සැවටාර් කවුද කියලා කියලා දැනගෙන ෆ්ලෑෂ් එයාව හම්බවෙන්න ගියානේ. ඒ වෙලාවේ සැවටාර් එයාගේ ඇදුම ගලවලා එලියට ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බෙරීමයි. හැබැයි එයා අනාගතයෙන්. ඒ විතරක් නෙවෙයි එයා කාල අවශේෂයක්. ඉතින් මේ වැඩේ සැවටාර් සැලසුම් කරලා කරපු දෙයක්. මොකද සැවටාර් ඇතිවෙන්න නම් ඇත්ත බෙරී තනිකමෙන් ඉදලා එයාට හැමදෙයක්ම එපා වෙන්න ඕනි. ඉතින් ඒ නිසයි මේ කාල අවශේෂය අයරිස්ව මරන්න හදන්නේ. කොහොම හරි බෙරී මෙයාට පහර දෙන්න හදනවා. ඒත් එයාගේ අර සූට් එක නිකන්ම පහර දිලා එතනින් පැනලා යනවා.
මේ හැමදේම අතරේ ට්රේසි අර ස්පීඩ් ෆෝර්ස් උගුල හදන වැඩේ කරගෙන යනවා. හැබැයි ඉතින් ඒක වෙන්නේ ගොඩක් හිමින්. ඒ වුනත් H.R නිසා එයාට ගොඩක් උදව් ලැබෙනවා අලුත් දේවල් හිතන්න. ඒ වගේම පේන විදියට එයාලා දෙන්නා ආදරයෙන් ඉන්නෙ වගේ. දැන් ඉතින් සැවටාර් කියන්නේ කවුද කියලා මෙයාලාට දැනගන්න ලැබුනා. හැබැයි ඉතින් එයාව නවත්වන්න නම් එච්චර ලේසි වෙන්නෙ නෑ කියලා ටීම් එකටම තේරෙනවා. ඒ මොකද සැවටාර් කියන්නේ බෙරීගේ අනාගතයේ කොපියක්. ඒ කියන්නේ මේ වර්ථමානයේ ෆ්ලෑෂ් කරන කියන හැමදෙයක්ම එයා දන්නවා. ඒ නිසා මෙයාලා මොනවා කලත් සැවටාර්ට ඒ හැමදේම මතකයි. ඉතින් එහෙම තියෙද්දි මෙයාලා කොහොමද සැවටාර්ව නවත්වන්නේ?
ඒ වෙලාවේ තමයි සිස්කෝට අදහසක් එන්නේ. වෙන මොකුත් නෙවෙයි බෙරීගේ මතකය නැති කරලා දාන්න. සම්පුර්ණයෙන්ම නෙවෙයි. දැන් වෙන දේවල් ස්ථිර මතකයට යන්නෙ නැති වෙන්න. මේ වැඩේට කේට්ලන් තමයි හොදම කෙනා වෙන්නේ. ඒ වුනත් එයා නැති නිසා සිස්කෝ ඒ වැඩේ කරනවා. ඉතින් සුපුරුදු පරිදි වැඩේ වරදින එක තමයි වෙන්නේ. බෙරීගේ දැන් මතකය විතරක් නෙවෙයි ඉස්සර මතකයත් සම්පුර්ණයෙන්ම නැති වෙනවා. එයාගේ නම පවා අමතක වෙනවා. කොහොම හරි බෙරීගේ පරණ පිංතුර පෙන්නලා එයාව සංසුන් කරනවා. මේ වෙලාවේ තමයි ටිම් එක කබලෙන් ලිපට වැටෙන්නේ. බෙරී ඉස්සර වැඩ කරපු කේස් එකක නඩුවක සාක්ෂි දෙන්න වෙලා තියෙනවා. හැබැයි හරියට සාක්ෂි දුන්නේ නැත්නම් කූලේජ් කියන දරුණු අපරාධකාරයා නිදහස් වෙනවා. සාක්ෂි දෙන එක කොහොම හරි කරගෙන යන්න මෙයාලා පටන් ගන්නවා. හැබැයි ඉතින් මගදි සාක්ෂි දෙන එක අවුල් යනවා. ඒ නිසා කූලේජ් එතනින් නිදහස් වෙනවා. ඒ වෙනුවෙන් බෙරීටවත් ටීම් එකටවත් කරන්න කිසිම දෙයක් නැති වෙනවා.
ඔය අතරේ බෙරීගෙයි අයරිස්ගෙ ආදරය තව තව දළු දානවා. මොකද බෙරීට එයාගෙ හිතේ තිබුන කිසිම බරක් මතක නැති නිසා එයා ගොඩක් සතුටින් ඉන්නවා. එයාලා දෙන්නා විහිලු කරනවා. ඒ වගේම ආදරය කරනවා. ඉතින් මේ වෙනසට අයරිස් ගොඩක් කැමති වෙනවා. එයා බෙරීව ආපහු හිටපු තත්වයට පත් කරන්නත් කැමති වෙන්නේ නෑ. ඔය වෙලාවේ තමයි මේ බෙරී එයාට බලයක් තියෙනවා කියලා දැනගන්නේ. මොකද එයාට මේ වෙනකන් ඒක අමතක වෙලා තිබුනේ. මේ වෙලාවේ ඒක කියන්න ලැබ් එකට එද්දි තමයි කේට්ලන් නැත්නම් කිලර් ෆ්රොස්ට් ලැබ් එකට එන්නේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි බෙරීගේ මතකය නැති වුන නිසා සැවටාර්ගෙත් මතකය නැති වෙලා. ඒ නිසා වොලිගේ මතකයත් නැති වෙලා. මොකද සැවටාර්නෙ වොලිට බලය දුන්නේ. ඒ නිසා කේට්ලන් ටිම් එකත් එක්ක එකතු වෙලා බෙරීගේ මතකය ආපහු දෙන්න වැඩ කරන්නයි යන්නේ.
කේට්ලන් අතේ දුරින් වැඩ කරන්න හැදුවත් සිස්කෝ එයාට පරණ දේවල් මතක් කරලා පරණ කේට්ලන්ව ආපහු මතු කරගන්න බලනවා. හැබැයි ඉතින් ඒක හරියන්නේ නම් නෑ. ඔය අතරේ තමයි නඩුවෙන් බේරුන කූලේජ් ආයෙමත් පිස්සු නටන්න පටන්ගන්නවා. එයා බිල්ඩින් ගිනි තියන්න පටන් ගන්නවා. බෙරීට මතකය නැති නිසා එයාට පරණ ෆ්ලෑෂ් විදියට වැඩ කරන්න වෙන්නේ නෑ. ඒත් එයා ඒ තැනට යනවා. ඒ වෙලාවේ තමයි කේට්ලන්ට එයාගේ මතකය ගන්න විදිය මතක් වෙන්නේ. ඉතින් කොහොම හරි බෙරීට ආයෙමත් මතකය ලැබෙනවා වගේම එයා කූලේජ්ව කොටු කරලා මිනිස්සුන්ව බේරාගන්නවා. ඉතින් බෙරීට මතකය එන නිසා සැවටාර්ටත් ආයෙමත් එයා කවුද කියන එක මතක් වෙනවා. ඉතින් දේවල් ආයෙමත් තිබුන විදියටම පත් වෙනවා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 186MB |
cfdbe66101ef77d8b605d700758eff946136452c
| HDTV | x264 | SVA | 342MB |
0a837462467b2df08c68dde1c65dfc01e1ec3f01
| HDTV | x264 | 720p | 1GB |
224d84707bf7a231be069724749be711ecefafac
| HDTV | x265 | 720p | 135MB |
8005dcdfdb837ef4da52247e0b00682101b1c36b
3 thoughts on “The Flash [S03 : E22] | වීදිය.”
Supiri.ikmanin sub eka denna.☺️☺️☺️
thank…you
Thanks !!!!!!!!!!!!!