MENU

The Dragon Prince [ S01 : E03-E04 ]| ලේ පිපාසය සහ ඇහැට ඇහැක්..!

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 03 සහ 04 කතාංගයන් දෙක. ඉතිං මුල් කොටස් දෙක බැලුවනම් දන්නවනෙ මොකද වුණේ කියල. අන්ධකාර මායාව පාවිච්චි කරල මිනිස්සු මකර රජු මරල දානව. ඒ විතරක් නෙවෙයි ඔහුගේ උරුමකරු වුණු මකර කුමරුගෙ බිත්තර විනාශ කරනව. මේකට ලෙයින් පලිගන්න තමයි මූන්ශැඩෝ එල්ෆ් කණ්ඩායම එන්නෙ. හැබැයි මෙතනදි රෙයිලා කරන ලොකු වරදක් නිසා මිනිස්සු දැනගන්නව එල්ෆ්ල කටෝලිස් රාජ්‍යයට ඇවිල්ල ඉන්නෙ කියල. මේ නිසා පුදුම කිරීමේ වාසිය එල්ෆ්ලගෙන් ගිලිහිලා යනව. ඒ අතරෙ තමයි රෙයිලා තනියම මෙහෙයුමක් දියත් කරන්නෙ. මේ ගමනෙදි තමයි ඇයට කැලම් සහ එස්‍රන් හමු වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි ඇයට මකර බිත්තරය සුරක්ෂිතව තියෙනව කියලත් හොයාගන්න ලැබෙනව. ඉතිං කොහොමහරි මේ බිත්තර ගැන රුනාන්ට විස්තර කිව්වත් ඇයට රුනාන්ගෙ ඇහැට ඇහැක් මෙහෙයුම නවත්තන්න බැරි වෙනව.

ඔන්න ඉතිං අද සටන ඇවිලිලා යනව. මෙතනදි හැරෝ රජුට සහය වෙන සෙනෙවියෙක් ඉන්නව. ඒ තමයි වෙරන්. වෙරන් කියන්නෙ අඳුරු මායාව ප්‍රගුණ කරපු ප්‍රබල මන්ත්‍රකාරයෙක්. ඒ වගේම තමයි ඔහුගේ දියණිය ක්ලෝඩියා. මකර බිත්තර ගැන රජුට කියන්න කැලම් උත්සාහයක් දැරුවත් ඔහුට රජු ලඟට යන්න තිබුණු ඉඩ වෙරන් විසින් වලක්වනව. ඒකෙන් මේකෙන් වෙන්නෙ බිත්තරයේ වගකීම කැලම්, එස්‍රන් සහ රෙයිලා මතට වැටීම. ඔවුන් බොහොම භයානක තීරණයක් ගන්නව. ඉතිං මේක දීර්ඝ සංචාරයක ආරම්භ සනිටුහන් කරනව. ඇතිනෙ විස්තර කිව්ව. එහෙනම් ඊලඟ කොටස් දෙකත් අරගෙන මම ඉක්මනට එන්නම්.ජය වේවා

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 1.6GB | S01

Direct Download

| WEBRip | x265 | 720p | 70MB | E03|

| WEBRip | x265 | 720p | 70MB | E04|

| WEBRip | x264 | 720p | 1.6GB | Complete S01 |

| WEBRip | x265 | 720p | 650MB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *