අපි මුලින්ම කලින් සතිය ගැන පොඩි මතක් කිරීමක් කරමු. බෙරි හිරේට ගියත්නගරයේ සිද්ධවෙන අපරාධ වලට ඉඩදෙන්න ෆ්ලෑෂ් ටීම් එක සූදානම් නෑ. ඉතින් ඇඟේබෝම්බයක් බැඳගත්තු මනුස්සයෙක් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක්ව තියාගෙන අමුතුවිදියේ ඉල්ලීම් කරනවා. කාර් එකක්, ප්ලේන් එකක්, සැලඩ් ? ඉතින් එයා ඔයඉල්ලීම් ටික පොලිසියට කියන අතරේ ඇදෙන යාළුවා රැල්ෆ් ප්‍රාණ ඇපකරුවෝ ටික හෙමිහිට එතනින් බේරගෙන මේ අපරාධකාරයාවත් අල්ලගත්තා.
බෙරි හිරගෙදර කියන්නේ ප්‍රශ්න ගොඩායි. එයා හිරේට යවපු තරහාකාරයෝ එහෙම ඒකඇතුලේ ඉන්නවා එයාගෙන් පලිගන්න බලාගෙන. ඉතින් බෙරිට මුණගැහෙනවා ඇලෙක්ස්වෝකර්ව. මිනිහා වතාවක් බෙරිගේ තාත්තාවත් පැහැරගෙන තියනවා. කොහොමහරි ඇලෙක්ස්ගේ අම්මා එයාව හොරෙන්ම හිරෙන් නිදහස් කරගන්නවා. එයාගේ අම්මා සෝයි ක්ලාර්ක්. ඇයට රසායන විද්‍යාවේ විශේෂ උපාධියක් පවා තියනවා. මේ අම්මයි පුතයි කලින් හිටපු අපරාධකාරයෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නා තමයි කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට මුහුණ දෙන්න උන අපරාධකාරයෝ උනේ. විශේෂයෙන්ම රැල්ෆ්ට.රැල්ෆ්ට කිසිදෙයකින් හානියක් කරන්න බැරි උනත් එයාට හානි කරන්න පුලුවන්ඇසිඩ් එකක් මේ අම්මයි පුතයි ලඟ තිබුනා. ඔයාලාට මතක ඇතිනේ.
ඉතින් බෙරිට හිරගෙදර ඇතුලේ පොඩි පොඩි කරදර සිද්ධවෙනවා. කට්ටියක් බෙරිටවැඩේ දෙන්න හැදුවත් ඒ අතරට බිග් සර් කියලා කෙනෙක් ඇවිත් බෙරිව ඒ අයගෙන්බේරගත්තා. බෙරිව බේරගන්න හේතුව තමයි බෙරිගේ තාත්තා මේ බිග් සර්ට කලින් උදව් කරලා තිබුන නිසා. ඉතින් බිග් සර් බෙරිව බේරගත්තා විතරක් නෙමෙයි බෙරිත් බිග් සර්ව කට්ටියකගෙන් ගුටිකන අතරතුරේ බේරගන්න නිසා මේ දෙන්නා අතරේ හොඳ මිත්‍රකමක් ඇතිවෙනවා.
මේ සතියේ කොටසේ ඔන්න තව බස් මෙටා කෙනෙක් අපිට දකින්න පුලුවන් වෙනවා. එයාට තියන බලය අනුව එයාට පුලුවන් ගොඩනැගිලි, වාහන, මිනිස්සු ඕනම දෙයක් පොඩි කරන්න. හකුලවන්න. හරියට නිකන් ගෙවල් වල ලස්සනට තියලා තියන පොඩි පිලිම වගේ. මෙයාගේ නම රන්ඩීන්. රන්ඩීන් එක්ක හැප්පෙන්න ගිහින් සිස්කෝ රැල්ෆ් දෙන්නාට හොඳ අකරතැබ්බයකටත් මූණදෙන්න සිද්ධවෙනවා. ඒක දැක්කාම ඉතින් හිනා යනවා. ඒවගේම තමයි අපි කවුරුත් දන්න කියන කෙනෙක්ට අපුත් මෙටා බලයක් ලැබෙනවා. එයා තමයි ජෝගේ බිරිඳ සෙසිල්. සෙසිට ලැබුන බලය මොකක්ද ? හකුලවන බලය තියන මෙටා සහ ෆ්ලෑෂ් ටීම් එක අතර මොනවිදියට දේවල් සිද්ධවෙයිද ? හිරගෙදර ඇතුලේ බෙරිගේ තත්වය කොහොමද ? මේ සේරම බලාගන්න පුලුවන් අද කොටසින්. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | KILLERS | 276MB |
32747387DD8CC646D6F40DF0C80F95DFB120EAA2
| HDTV | x264 | 720p | 373MB |
0AC5E26A3645634EF0B9D214F03B006CE311EAB5
Direct Download
| HDTV | x264 | 480p | 173MB |
| HDTV | x264 | SVA | 276MB |
| HDTV | x265 | 720p | 219MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “The Flash [S04 : E12]| හැකිලීම”
| HDTV | x265 | 720p | 219MB | extract wenna ne error ekak enawa.arrow ekath ehamai
eka oye mkkhri problem ekk.mewa okkma extrct wenwa mn dn bluwa
Extack wenawa awulj na