MENU

The Flash [S04 : E16] | දුවන්න අයිරිස්, දුවන්න!

දැන් කතාව ටිකක් එන්න එන්නම රසවත් වේගෙන එනවා කියලා හිතෙන්නේ මට විතරයිද ? ? මේ සතියේ වෙන්න තියෙන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් දන්නවත් ඇති. ඉතින් පුලුවන් තරම් උපසිරැසි අරගෙන එන්න තමයි හැම සතියේම උත්සාහ කරන්නේ. මේපාරත් ඔන්න ටිකක් කලියෙන් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා. අපි මුලින්ම කලින් කොටස පැත්තට හැරෙමු.

සිස්කෝ හොයාගත්තා ඩෙවෝයි හිටි හැටියේම අතුරුදහන් වෙන්නේත් මතුවෙන්නේත් කොහොමද කියන එක. ඒ එයා කුඩා මානයකට ඇතුල්වෙන නිසා. ඉතින් ඒ සොයාගැනීමෙන් පස්සේ බෙරි උත්සාහ කරන්නේ ඩෙවෝයි ඒ මානයකින් මතුවෙනකන් බලන් ඉඳලා ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒකට ගොඩාක් ලොකු පුහුණුවක් ඕන වෙනවා. එයා ඒක සිස්කෝ එක්ක පුහුණු උනත් වැඩි ප්‍රගතියක් නම් පේන්න තිබුනේ නෑ. ඒවගේම තමයි ජෙසි ඔන්න හැරිව හොයාගෙන දෙවෙනි පෘථිවියෙන් එනවා. හැරි එක්ක ජෙසිගේ පොඩි හිත් අමනාපයක් තියනවා. ඒ ජෙසිගේ අම්මාගේ මරණය ගැන හැරි හරියට ජෙසි එක්ක කතා කරලා නැති නිසා.

ඔය අතරේ ස්ටාර් ලැබ් එකට ජෝගෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ස්ටාර් ලැබ් එකට ලැබෙනවා. පොලිසිය සහ ARGUS එකට වෙනත් කල්ලියක් පහරදෙනවා. ඒ පහර දෙන්නේ ARGUS එකේ යම්කිසි දෙයක් අරගන්න. ඒක ලේසිපහසු දෙයක් නම් නෙමෙයි. පරමාණු බෝම්බයක්. ඉතින් බෙරි එතනට ආවත් මේ කල්ලිය පරමාණු බෝම්බය ක්‍රියාත්මක කරනවා. ඔයාලාට මතක ඇති බෙරි අයිරිස් එක්ක උසාවියේ ඇතුලේ අනික් අය හිටපු විදියටම ඉඳිද්දී ඒ දෙන්නා විතරක් කතා කරපු විදිය. අන්න ඒ විදියට ඉඳලා තමයි බෙරිට මේ බෝම්බයට විසඳුමක් හොයාගන්න වෙන්නේ. ඔයාලා දකින්න ඇති බෙරි ඒකට පුදුම විදියට මහන්සි උනා. අන්තිම මොහොත වෙනකන්ම කිසිම දෙයක් හරිගියේ නැහැනේ. ඒත් කොහොමහරි කෝර්ක් ස්පියර් එකෙන් එහෙම නැත්නම් බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න රෙමෝන් හදපු උපකරණය තමයි අන්තිම විසඳුම උනේ. ඒවගේම ඒකට ස්පීඩ් ෆෝර්ස් එකත් පිහිටවුනා.

මේ සතියේ කොටස දිහාවට හැරුනොත්, “දුවන්න අයිරිස් දුවන්න” කියන කාරණාව ඔයාලාට කතාවේ මැදක් වෙනකොට වගේ බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩෙවෝයි නවත්තන විදියක් හොයාගන්නේ නැතුව හැරිට නින්ද යන්නේ නෑ. ඔන්න මේ සතියේ නම් ඒ සම්බන්ධයෙන් කොල එලියක් අපිට දකින්න පුලුවන් වෙනවා. ඒවගේම තමයි තව බස් මෙටා කෙනෙක් මේ කට්ටියට හොයාගන්න පුලුවන්කම ලැබෙනවා. තව ඉතිරි වෙන්නේ එතකොට දෙන්නයි ? කවුද ඒ ? ඉතිරිය ඊලඟ කොටසින්.

ඔන්න විශේෂයෙන්ම මතක් කරනවා, බෙරි සහ කණ්ඩායම පොඩි විවේකයක් ගන්නවා කියලා සඳහන් වෙලා තියනවා. ඒ කියන්නේ කතාමාලාවේ 17 වෙනි කොටස එන්නේ අප්‍රේල් මාසයේ 10 වෙනිදා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු. ඔබට ජය!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 282MB |

CDAFB0B1CE93DA77357D16159C36E8EA42FA57EC

Direct Download

| HDTV | x264 | 480p | 185MB |      

           

| HDTV | x264 | SVA | 282MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Flash [S04 : E16] | දුවන්න අයිරිස්, දුවන්න!

  • Roman Empire

    ko ane 17 weni kotasa sub eka denna poddak ikman karanna. mama dannawa oyagollanta sub hadanna wela yanawa kiyala ekahinda plz. ikmanta flash s4e17 sub eka dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong