ඔන්න එහෙනම් අරගෙන ආවා THE 100 සයවැනි කතාමාලාවේ 12වැනි කොටස හෙවත් අවසානයට පෙර කොටස. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටසේ මොකක්ද උනේ කියලා මතක් කරගෙනම ඉමුකො.
ගිය සතියේ කොටස ගැන කියනවනම් රසෙල් මැඩිව යොදාගෙන ඇටමිදුළු නිස්සාරණය කරන්න පටන් ගත්තා නයිට්බ්ලඩ් හදන්න. ඒ වගේම මැඩිගෙ ඔළුව ඇතුලේ උන්න ෂෙයිඩ්හෙඩාගෙ සැලැස්ම උනේ ජැක්සන්ව මරලා පැනගන්න එක. නමුත් මැඩි ඒක කලේ නෑ කියලා දැක්කනේ. ඒවගේම තමා රසෙල් විසින් මර්ෆිට නව අවස්ථාවක් ලබා දෙනවා ඒ තමයි කැලෑවට ගිහිල්ලා ජොසෆින්ව බේරගන්න එන්න කියන එක. එහෙම කළොත් මර්ෆිටයි එමෝරිටයි අමරණීය වෙන්න ලැබෙනවා බැරි උනොත් එමෝරි මිය යනවා. ඒ වගේම තමයි ඔය අතරේ ගායා, සහ මිලර් දෙන්නා සිරගත වෙලා ඉන්න තැනින් පැනගන්න ක්‍රමයක් හොයනවා
.
ඉතින් කැලෑවේ සිදුවීම් දිහා බැලුවොත් ගේබ්‍රියල්, බෙලමි, ක්ලාක් ඔක්ටේවියා කට්ටියම ඉන්න තැනට ගේබ්‍රියල්ගෙ දරුවෝ ටික කඩාපාත් වෙනවා. හැබැයි මේ කවුරුවත් දන්නේ නෑනේ සේවියර් කියන්නේ ගේබ්‍රියල්ට කියලා, ඉතින් ඒ ඇත්ත එලි වුනාට පස්සෙ ඒ අයට බොහොම කේන්ති යනවා. ගේබ්‍රියල්ව මරන්නයි සූදානම. නමුත් බෙලමි කපටි උපායක් දාලා ගේබ්‍රියල්ට ජීවත් වෙන්න ටික කාලයක් අරගෙන දෙනවා මතකයිනේ. කොහොමහරි කට්ටිය රක්ත සූර්ය විෂ යොදාගෙන බෝම්බයක් හදාගෙන ඉන්න අතරේ මර්ෆි සහ සැන්ටම් ආරක්‍ෂකයො එතනට පහර දීලා ජොසෆින්ව අරගෙන යනවා. ඒ කට්ටිය එහෙම හිතුවට ඇත්තටම ඉන්නෙ කලාක් නෙව. ඉතින් ක්ලාක්ගෙ සැලැස්ම ඇතුළට ගිහිල්ලා ජොසෆින් වගේ රගපාලා ආවරණය අයින් කරන එකනේ.
ඔය අතරේ මියගිය සිමෝන්ට නැවත පණ දෙන්න රසෙල් තෝරාගන්න ශරීරය වෙන්නේ එකෝව. ඉතින් එකෝව නයිට්බ්ලඩ් කෙනෙක් බවට හරවන ක්‍රියාවලිය බාරවෙන්නේ රයිකර්ට. රයිකර් කෙසේ හෝ මේ ක්‍රියාවලිය කරගෙන ගියත් අන්තිමේ මිලර් සහ ගායා එතනට ඇවිල්ලා එකෝව බේරගන්නවා. බෙරිච්ච එකෝ මුලින්ම කලේ රයිකර්ව මරලා දැම්ම එක. ඒ වගේම එකෝගෙ පුංචි කාලේ සිදුවීමක් ගැනත් ගිය සතියේ කොටසින් දකින්න ලැබුනා කියලා මතකයිනේ.
හොදයි එහෙනම් ඔන්න අද සෑහෙන්න වෙනස්කම් වගයක් සැන්ටම්වල වෙන්න යන්නෙ, ඇත්තටම කිව්වොත් නොසිතුව දේවල් වගයක් තමා වෙන්නේ. එහෙනම් ඒ ගැන මොකුත්ම නොකියා අද කොටස ඔබටම බලන්න ඉතුරු කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය. ලබන සතියේ අවසන් කොටසින් හමුවෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
Direct Download
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
5 thoughts on “The 100 [S06 : E12] | යළි හමුවීම් සහ වෙන්වීම්!”
machn meke episode 13 kawadda enne ????
100 eke season 2 download krnn bane
torrent download karapn
100 eke season tika poddk update krnn puluwnd season 2, 5 download krnn bane
13 episode eka dannedda