MENU

The Flash [S04 : E19] | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි…

ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය තමයි රැල්ෆ් හැමවෙලේම විහිළුවක් කරගෙන ඉන්නවා. බෙරි නම් එහෙම නෑ. හෙන සීරියස් පොර ?

ඔය අතරේ හැරි ටීම් එක ස්ටාර් ලැබ් එකට කැඳවනවා එයාගේ නව නිර්මාණය ගැන පෙන්වන්න. ඒක තමයි සොනික් සෙප්ටර් එක. ඒක සරසුලක්. ඒකෙන් ඇතිකරන කම්පන වලට පුලුවන් ඩෙවෝයිට බලපෑම් කරන්න. ඔන්න ඉතින් ටීම් එකට ලොකු බලාපොරොත්තුවක්. ඉතින් හැරි මේ සේරම කරන්නේ එයාගේ මතක වර්ධක හිස්වැස්මේ ආධාරයෙන්. ඉතින් මේ සෙප්ටර් එක තිබුනාට ඩෙවෝයිව කොහෙන්ද හොයාගන්නේ ? එයාව හොයාගන්න පුලුවන් අර කුඩා මාන ක්‍රියාකාරකම් ගැන හොයන ප්‍රෙඩික්ටර් එකට. එකපාරම කුඩා මානයක් විවෘත වෙනවා. ෆ්ලෑෂ් ටීම් එක එතනට යනවා ඩෙවෝයිව අල්ලගන්න සූදානමෙන්. හැබැයි කුඩා මානයෙන් එලියට ආවේ වෙන කෙනෙක්. එයා තමයි එඩ්වින් ගවුස්. බස් මෙටා සෙට් එකේ අන්තිම මෙටා.

ඉතින් ආපහු හැරිගේ උදව්වෙන්ම කුඩා මාන ප්‍රෙඩික්ටර් එකේ වැඩිදියුණු කිරීම් කරලා එඩ්වින්ගේ කුඩා මාන ක්‍රියාකාරකම් සිද්ධවෙන තැන් ටික ටීම් එක හොයාගන්නවා. ඊට පස්සේ කට්ටිය බෙදිලා යනවා ගවුස්ව හොයන්න. ඔය අතරේ ජෝගේ පොලිස් ඇසට දෙයක් පේනවා. හැරි අර හිස්වැස්ම බිමින් තියන්නේම නෑ. ඒක අතේමයි. එයා සිස්කෝගෙන් පවා ඒ ගැන අහනවා. ජෝට තේරුණා හැරි ඒකට ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ කියලා. අන්තිමේ උන දේ ඔයාලා දකින්න ඇතිනේ.

ඉතින් ගවුස්ව හොයාගෙන ගියපු ගමනේ ටීම් එක එයාව හොයාගන්නවා. ඒ වෙලාවේ කේට්ලන්ට තුවාල වෙනවා ඩෙවෝයිගේ අර සමුරොයිඩ් කෙනෙක්ගේ අතින්. ඒ කියන්නේ ඩෙවෝයි මේ වෙන දේවල් දන්නවා කියන එකනේ. ඉතින් ගවුස්ට ඩෙවෝයි ගැන විස්තරේ කියපුවාම එයා කැමති වෙනවා ස්ටාර් ලැබ් එකේ ආරක්ෂාව යටතේ ඉන්න. ඔය ඉන්න අතරේ එයා රැල්ෆ් එක්ක කියනවා ඩෙවෝයි ඉන්න කුඩා මානය එයා දැක්කා කියලා. ඒවගේම එයාට එතනට යන්න පුලුවන් කියලත්. කොහොමහරි ගවුස්ගේ ඒ හැකියාව ප්‍රයෝජනයට අරගෙන ෆ්ලෑෂ් යනවා අර සෙප්ටර් උපකරණයත් අරගෙන ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒ මොහොතේම ඩෙවෝයි අනික් පැත්තෙන් ස්ටාර් ලැබ් එකට එනවා. ඒ ගැන කවුරුවත් දැනන් හිටියේ නෑ. එතනින් පස්සේ සිද්ධවුනු දේවල් ඉතින් ඔයාලාට මතක ඇතිනේ. අන්තිමේදී ගවුස්ට ජීවිතේ අහිමි උනා. ඒවගේම ඩෙවෝයි රැල්ෆ්ව එයාගේ ධාරකයා බවට පත් කරගත්තා.

රැල්ෆ්ගේ අහිමිවීම ටීම් එකේ අයට දරාගන්න ගොඩාක් අමාරු දෙයක් උනා. බෙරි පවා ලොකු අවුලෙන් හිටියත් එයා ඒක යටපත් කරගෙන හිටියේ. අනික් කාරණය තමයි ඩෙවෝයි එක්ක කිලර් ෆ්රොස්ට් සටනට ගියපු වෙලාවේ ඩෙවෝයි එයාට මොකක්හරි කරනවා. එතනින් පස්සේ කිලර් ෆ්රොස්ට් නෑ. ෆ්ලෑෂ් ටීම් එකේ අහිමිවීම් අස්සේ ඩෙවෝයි සහා එයාගේ බිරිඳ එයාලාගේ ජයග්‍රහණය සැමරුවා. ඒත් මෙටා 12 අල්ලගන්න එක විතරක් නෙමෙයි ඩෙවෝයිගේ සැලසුම උනේ. එයාගේ සැලසුමේ කොටස් තවමත් ඉතිරියි. ඉතින් අද කොටසින් එයාගේ ඉතිරි සැලසුම් ගැන අපිට ටිකක් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් 20 වෙනි කොටසින් ඊලඟ සතියේ මුණගැහෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 228MB |

27D85EACEEB05E3BD81FED83C177A7D3BB73AAF6

Direct Download

| HDTV | x264 | 480p | 179MB |      

           

| HDTV | x265 | 720p | 228MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S04 : E19] | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි…

  • madushanka ish

    me episode eka download krnna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *