MENU

The Adventurers (2017) | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය!

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. හොරකමට භාජනය වෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. “අඩවියේ ඇස” යනුවෙන් හැඳින්වෙන්නා වූ අතිශය පෞරාණික සහ අතිශයින්ම වටිනාකමක් සහිත මාලයක්. නමුත්, කිලෝමීටර් දහඅටක් තිස්සේ අපරාධකරුවා පසුපස හඹා යන්න වූ පොලීසිය, කෙසේ හෝ මෙම අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා. මේත් සමගින්, අදාළ පුද්ගලයාව වසර පහකට බන්ධනාගාර ගත කරනු ලබනවා.

ඉහත සඳහන් කරන ලද මාලයේ තවත් සුවිශේෂීතාවයක් තිබෙනවා. “අඩවියේ ඇස” යනුවෙන් හඳුන්වන්නා වූ, ඉහත හොරකම් කිරීමට උත්සාහ දරන ලද මාලය, කොටස් තුනකින් සමන්විත, කිසිසේත්ම මිල කල නොහැකි මාලයකට අයත් එක කොටසක් වෙනවා. “අඩවියේ ඇස“, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යන මිල කල නොහැකි මාල කොටස් තුනම එක් වූ විට, “ගායා” නමින් හැඳින්වෙන්නා වූ මෙම මහාර්ඝ මාලය නිර්මාණය වෙනවා. මෙම “ගායා” නමින් හැඳින්වෙන්න වූ මහාර්ඝ මාලයේ ඉතිහාසය, 17 වන සියවස දක්වා තරම් අතීතයකට දිව යනවා. ස්පාඥ්ඥයෙන් චීනය වෙත ත්‍යාගයක් ලෙස 17 වන සියවසේදී ලැබුණු මෙම මිල කල නොහැකි “ගායා” මාලය, පසු කාලීනව “අඩවියේ ඇස”, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යනුවෙන් කොටස් තුනකට වෙන්කර, හොර රහසේම රටවල් තුනකට අලෙවිකර තිබෙනවා.

රටවල් තුනක් තුල, කොටස් තුනක් ලෙස පවතින්නා වූ, වෙළඳපොල අගය නිර්ණය කිරීමට අපහසු, මිල කල නොහැකි මහාර්ඝ මාලයක්… මෙම මාල කොටස් තුන හොරකම් කර, ප්‍රධාන මාලය නිර්මාණය කරගැනීමේ අදිටනින් යුතුව වසර පහකට පෙර කෞතුකාගාරය බිඳ එක මාල කොටසක් හොරකම් කර පලා යාමේදී අත්අඩංගුවට පත්වී, වසර පහක් බන්ධනාගාරගතව සිට, නැවතත් මනා ලෙස සූදානම්ව මාල තුන හොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ අති දක්ෂ හොරෙකු ප්‍රධාන කණ්ඩායමක්… කුඩා කාලයේ පටන්ම හොරකමට වෛර කරන්න වූද, ඉහත කී හොර කණ්ඩායම පසුපස ලුහුබඳින්නා වූ පොලිස් නිලධාරියෙක්… හොරකම් කිරීමට උත්සාහ දැරීමෙන් පසුව, “අඩවියේ ඇස” නම් මාල කොටස තිබෙන්නා වූ ඉසව්වක් පිළිබඳව කිසිඳු හෝඩුවාවක් හෝ නොමැත… “ඉරණමේ පියාපත්” නම් මාල කොටසේ හිමිකාරීත්වය අතිශය ධනවත් සිනමා නිළියකට හිමිව පවතින අතර, මෙම මාල කොටස ප්‍රංශයේ අධි ආරක්ෂාව සහිත බිඳිය නොහැකි සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත… “ජීවිතයේ වරපට” නමැති මාල කොටස චෙක් ජනරජයේ පාරම්පරික ධන කුවේරයෙකු සතුව, ඔහුට අයත් වන්නා වූ රාජකීය බලකොටුවක් තුල, මිනිස් හමුදාවකින් සහ අති නවීන තාක්ෂණයෙන් ආරක්ෂිතව, භූගත සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත. මෙම මාල කොටස් තුන හොරකම් කර, අවසානයේ මහාර්ඝ “ගායා” මාලය නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේවිද? අවසානයේ මොවුන්ගේ ඉරණම කුමන ආකාරයකින් විසඳේවිද?

මේ වතාවේ අරගෙන ආවේ, 2017 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද,ActionAdventureCrime ඝනයට අයත් වෙන්නා වූ චිත්‍රපටයක්. ඇමරිකානු ඩොලර් මිලියන 22.76ක ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා සිත්තම, ඇමරිකානු ඩොලර් මිලියන 37.38 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, මේ සටහන ලියැවෙන මොහොත වන විටIMDB දර්ශකය තුල 6.7ක අගයකින් සමන්විතව පවතින අතර, චිත්‍රපටය තුල ඉංග්‍රීසි සහ චීන යන භාෂා දෙවර්ගයම අන්තර්ගත වෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Shock Wave (2017)Railroad Tigers (2016)The Great Wall (2016) ආදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූAndy LauThe Promise (2016)Brothers of the Wind (2015) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Jean Reno සහ Mojin – The Lost Legend (2015)The Assassin (2015)Journey to the West (2013) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Qi Shu විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණ කරනු ලබන්නේ, Into the Badlands රූපවාහිනී කතා මාලාවේ කොටස් දෙකක් අධ්‍යක්ෂණය කරන ලද,Stephen Fung විසින්.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HC WEB-DL | x264 | 720p | 850MB |

5b4c7d10602eba10960614a935c4a3cbc6abe11c

 Direct Download

| HC WEB-DL | x264 | 480p | 400MB |

| HC WEB-DL| x264 | 720p | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Adventurers (2017) | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය!

  • Ade bn, ayeth HC walata sub denna patan gaththada??

    Reply
  • මචං blu-ray එකට සබ් දෙන්නකෝ

    Reply
  • Where can i find the sub? Looks like sub missing

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *