MENU

The Flash [S04 : E15]| ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම්…

” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් ? කතාව බලන අයට ඉතින් ඔය ටික කටපාඩම් ඇතිනේ. කතාවත් ඔය දෙබස් ටිකෙන් පටන් ගන්න එකේ මට හිතුනා වෙනසකටත් එක්ක ලිපියේ මුලින්ම ඒ ටික දාන්න. ඉතින් පහුගිය සතියේ මොකද උනේ ?

ඉතින් බෙරි හිරේ ඉඳලා එලියට ආවේ ටික කාලෙකට පස්සේ. බෙරි වෙනදා වගේම වැඩට ගියත් එයාට පොඩි අමුත්තක් තේරුණා. කට්ටිය එයා දිහා අමුතුවෙන් බලනවා. හැමෝම එයා දිහා බලන්නේ මිනීමරුවෙක් විදියට. හරි සිද්ධිය ඉතින් කවුරුවත් දන්න එකක්යැ. ඉතින් ඒකෙන් මේකෙන් බෙරිට ජොබ් එකත් කරන්න නෑ. රැල්ෆ් ඩිබ්නිත් අර බස් මෙටාලාගෙන් කෙනෙක් නිසා ෆ්ලෑෂ් ටීම් එක මිතුරු හවුල කියලා දෙයක් හදාගෙන මාරුවෙන් මාරුවට රැල්ෆ් ගැන හොයලා බලනවා. ඩෙවෝයි තාම එයාට අත තිබ්බේ නම් නෑ. ඩෙවෝයිට රැල්ෆ්ව අල්ලගන්න ඕන උනා නම් ගොඩ කාලෙකට කලින් ඒක කරලා. කලින් සතියේ වෙනදා වගේම, අනික් බස් මෙටාව හොයාගන්න ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා. හැබැයි ඩෙවෝයිට කලින්. එයා සංගීතය සම්බන්ධයෙන් වාදනය ගායනය කරන කෙනෙක්. එයාගේ නම තමයි ඉසී බොවින්. එයාට තියන මෙටා හැකියාව තමයි ශබ්ද තරංග පාලනය කිරීමේ හැකියාව. ඒ බලයෙන් මුලින්ම මට්ටු උනේ බෙරි ඩිබ්නි දෙන්නා ? ඉසී ටිකක් හිතුවක්කාර චරිතයක්. ඉතින් ඩෙවෝයිගේ ඊලඟ ඉලක්කය උනේ ඉසී බොවින්. හැබැයි ඩෙවෝයි හිතපු විදියට නම් ඉසීව අල්ලගන්න හැකියාවක් ලැබුනේ නෑ. මුල් වතාවට මෙටා කෙනෙක් ඩෙවෝයිට හානියක් කරනවා.

එතනින් පස්සේ වදෙන් පොරෙන් බෙරි ඩිබ්නි දෙන්නා ඉසීට තත්වය ගැන පැහැදිලි කරලා දීලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන එනවා. ඒ එක්කගෙන එන්නේ ඉසීව පුහුණු කරන්න. බෙරිටත් ඉතින් හරි කලබලේ. එයාට ඕන ඉක්මණටම ඩෙවෝයිව පරද්දන්න. ඔය අතරවාරයේ සෙසිල්ට නින්ද යන්නේ නැති ප්‍රශ්නයට විසඳුමක් විදියට හැරි පොඩි ගැජට් එකක් සෙසිල්ට හදලා දෙනවා. හැබැයි පොඩි කිව්වාට ඒක පොඩි නැති එක සෙසිල්ට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ උපකරණය තමයි මානසික ක්‍රියාකාරිත්ව අවහිරකය. ඉංග්‍රීසි වචන කෙලින්ම සිංහලට හැරෙව්වාම පොඩි පොඩි අවුල් තියෙනවා වගේ දැනෙනවා. ඒත් ඉතින් සමහර වචන වලට එහෙම නොදාත් බැරි අවස්ථා හමුවෙනවා. ඉතින් කොහොමහරි අන්තිමේ හැරි ඒක පොඩි කරලා සෙසිල්ට අන්තිමේ හදලා දුන්නා.

ඉතින් අර හිතුවක්කාර ඉසී ස්ටාර් ලැබ් එකෙන් යනවා ඩෙවෝයිගෙන් ගේම ඉල්ලන්න. එයා ඩෙවෝයිගේ බලය ගැන දන්නේ නෑ. එක බලයක් නෙමෙයිනේ. බලයන් කිහිපයක්ම දැන් ඩෙවෝයි ලඟ තියනවා. ඒවා එක්ක ෆ්ලෑෂ් ටීම් එකටවත් හැරෙන්න බෑ. කොහොමහරි ඉතින් බෙරි සහ රැල්ෆ්ගේ ඇස් ඉදිරිපිටම ඩෙවෝයි ඉසීගේ බලයත් උරාගන්නවා. එයාලාට කරන්න කිසිමදෙයක් තිබුනේ නෑ බලන් ඉන්න එක හැරෙන්න. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ රැල්ෆ් ටිකක් අප්සට් යනවා. ඒ එයා ඉසීට ටිකක් ලංවෙලා හිටපු නිසා.

ඉතින් හැමදාම මෙටා කෙනෙක් මතුවෙනවා, එයාව අල්ලනවා, ආයෙත් එනවා, අල්ලනවා, ඕකමනේ හැමදාම වෙන්නේ. ඉතින් ඒකාකාරී බවෙන් මිදිලා මේ සතියේ කතාව මෙටා පුද්ගලයින්ගෙන් වෙන පැත්තකට යොමුකරලා තියනවා. ඒ කියන්නේ අද කතාව දිවෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ෆ්ලෑෂ්ට මේපාර හැප්පෙන්න වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ඉතින් සෙල්ලම් නෑ. තවදෙයක් කියන්න ඕන, කලින් සතියේ ඔයාලාට මතක රෙමෝන් පොඩි දෙයක් ගැන කිව්වා. ඩෙවෝයි යම්කිසි මානයකට යන එන එක ගැන. ඒ විදියට තමයි එයා අතුරුදහන් වෙන්නේ. ඉතින් ඒක අල්ලගන්නත් සිස්කෝ ඔන්න ගැටයක් ගහලා තියනවා. අද කොටසෙත් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ සතියේ 16 වෙනි කොටස සමඟ මුණගැහෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 303MB |

68AF2513D8962315BAE41022AAE55E6AE65A6563

Direct Download

| HDTV | x264 | 480p | 178MB |      

           

| HDTV | x265 | 720p | 202MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Flash [S04 : E15]| ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong