරි කාන්තාරය හරහා එන ගමනෙදි ක්ලාක් කියන විදිහට දරුණු වැලි කුණාටුවලට පවා මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අද අපට දැක බලාගන්න පුළුවන් ප්‍රයම්ෆායාගෙන් පසුව විනාශ වූ ලෝකයේ අලුතින් බිහිවෙලා/හටගෙන ඇති දේවල් එහෙමත්.
ඉතින් ඔය අතරේ ඩියෝසා ඇබිට පවරනවා යානයේ කෙනෙක්ගේ රෝගයක් ගැන හොයන්න කියලා. ඒ වගේම තමයි රේවන් සහ මර්ෆි දෙන්නට සෑහෙන්න වද දෙනවා මිසයිල ලොක් කෙරුව එක ගැන අහගන්න. රේවන් කියන්නෙම එයා එහෙම දෙයක් කලේ නෑ කියලම තමයි. රේවන් එහෙම දෙයක් කෙරුවෙ නැත්නම් එහෙම කරන්න ඇත්තේ වෙන කවුද කියලා කට්ටියට හිතාගන්න පුලුවන්නෙ..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයටනම් ලබන සතියේ කොටස විකාශය වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ 06වැනි කොටස ආපහු එන්නෙ ජූනි 05වැනිදා.. එසේනම් 06වැනිදා උපසිරසියත් සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 327MB |    

311648DA8DC6D1F09313A9E2BAF643D43A9C0AA0 

Direct Download

| HDTV | x264 | 480p | 188MB |

   

| HDTV | x265 | 720p | 250MB |

   

| HDTV | x264 | KILLERS | 327MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The 100 [S05 : E05] | බිහිසුණු කාන්තාරය මැද….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *