MENU

The Blacklist [S05 : E17] | ඇනා ගාර්සියා ඩුවර්ට්

සති තුනක විරාමයකින් පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පස්වෙනි සීසන් එක් 17 වෙනි කොටසයි. අද කතාව ගැන කියන්න කලින් පසුගිය කොටස්වල සිදුවීම් ගැන මකත් කරලාම ඉන්නම්කෝ. මේ වෙනකොට ලිස් හොයාගන තියෙන්නේ ටොම්ව ඝාතනය කරපු කෙනා කවුද කියලා. හැබැයි එයාට තියෙන ගැටලුව තමයි ඉයන් ගාර්වි ඒක කලා කියලා ඔප්පු කරන්න බැරි එක. හැබැයි පසුගියකොටසේදී ලිස් ඇතුළු FBI කණ්ඩායමට ඇසින්දුටු සාක්ෂිකරුවෙක් හමුවුනා, ඉයන් ගාර්වි සින්ගල්ටන්ව මරනවා දැකපු. ඒත් එයාලා එයාව නීතිය ඉදිරියට ගෙනත් චෝදනා ගොනු කරන්න කලින් රෙඩින්ටන් එයාව පැහැරගන යනවා. හැබැයි තවමත් ලිස් දන්නේ නැහැ රෙඩින්ටන් තමයි මේක කලේ කියලා. රෙඩින්ටන් මේ සාක්ෂිකරුවා මාර්ගයෙන් ඉයන් ගාර්විව හමුවෙලා අර අස්ථි පද්ධතිය තියෙන බෑග් එක ගන්නයි හදන්නේ. හැබැයි ගාර්වි ලේසියෙන් ඒක දෙන්නේ නැහැ. මොකද ඒක දුන්නොත් එයාගේ මරණය තමයි කියලා එයා දන්නවා. ඇත්තටම මේ අස්ථි පද්ධතිය කාගෙද? අද කතාව බැලුවම මට හිතෙනවා ඒක ලිස්ගේ අම්මා, කැටරීනා රස්ටෝවගේ වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි කියලා. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

හොදයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පටන් ගන්නේ මිනීමැරුමකින්. රෙඩින්ටන්ට නෑෂ් සින්ඩිකේට් එක ගැන තොරතුරු ලබාදෙන්න හිටපු පුද්ගලයෙක් එයා එක්ක කතා කර කර ඉද්දිම මරලා දානවා. හැමෝම හිතන්නේ ඒකට හේතුව එයා රෙඩින්ටන්ට නෑෂ් එක ගැන තොරතුරු දෙන්න හදපු එක කියලා. ඒත් සැබෑවට ඒකට හේතුව දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. සැබෑවටම මේ ලෝකයේ කාන්තාවන්ට අත්දකින්න වෙන ඉතා ශෝචනීය තත්වයක් වටා තමයි අද කතාව ගෙතිලා තියෙන්නේ. එහෙමනම් කතාව බලන්නකෝ. අදවත් ගාර්විව අල්ලගනීවිද…???

මීළඟ කොටසින් නැවත හමුවෙමු

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 230MB |    

9930482A6160462371BAA4841D6C37D5D92169B1

Direct Download   

| HDTV | x265 | 720p | 237MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *