MENU

The Flash [S04 : E13] | හැබෑ ස්වරූපයන්

අද වෙනදාට වඩා ටිකක් කලින් අරගෙන එන්න පුලුවන් උනා. සමහර අය පුලුවන් නම් ටිකක් කලින් දෙන්න කියලා අදහස් පල කරලා තිබුනා. කතාව බලන්න හදිසි නම් තමයි, මට උනත් එහෙමයි, ඒත් ඉතින් අනික් වැඩත් එක්ක පුලුවන් තරම් කලින් තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. නොවැලැක්විය හැකි පමාවට සමාව. අපි කතාව පැත්තට හැරෙමු.

සෙසිල්ට කවුරුත් හිතුවේ නැති විදියට හිත් කියවීමේ බලයක් ලැබුනා. එයාට ඉතින් ඊටපස්සේ වෙන වැඩක් නෑ, හැමෝගේම හිත් කියවන එක තමයි වැඩේ. අන්තිමේ ජෝට පවා සෙසිල්ගේ මේ බලය හිසරදයක් උනා. ඒත් ඒ දෙන්නා කතා කරලා ඒ ප්‍රශ්නය බේරුමක් කරගත්තා. එතකොට බෙරි හිරෙන් එලියට ගන්න අභියාචනාවක් දාලා තිබුනත් ෆ්ලෑෂ් ටීම් එක ලඟ අලුත් සාක්ෂි මුකුත් නැති නිසා ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. කට්ටිය හිතන් හිටියේ නම් බෙරි හිරේ දුක් විඳිනවා ඇති කියලා. ඒත් කොහෙද බෙරි කට්ටියවත් වටකරගෙන හිරේ ඇතුලේ කාඩ් සෙල්ලම් කරනවා ? ඉතින් ඔය අතරේ තව බස් මෙටා කෙනෙක් නගරයට කඩන්පාත් උනා. රන්ඩීන්. එයාට පුලුවන් ලොකු ලොකු දේවල් පොඩි සෙල්ලම් බඩු වගේ කරන්න. ඒවගේම ආපහු ඒවා තිබුන ගානටම ලොකු කරන්නත්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ෆ්ලෑෂ් නැතුව මේ මෙටා එක්කත් හෙට්ටු වෙන්න සිද්ධවුනා. වැඩේ කියන්නේ ඒ වැඩේට ගිහින් රැල්ෆ්ටයි සිස්කෝටයි හොඳ අකරතැබ්බයක් උනානේ. ඒ දෙන්නත් අන්තිමේ යන්තම් බේරුනේ.

බෙරි බිග් බොස්ව නියම විදියට බේරගන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. අන්තිමේ එයා බිග් බොස්ව එයාගේ බලය පාවිච්චි කරලා නිදහස් කරනවා. එයා ඒක කලේ කැමරා වලට අහුවෙන්නේ නැතිවෙන්න කියලා තමයි හිතන් හිටියේ. ඒත් වුල්ෆ් එසේ මෙසේ පොරක් නෙමෙයි. මිනිහා බෙරිගේ කූඩුවට පේන්නේ නැති වෙන කැමරාවක් හයිකරලා තියලා. ඉතින් මිනිහාට වැඩේ මාට්ටු උනා. වුල්ෆ් බෙරිට සිහිය නැති කරලා එයාව වෙන තැනකට අරගෙන යනවා. බලාගෙන ගියාම මිනිහත් නීතියේ මුවාවෙන් මෙටා මිනිස්සු විකුණන ජාවාරම්කාරයෙක්.

ඉතින් කලින් සතියේ වෝඩ්න්, ඇමියුනට්ට කතා කරලා කිව්වා එයා ලඟ විකුණන්න හොඳ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඇමියුනට් එනවා එයා කියපු මේ කෙනාව බලන්න. බෙරිව හිර කරලා තියෙන්නේ හිරේට දාපු තවත් බස් මෙටාලා ටිකදෙනෙක් එක්ක. හැබැයි ඒ මෙටාලා ඉන්නේ වෝඩ්න්ගේ යටතේ කවුරුවත් නොදන්න තැනක. එයාගේ සූදානම ඇමියුනට්ට මේ මෙටාලාව්ව විකුණන්න.

තව එතකොට ටික දවසක් සද්දයක් නැතුව හිටපු ඩෙවෝයි ඔන්න ආයෙත් එලියට එනවා. බලමු එහෙනම් මොකද මේපාර කරන්නේ කියලා. අනික් දේ තමයි ෆ්ලෑෂ් ටීම් එක මේපාර නම් ඩෙවෝයිට පොඩි පාඩමක් උගන්වනවා. ඒක ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි මේ කොටස බැලුවාම. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 272MB |

A0B37F5EEE5D9B7CC9B3D3C4D0DE526E1477F441

| HDTV | x264 | 720p | 380MB |

6EBB60C8072A6DCDD85D5214DD7B4A8E46C8ACDD

Direct Download

| HDTV | x264 | 480p | 154MB |      

           

| HDTV | x265 | 720p | 200MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “The Flash [S04 : E13] | හැබෑ ස්වරූපයන්

  • D Madumal

    meke direck link denn nette ai bn….

    Reply
    • Imesh lakshan

      tappra 5 k idla skip ad kkrnna etkota denwa

      Reply
  • mt witrd bn meke downlord error akak enne?

    Reply
  • Patta bro mee fldawas.wala.flash eka.late wela tiyenne aiii bn

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *