MENU

The Flash [S04 : E08] | නාසියන් සමඟ සටන – තෙවන කොටස

ඉතින් මේ සතියේ ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි කොටස අරගෙන තමයි මම ආවේ. ලොකු විස්තරයක් නම් ලියන්න බැරිවෙයි ස්වභාව ධර්මය අපිට සරදම් කරන නිසා. ඇත්තම කිව්වොත් මේ අයහපත් කාලගුණය නිසා මේ ලිපිය ලියන්නෙත් බොහොම අමාරුවෙන්. විදුලි බලය නොමැති වීම තමයි ලොකුම ගැටළුව. ඒත් ලබන සතියේ මුළු ක්‍රොස් ඕවර් එක ගැනම හොඳ විස්තරයක් ලියලා දාන්නම්.

Earth-X එහෙම නැත්නම් 53 වෙනි පෘථිවියත් අය සහ පලවෙනි පෘථිවියේ අය අතර ගැටීමක් තමයි මේ ක්‍රොස් ඕවාර් කතා පෙලේ සිද්ධවෙන්නේ. පලවෙනි කොටස විදියට සුපර් ගර්ල් අටවෙනි එපිය , දෙවන කොටස විදියට ඇරෝ අටවෙනි එපිය ඔයාලා පිලිවෙලට බලන්න ඇති කියලා හිතනවා. ඉතින් කට්ටිය හැමෝම එකට එකතු වෙනවා බෙරි සහ අයිරිස්ගේ විශේෂ දිනය වෙනුවෙන්. ඉතින් වෙනදා වගේම මොකක්හරි වැඩකට අතගැහුවා විතරයි කොහෙන් හරි හෙන ගෙඩියක් පාත්වෙනවා වගේ, නාසියෝ කට්ටියක් බෙරිගේ විවාහ මංගල්‍යය තියන තැනට කඩන් පාත් උනා. හැබැයි මේ වතාවේ නම් ලේසි කට්ටියක් නෙමෙයි අභියෝග කරන්න එන්නේ. earth-x වල ඉන්න ඇරෝ, සුපර්ගර්ල් සහ තෝන් ඇතුළු නාසි හමුදාවක්. ඉතින් පලවෙනි පෘථිවයට වඩා එහේ තත්වය වෙනස්. සුපර් ගර්ල් සහ ඇරෝ තමයි ලොක්කෝ දෙන්නා. තෝන් පවා ඒ දෙන්නාට සේවය කරනවා. ඉතින් මේ කට්ටිය එකපාරම ආපු හේතුව තමයි සුපර් ගර්ල්. එහෙම නැත්නම් කාරා. earth-x වල ඉන්න සුපර් ගර්ල් මිය යමින් ඉන්නේ. ඉතින් එයාලා එන්නේ පලවෙනි පෘථිවියේ ඉන්න සුපර් ගර්ල්ගේ හදවත අරන් එයාලාගේ කෙනාට බද්ධ කරන්න.

ඉතින් කොහොමින් කොහොමහරි earth-x වලින් ආපු ඇරෝ, සුපර් ගර්ල් සහ තෝන් පලවෙනි පෘථිවියේ සුපර්ගර්ල්ව අල්ලගන්නවා. ෆ්ලෑෂ්, ඇරෝ, සාරා, ග්‍රේ, ඇලෙක්ස් සහ ජෙෆර්සන්ව අල්ලගෙන earth-x වලට ගිහින් හිර කරනවා. එයාලාගේ බල පාවිච්චි කරන්න බැරි වෙන්න හැමෝටම එක්තරා විදියක කරපටියක් දාලා තියෙන්නේ. ඉතින් තෝන් හදන්නේ සුපර්ගර්ල්ගේ හදවත එලියට අරගෙන earth-x පෘථිවියේ ඉන්න සුපර්ගර්ල්ට බද්ධ කරන්න. එතකොට සුපර්ගර්ල්ව බේරගන්න සුපිරි වීරයෝ කවුරුවත් පලවෙනි පෘථිවියේ නෑ. මොනවායින් මොනවා වෙයිද ? කතාව බලන්න ඔයාලාට බාරයි.

ඉතින් පොඩි ව්ස්තරයක් විතරයි ඔයාලාට කියන්න පුලුවන් උනේ. මතක ඇතුව ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එපියත් බලන්න. ඊලඟ සතියේ හොඳ විස්තරාත්මක ලිපියක් එක්ක ෆ්ලෑෂ් කතාමාලාවේ නමවෙනි කොටසින් මුනගැහෙමු.

හැමෝටම ජය!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 317MB |

A69434A16B9D4F09FD6DFF6F17E9C961CAE4828C

| HDTV | x264 | 720p | 1.2GB |

2EFDF2F88FA44A2513E61868944A9097D147587C

| HDTV | MkvCage | 720p | 320MB |

CE45FC69F0553F5A6E08233AFBA4788CEC961402

Direct Download

| HDTV | x264 | 480p | 196MB |      

    

| HDTV | x264 | SVA | 317MB |     

        

| HDTV | x265 | 720p | 202MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Flash [S04 : E08] | නාසියන් සමඟ සටන – තෙවන කොටස

  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • Sirekt dwulnlod karanna ba ne bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *