MENU

The Blacklist [S06 : E18] | බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා

06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ් එස්ටේට් කියන්නේ 1%ට එරෙහිව 99%යේ කණ්ඩායමක් කියල. සරලවම කිව්වොත් දුප්පතුන්ට එරෙහිව ධනවතුන්. ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ධනවත් අයගෙ උරුමක්කාරයෝ එහෙම නැත්නම් එයාලගෙ ලමයි තමන්ගේ දෙමව්පියන් බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න දෙයක් තමා උනේ. ඇනා මැක්මහන් ගෙ කුමන්ත්‍රණයට මේ කණ්ඩායමේ සම්බන්ධයක් ඇති කියන සැකය නිසා තමා රෙඩින්ටන් හා කාර්ය බලකාය මේක පස්සේ ගියේ. ඒත් අන්තිමට ඇනා මැක්මහන් ඇයගැන හොයන එක මගහරින්න කරපු දෙයක් කියලා තමා දැනගන්න ලැබුනේ.අනිත් දේ තමා ඇත්තටම රෙඩින්ටන් කියන්නේ කවුද කියන එක. නියෝජිත රෙස්ලර් ඒ ගැන තාමත් හොයනවා. ඇත්තටම කිව්වොත් රෙස්ලර් ඒකට හුගක් ලං වෙලා කියල තමා අපිට නම් පේන්නේ.

කොහොම උනත් අද කොටසේ ඒක බලාගන්න පුලුවන් වෙයි. රෙඩින්ටන්ව පොලිසියට අල්ලල දුන්න ප්‍රශ්නෙත් තාම ඉවරයක් නෑ.. මොකද තාම රෙඩින්ටන් දන්නේ නෑ ඒක කරේ එලිසෙබෙත් කියල. අද කොටසින් ඒකත් බොහෝදුරට ඉවර වෙයි කියල හිතන්න පුලුවන්. අද කොටස ගැන තවදුරටත් කියනවනම් මාතෘකාව වෙලා තියෙන්නේ “බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා” කියල. ඇත්තටම මේක අර කියපු කුමන්ත්‍රණයට සම්බන්ධ ද නැද්ද කියන්න නම් කතාව බලලම ඉන්න වෙනවා. කොහොම උනත් පුංචි හැදින්වීමක් කරොත් බ්‍රොක්ටන් විශ්ව විද්‍යාලයේ අමුතු විදියේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක උනා. ඒකට වැරදිකරු උන කෙනාට දඩුවම් නියම උනා. ඒත් හදිසියේ ම ඒ ආකාරයටම තවත් මීනීමරුමක් සිද්ධ වෙනවා. මිනීමැරුම් ගැන සදහන් කරොත් මේ අයව ඝාතනය කරලා තියෙන්නේ අධිශීතකරණයට ලක් කරල. සරලවම සීතලෙන් ගල් කරලා පිලිමයක් විදියට සරසල. ඉතින් රෙඩින්ටන් මේ ගැන කාර්ය බලකායේ අවධානයට ලක් කරනවා…එතනින් පස්සේ වෙන දේ එහෙනම් බලලම ඉන්නකො.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | XviD | SD | 275MB | 

Direct Download

| WEB | x265 | 720p | 140MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *