කලින් කොටස බැලුවනම් ඉතින් අද කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. අවසාන කොටසට තමා ඇවිත් ඉන්නෙ. 6’වන කතා මාලාව කෙටියෙන් විස්තර කරොත්,
කතා මාලාව පටන් ගන්නේ රෙඩින්ටන් ඇත්තටම රෙඩින්ටන් නෙමෙයි කියන දේ එක්ක. ලිස් සහ එයාගෙ සහෝදරිය එකතු වෙලා එයා ඇත්තටම කවුද කියන එක හොයාගන්න උත්සහ කරනවා. ඒ උත්සහයේ ප්‍රතිඵලයක් විදියට රෙඩින්ටන්ව අත් අඩංගුවට පත් වෙනවා. රෙඩින්ටන්ව පොලිසියට අල්ලල දෙන්නේ ලිස්. එහෙම කරන්නේ රෙඩ් ගැන ඇත්ත හොයාගන්න ලේසි වෙයි කියල. හැබැයි නොසිතූ විදියකට රෙඩින්ටන්ට මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න හදනවා. හැම කෙනාම බලාපොරොත්තු අත් හැරලා ඉන්න මොහොතේ කූපර් ජනාධිපති එක්ක වාද කරලා රෙඩින්ටන්ව බේරගන්නවා. රෙඩින්ටන්ට මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ගිය නිසාම එලිසෙබෙත් රෙඩින්ටන් ගැන හොයන එක අතහැරලා දානවා. රෙඩින්ටන් රාජ්‍ය කුමන්ත්‍රණයක් ගැන විස්තර දන්නවා කියල කිව්ව නිසා තමයි රෙඩින්ටන්ට නිදහස ලැබෙන්නේ. ඊට පස්සේ කතාව සම්පුර්ණයෙන් දිග හැරෙන්නේ මේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්.
රෙඩින්ටන් එලියට ආවට පස්සෙ එයාව පාවා දුන්නේ කවුද කියන එක ගැන හොයාගන්න උත්සහ කරනවා. ඩෙම්බෙට දැනගන්න ලැබෙනවා එහෙම කරේ ලිස් කියල. හැබැයි ඒක රෙඩින්ටන්ට කියන්නේ නෑ. හැබැයි කොහොම හරි ඒ ගැන රෙඩින්ටන්ට එලිසෙබෙත්ම කියනවා. ඒ ප්‍රශ්න නිසාම ඩෙම්බේ රෙඩින්ටන්ව දාලා යනවා. ඔය අතරතුර රෙස්ලර් රෙඩින්ටන් ගැන හොයානවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එලිසෙබෙත්ගෙ සීයව හොයාගන්න පුලුවන් වෙනවා. රෙස්ලර්ට එතනින් එහාට යා ගන්න බැරි උනත් එලිසෙබෙත් සීයව හම්බෙන්න යනවා. ඒ කලින් සීයා කියල දන්නේ නැති උනත් එයාව දැනගෙන හිටපු නිසා. ලිස්ට සීයා රෙඩින්ටන් ගැන සම්පුර්ණ විස්තරයක් කියනවා. ඒත් රෙඩින්ටන් සහ සීයා අතර සිදුවෙන කතාබහින් අපිට දැනගන්න ලැබෙන්නේ ඒ කතාව ඇත්තක් නෙමෙයි කියල. කොහොම නමුත් ඔය සියලු සිදුවීම අස්සේ ටිකෙන් ටික ඇනා මැක්මහන් ගෙ කුමන්ත්‍රණය ගැනත් එලිදරව් වෙනවා. කුමන්ත්‍රණය ගැන සාක්ෂි තියෙන ලේඛනය හොයාගන්න පුලුවන් වෙනවා. කාර්ය බලකාය විශ්වාස කරන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියල. ඒත් ඒ ලේඛනය කාර්ය බලකාය අතට පත්වුන නිසාම ඇනා මැක්මහන් කාර්ය බලකාය තමන්ගෙ යටතට අරගෙන කට්ටියම අත් අඩංගුවට ගන්නවා. හැබැයි එලිසෙබෙත් එතනින් බේරෙනවා.
අද කතාව පටන් ගන්නේ එතනින්. එතනින් එහාට අද කතාව ගැන කිසිම දෙයක් විස්තර කරන්න ඕනේ නෑ කියල තමා මම නම් හිතන්නේ. අඩු පාඩු, හොද නරක හැම දෙයක්ම එක්ක 6වෙනි කතා මාලාව අවසානයි. කතා මාලාව පුරාම රැදී සිටියාට හැමෝටම ස්තූතියි.
ඊලග කතා මාලවෙන් හමුවෙනකන් හැමෝටම ජය වේවා!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
One thought on “The Blacklist [S06 : E22] | රොබට් ඩියෑස්…”
s 7 dan nadda akke .pissuwan inne