MENU

The 100 [S05 : E06] | දෙපිළකට බෙදී යාම…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්.

ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා එක්ක සටන් වදින්න නිම්නයට එන්න පිටත් උනා.. ක්ලාක් සහ බෙලමි දෙන්නා ඒකට කොච්චර විරුද්ධ උනත් ඔක්ටේවියා ඒක කනකට ගත්තේ නෑ නොවෑ. ඉතින් මේ ගමන පිටත් වෙද්දී ක්ලාක් අනතුරු ඇගෙව්වා ප්‍රයම්ෆායා නිසාවෙන් කාන්තාරයේ තිබෙන වැලි ඝන වෙලා කුඩා විදුරු කෑලි හටගෙන තියෙනවා කියලා. ඒ විතරක් නෙවේ කුනාටු එහෙමත් හමනවා කියලා. ඒත් ඒ කිසිවක් නොඅසා ඔක්ටේවියා සූදානම් උනේ නිම්නයට එන්න. හැබැයි ඒ එන අතරමගදී කට්ටියට මුහුණ දෙන්නට සිද්ද උනේනම් ක්ලාක්වත් නොදැන සිටි අනතුරකට. අපිට දැකගන්න පුළුවන් උනා වැලි අස්සේ ඉදලා යම් කිසි පරපෝෂිත පනුවෝ වගේ ජාතියක් මිනිස්සුන්ගේ ශරීරය ඇතුළට රිංගනවා. කොහොමහරි මේකෙක් ඔක්ටේවියාගේ ඇගටත් රිංගලා ක්ලාක්නේ බේරාගත්තේ.

ඉතින් ඔය දේවල් එහෙම වෙද්දී ඩියෝසා යළි මිසයිලවල පාලනය ලබාගෙන පහරදෙන්න කියලා එනවා. කොහොමහරි රේවන් අර ලුතිනන් ෂෝ එක්කලා එකතුවෙලා මර්ෆිව එළියට පන්නපු නිසා ඒ ගැන ආරංචිය කලින්ම බෙලමිට දැනගන්න ලැබෙනවා. කොහොමහරි ඒ නිසාවෙන් ඩියෝසාගේ මිසයිල ප්‍රහාරයෙන් කට්ටිය බේරුනත් කුනාටුව නිසාවෙන් සමහරුන්ට ජිවිත අහිමි වෙනවා වගේම තවත් පිරිසක් අසාධ්‍ය ලෙස ලෙඩ වීම නිසාවෙන් ඔක්ටේවියා පසු බැස්සා මතක ඇතිනේ.

ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් නැවත පෝලිස්වලට ඇවිත් ඉන්න ඔක්ටේවියා මේ පාර මොනවද කරන්නෙ කියලා. ඩියෝසා යානයෙන් ඇවිත් කෑම වගයක් බිමට දාලා කට්ටියට කියලා යනවා ගෝත්‍රය අතෑරලා ඇවිත් නිම්නයේ ජීවත් වෙන්න කියලා. ඇත්තටම ඉතින් මේක ඇවිත් කේන්ගේ දේශපාලනික බුද්ධියේ කපටි උපායක්. පේන විදිහට කේන් දැන් ඩියෝසා එක්ක එකතුවෙලා. ඒත් ඉතින් කතාව මුල ඉදලා බැලුව කට්ටිය දන්නවනේ කේන් කියන්නෙ මොනවගේ කපටියෙක්ද කියලා.. ඒ නිසා මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඔය අතරේ ඔක්ටේවියාට එකෝව මුණ ගැහෙනවා. බෙලමියා හිතාන උන්නේ ඔක්ටේවියා එකෝට සමාව දෙයි කියලනේ.. හැබැයි ඉතින් ඒක එහෙමනම් වෙන්නෙ නෑ.

ඒ වගේම අද ක්ලාක්ට මැඩී හින්දා සෑහෙන ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නෙ. ඇත්තටම ප්‍රශ්නවලට මුල පුරනවා විතරයි. දන්නවනේ ඉතින් මැඩී කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක්.. නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර ඉන්නවා කියන්නෙ ඒක ඔක්ටේවියාගේ එනම් රතු ලේ තියෙන රැජිණට බලවත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔක්ටේවියා ඒ සම්බන්ධයෙන් කොහොම ක්‍රියා මාර්ගයක් ගනීවිද කියලා බලලම දැනගන්න..

හරි එහෙමනම් මම මෙතනින් නවතිනවා. ඇත්තම කිව්වොත් ඉතින් මෙච්චරවත් ලිපියක් ලියන එක පලක් නැති වැඩක්. මොකද කලින් සතියෙ කොටස විකාශය වෙන්නෙ නෑ කියලා මම ලිපියේ පැහැදිලිවම සදහන් කරලත් පිරිසක් මට මැසේජ් කරලත් අහනවා උපසිරැසිය පරක්කු මොකද කියලා. ඒ නිසා මම කියන්නේ සමස්ත ලිපියම නැතත් ආරම්භය සහ අවසානයවත් කියවන්න පුරුදු වෙන්න. එතකොට කාටත් අපහසුතාවයක් වෙන්නෙ නෑ. තව දෙයක් තියෙනවා දැන් මුලින්ම එන්නෙ WEB කොපිය. ඒ නිසා මුලින්ම සබ් එන්නෙත් ඒකට. ඉතින් කට්ටිය මොකද කියන්නෙ? අද පටන් දිගටම web කොපියටම සබ් දෙන්නද?එහෙනම් මම ගියා.. ලබන සතියෙ හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | PBS | 441MB |    

5799CC4E554B6FEF0E63D2073686F4695CD6C495

Direct Download

| WEB-DL | x264 | 480p | 136MB |

   

| WEB-DL | x265 | 720p | 220MB |

   

| WEB-DL | x264 | PBS | 440MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “The 100 [S05 : E06] | දෙපිළකට බෙදී යාම…

  • Sub eka adam danwd bro…

    Reply
  • කො මචං ඉතුරැ එපිසෝඩ් ටික දීපන්කෝ මචෝ වෙන සයිට් වලින් ඩව්න්ලෝඩ් කරන්න දන්නේ නෑ බොක්කා මේ මචං සබ පස්සෙ දීලා ඩව්ලෝඩ් ලින්ක (එපිසෝඩ් වල) වහ වැටිලා බොක්ක ඉන්නෙහ් සීරීස් එකට පීස් සහෝදරයා?????????????????????????????????????????????????????

    Reply
    • Dilan Ranga

      episode 7 telecast wenne me week eke..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *