Stree (2018)
A Gentleman (2017)
Happy Ending (2014)
Go Goa Gone (2013)
මේ චිත්‍රපටි හතර ගැන අහලා තියෙනවද?
බලලා තියෙනවද?
එහෙනම්, සමහරවිට මේ චිත්‍රපට හතර පිටිපස්සෙ ඉඳපු,
Raj Nidimoru සහ Krishna D.K. ගැන අහලා ඇති නේද?
නැද්ද…?
අහලා තිබුණා හෝ නැතා,
ඔබ මේ සූදානම් දෙන්නෙ ඒ දෙදෙනාගේ තවත් වික්‍රමයක් දැකබලා ගන්නයි.
ඔබට ක්‍රියාදාම ඕනෙද?
දෙන්නම්!
ඔබට ඇඩ්වෙන්චර් ගතිය ඕනෙද?
දෙන්නම්!
ඔබට ත්‍රාසය/භීතිය ඕනෙද?
දෙන්නම්!
ඔබට කුතුහලය ඕනෙද?
ඕනෙවටත් වැඩිය දෙන්නම්!
ඔබට රහස් පරීක්ෂක ගතිය ඕනෙද?
අපොයි දෙන්නම්!
ඔබට කොමඩි ගතියත් ඕනෙද?
ඒකත් එහෙනම් දෙන්නම්!
කෙටියෙන්ම කියනවා නම්…
මේක ඕනෙම විදියක කෙනෙක්ට, ඕනෙම ආකරයකින් ගැලපෙන්න හදපු එකක්!
එහෙනම් අච්චාරුවක් වගේ ඇති නේද?
සමහරු එහෙම කියන්නත් බැරි නෑ.
හැබැයි, මේ අච්චාරුවට මේ වෙද්දි Imdb මීටරය 8.7ක් වෙනකම් කරකවන්න පුලුවන් වෙලා තියෙනවා මහත්තයො!
මනාප ජන්ද 500කින් 1000කින් වගේ වෙන්න ඇති 8.7ක් ගන්න ඇත්තෙ?
ඔය අගයවල් ඉස්සරහට යද්දි තව ගොඩාක් බහිනවා.
තවත් කෙනෙක් එහෙමත් කියන්න බැරි නෑ!
මනාප ජන්ද 500කින් 1000කින් නෙමෙයි…
මදි නොකියන්න 10000+ මනාප සංඛ්‍යාවකින් තමයි Imdb මීටරය 8.7ක් වෙනකම් කරකවලා තියෙන්නෙ මහත්තයො!
එහෙමද? හැබැයි, ඔය වගේ අගයවල් තියෙන කතා දැන් සාමාන්‍ය දෙයක් වෙලා.
කොහේදෝ ඉඳලා තවත් කෙනෙක් කියන්න බැරි නෑ.
දෙයියන්ගෙ නාමෙට දැන්වත් ඔය ආඩපාලි කියන එක නවත්තගන්න…
මේක Top Rated TV ලැයිස්තුවට රිංගලා,
ඒ ලැයිස්තුවේ 187 වෙනි ස්ථානය තමන්ගෙ නමට ලියාගත්තු,
Sacred Games වලින් පස්සෙ ඉන්දියාව නිශ්පාදනය කරපු විශිෂ්ඨතම කතා මාලාව කියලා,
බය නැතුව ඕනෙ තැනක කියන්නම්.
Breathe, Mirzapur ඔබට තිලිණ කරපු Amazon Prime ආයතනයේ තවත් පංකාදු පහේ වැඩක් මේක!
ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ,
බොලිවුඩ් සිනමාව සතු අංක එකේ අද්විතීයම සහ අති දක්ෂම රංගධරයෙකු වන Manoj Bajpayee විසින්.
කුණු ගොඩක් නම්, හොඳයි කියලා, නියමයි කියලා, රවට්ටලා දෙන්නෙ නැහැ වගේම,
සුපිරියක් නම්, මගනොහැරිය යුතු එකක් නම්, බලෙන් හරි බලවන්න දෙපාරක් හිතන්නෙ නෑ!
මේකත් ඒ වගේම සුපිරියක්! මගනොහැරිය යුතුම එකක්!
ඒ නිසා, වාසනාවක් කියලා අංශු මාත්‍රයක් හරි තියෙනවා නම් හිත හිතා ඉන්න එපා!
වගකීමෙන් කියනවා, මේක මගහැර ගන්නවා කියන්නෙ…
කතා දෙකක් නෑ, පෙර ආත්මයක ඔබ කරලා ඇති මෙච්චරයි කියලා කියන්න බැරි තරමෙ පාපයක්!
තවමත් බලන්න හිතුණෙ නැද්ද?
කමක් නැහැ. හිත හදාගන්න!
ඒ වගේම, මතක ඇතුව පිං අතේ වැඩ ටිකක් කරගන්න!
මතු ආත්මවලදි මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ මගහැරගන්න සිත් පහල නොවේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරන්න!
මුලින්ම කියන්නම්, ඔබ බලාපොරොත්තු වෙන්නෙ මසාලා ටයිප් එකේ කතාවක් නම්, අහිතක් හිතන්නෙ නැහැ දැන්මම හැරිලා යන්න. මේ ඒ වගේ අයට හරියන තැනක් නෙමෙයි. ඔබ හොයන්නෙ, පොලවෙ පයගහලා ඉන්න සාමාන්‍ය මිනිස්සු ඉන්න කතාවක් නම්, එහෙනම් ඔබ ඇවිත් ඉන්නෙ හරිම තැනට. වීරයා ඇවිල්ලා සීයකට විතර තනියෙන් ගේම දෙන්නෙ නැහැ. මල් ගස් වටේ අත් අල්ලගෙන නටන මල් සිංදු නැහැ. කීයකටවත් වෙන්න බැරි විදියෙ ගොබ්බ තර්ක නැහැ. කොටින්ම, මේක පුහු ආටෝප වලින් තොර, ඇත්ත ලෝකයේ කතාවක්. හැබැයි, එහෙමෙයි කියලා ඔබ හිතනවා නම් මේක හෙන කම්මැළි ඇති කියලා, අන්න ඔබට වැරදිච්ච තැන. පලවෙනි කතාව නිකමට බලන්න. වගකීමෙන් කියනවා, ඔබ පලවෙනි කතා සමයෙ කොටස් දහයම බලලයි නවතින්නෙ.
සිරියානු බිමෙහි ISIS ත්‍රස්ත පුහුණුව ලැබූ ත්‍රස්තයින් තිදෙනෙක්…
සියල්ලන්ගේම ඇස් වසමින්, මුහුදු බඩ මාර්ගය ඔස්සෙ ඔවුන් ඉන්දීය අර්ධද්වීපයට ඇතුලූවීමට උත්සාහ දරණ්නේ කුමකටද?
ඉන්දීය වෙරලාරක්ෂක සේවයේ ග්‍රහණයට හසුවූවත්,
ඉන් මිදී පයා යෑමට මෙම ත්‍රස්තයින් තිදෙනා සමත් වෙනවා!
නමුත්, ඒ වන විටත් ඉන්දියානු රහස් ඔත්තු සේවයට ඔවුන්ගෙ ඉව දැනී අවසානයි.
ඉන්දියානු රහස් ඔත්තු සේවයේ කීර්තිමත්ම රහස් නියෝජිත ශ්‍රීකාන්ත් තිවාරි සිය දඩයම ආරම්භ කරනු ලබනවා!
නමුත්, ඔහු මේ හඹා යන දඩයම…
ඔහු සිහිනෙන් හෝ නොසිතන, නොපතන අන්දමේ බිහිසුණු මාවතක් විවර කරනු ලබනවා!
යකෝ! ඕකද එතකොට කතාව? ඕක ඇවිල්ලා සාම්ප්‍රදායික කතාවක්නෙ. ඔය වගේ කතා අපි ඕනෙ තරම් බලලා තියෙනවා. එහෙම හිතෙනවා නම්, මේකත් මතක තියාගන්න. ඔය තියෙන විස්තරයේ කතාවෙන් සීයට දශම එකක්වත් අන්තර්ගත වෙන්නෙ නැහැ. වගකීමෙන් කියනවා, කතා මාළාවෙ අවසානයක් වෙනකම් ඔබටවත් හිතාගන්න බැරිවේවි ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ කියලා. මොහොතින් මොහොත ඔබ අනුමාන ගොඩනගාවි මෙන්න මේකයි කතාවෙ ඉස්සරහට වෙන්නෙ කියලා. හිතවත් මිතුරු මිතුරියනි, ඔබට පොඩි අවවාදයක් දෙන්නම්. ඔබ ඕනෙම දෙයක් කරගන්න. ඒකට මගේ අමනාපයක් නැහැ. හැබැයි, කතාව අනුමාන කරන්න ගිහිං අන්තිමට දුක් වෙන්න වැඩ සිද්ධකරගන්න එපා. මොකද, ඔබට පෙනෙන දේ නෙමෙයි ඇත්තටම සිද්ධවෙන්නෙ! ඔබ හිතන දේ නෙමෙයි අන්තිමට සිද්ධවෙන්නෙ! ඒ නිසා, පණපිටින් මැරි මැරී මේ කතාව රසවිඳින්න! එපමණයි ඔබට අවසර!
අවසාන වශයෙන් කියන්නම්, මේ වෙනකොට පලමු කතා මාළාවෙ කොටස් දහයටම සම්පූර්ණයෙන්ම උපසිරැසි ගන්වා අවසානයි. අද පටන්, පුරා දින දහයක්, හරියටම හවස 4ට බයිස්කෝප් සිංහලෙන් අපත් සමගින් අත්වැල් බැඳගන්න. දිනකට එක කතාංගය බැගින්, දවස් දහයෙන් සම්පූර්ණ කතා මාළාවම ඔබ අතට පත්කරන්න මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර හමාරයි. අතිශයින් ඇබ්බැහිවෙනසුළු මේ වගෙ කතාවක් ප්‍රේක්ශකයෙක් විදියට දවස් දහයක් අදිනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා දන්නවා. ඒත්, ටිකක් ඉවසන්න පුරුදු වෙන්න. මේ දවස් දහය ඔබටත් නොදැනීම අසුරු සැණින් ගෙවිලා යාවි. නිකංම නෙමෙයි. කාලාන්තරයකට අමතක නොවෙන කතා මාළාවක් ඔබගේ මතකයේ ඉතුරු කරමින්!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.8GB | Complete S01
Direct Download
| WEB | x264 | 480p | 150MB |
| WEB | x264 | 720p | 460MB |
| WEB | x265 | 720p | 320MB |
| WEB | x264 | 480p | 1.2GB | Complete S01
| WEB | x264 | 720p | 3.3GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
4 thoughts on “The Family Man S01E01 | ලේ පිපාසිත සුල්ෆිකාර් මෙහෙයුම! (18+)”
Thank you so much.
Can you upload the full season to openload also?
Userdrive downloads are very slow these days.
Appreciate your work.
web 720 thibbata sub aul
Baiscope me torrent link eken download kala but sub not working properly
https://x1337x.eu/torrent/4006655/The-Family-Man-S01-2019-Hindi-720p-WEBRip-DD-5-1-ESubs-x264-Linkztagram/
could you pls correct sub and email me. really appriciate.
Link wada naha ne