MENU

The Flash [S04 : E10] | නඩුව!

හොඳයි මිත්‍රවරුනි, ඔන්න පොඩි නිවාඩුවකින් පස්සේ ෆ්ලෑෂ් කතාව පටන්ගත්තා. කාගේ කරුමයක්ද දන්නේ නෑ මට කොහේහරි වැඩක් වැටුනොත් වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දවස් වලටමයි. එහෙම නැත්නම් වැඩ කරන තැන වැඩ වැඩි වෙනවා. ඉතින් කට්ටිය ප්‍රාර්ථනා කරන්න ඔය දවස් දෙකේ මට ලොකු වැඩක් සෙට් වෙන්න එපා කියලා ? අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉඳිමු.
වෙනදා වගේ ෆ්ලෑෂ් කණ්ඩායමටත් නත්තල උදා උනා. කවුරුත් දන්නවා ඩෙවෝයි නිසා ෆ්ල්ෂ්ට ලොකු කරදරයකට මූණදෙන්න වෙනවා කියලා. ඇමියුනට් බ්ලැක් ඇවිත් කේට්ලන්ව අරන් ගියා, එතකොට ඩෙවෝයි ෆ්ලෑෂ්ව පැහැරගත්තා. කණ්ඩායමේ හොඳම සාමාජිකයන් දෙන්නෙක් අඩුවුනා.ඉතින් කණ්ඩායමේ නායිකාව විදියට අයිරිස්ට තමයි තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ ප්‍රමාණවත් සම්පත් උපයෝගි කරගෙන ෆ්ලෑෂ් කේට්ලන් දෙන්නාගෙන් කෙනෙක්ව බේරගන්න. හැබැයි දෙන්නාම එකපාර බේරගන්න බෑ, මොකද ස්ටාර් ලැබ් එකේ තියෙන සම්පත් මේ දෙන්නා වෙනුවෙන්ම යොදවන්න තරම් ප්‍රමාණවත් නෑ. කොහොම උනත් අයිරිස් තෝරගත්තේ කේට්ලන්ව. මොකද ෆ්ලෑෂ් මොකක්හරි කරලා බේරෙන විත්තිය එයා දන්න නිසා. ඔතනදී තවත් මෙටා චරිතයක් එලියට ආවා. ඩොමිනික් ලාන්ස්.
ඩොමිනික් ලාන්ස්ගේ මෙටා හැකියාව තමයි අනික් අයගේ හිත් කියවීමේ හැකියාව. ඒත් එයා තමයි ඩෙවෝයිගේ ප්‍රධානම ගොදුර උනේ. ඔයාලා දකින්න ඇති ඩෙවෝයි එයාගේ සිරුරෙන් ඩොමිනික්ගේ සිරුරට මාරු උනා. පෙනුමින් ඩොමිනික් ලාන්ස් උනත් ඇතුලතින් ඉන්නේ ඩෙවෝයි. එතකොට ඩෙවෝයිගේ කලින් සිරුර පාවිච්චි කරලා ඩෙවෝයි ෆ්ලෑෂ්ව මිනීමැරුමකට කොටු කරනවා. ඉතින් කතාව අවසන් උනේ ෆ්ලෑෂ් ඩෙවෝයි මරලා දාලා හිටපු තැනේ ඉන්නකොට පොලිසිය ඇවිත් එයාව අත්අඩංගුවට අරගන්න සිදුවීමෙන්. අද කොටස ගැන ටිකක් කියන්නම්.
ඉතින් අද කතාව යන්නේ ෆ්ලෑෂ්ගේ මිනීමැරුම් චෝදනා නඩුව එක්ක. ෆ්ලෑෂ්ට නඩුවෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? ඒවගේම තමයි නඩුව යන අස්සේ තව මෙටා කෙනෙක් මතුවෙනවා. එයා එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. විකිරණශීලි මෙටා කෙනෙක්.හිතාගන්න පුලුවන් ඇතිනේ. එහෙනම් මේ විකිරණශීලි මෙටාව අල්ලගන්න හැටියි ෆ්ලෑෂ්ගේ නඩුවේ කෙලවරක් වෙන හැටියි ඔයාලාට මේ කොටසින් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 170MB |

0a4a1cbdc5ba4a4470689c9d73d28410d8ebf4ef

| HDTV | x264 | SVA | 269MB |

AF7D1330C626318649F7F2F498EC74BEDD6AB611

| HDTV | x265 | 720p | 222MB |

5e960b8767732da626ec6a66e80f278f7a179f41

Direct Download

| HDTV | x264 | 480p | 170MB |      

    

| HDTV | x264 | SVA | 269MB |     

        

| HDTV | x265 | 720p | 222MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Flash [S04 : E10] | නඩුව!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *