MENU

The Flash [S04 : E23] | අපි තමයි ෆ්ලෑෂ් ..

හොඳායි මිත්‍රවරුනි, සති දෙකක පොඩි නිවාඩුවකින් පස්සේ ආපහු ඔයාලාට උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුනා. මම වෙනුවට කලින් කොටස් දෙකට ඔයාලාට උපසිරැසි ගෙනාපු රෂීන් මන්සිල් මලයාට ගොඩාක් ස්තූතියි. මේ තමයි ෆ්ලෑෂ් 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස. අපි එහෙනම් පෙර මතකයන් දිහාවට හැරෙමු. හතරවෙනි කතා සමය ආරම්භයේ ඉඳන්ම එහෙනම් මතක් කරන්නම්.

S04E01 – නව ජවයක්

බෙරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලේ හිටපු කාලයේ කිඩ් ෆ්ලෑෂ්, සිස්කෝ, ජෝ සහ අයිරිස් නගරය බලාගත්තා. සාමාන්‍ය තර්ජන වලින්. කොහොමහරි එකපාරටම මේ අයට නවත්තගන්න බැරි කෙනෙක් නගරයට කඩන්පාත් වෙලා. බෙරි ආපහු නාවොත් නගරය විනාශ කරනවා කියලා තර්ජනය කලා. බෙරි ස්පීඩ් ෆෝර්ස් එකට ගියේ ලෝකය බේරගන්න. ඒත් නගරයේ අලුත් තර්ජනය නිසා ආපහු බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න අවදානම් වැඩේට එයා අත තිබ්බා. කොහොමින් කොහොමහරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යනකොට හිටපු බෙරි නෙමෙයි එලියට එනකොට හිටියේ.

S04E02 – එක එක සලකුණු

බෙරි ටිකක් කාර්යබහුල වෙලා හිටියේ මොකද තාක්ෂණය පාලනය කරන මෙටා කෙනෙක් එක්ක ගණුදෙනු කරන අතරේ එයාගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්නත් විසඳන්න සිදුවීම නිසා. මොකද කිව්වොත් එයා අයිරිස්ව දාලා ස්පීඩ් ෆෝර්ස් එකට ගිහින් මාස හයක් ගිහින් තමයි ආපහු අයිරිස් ලඟට ආවේ. ස්පීඩ් ෆෝර්ස් එක සමබර කරන්න ගිහින් එයාගේ පවුල් ජීවිතය අසමබර උනා.

S04E03 – වාසනාවන්ත කෙල්ල

වාසනාව කනපිට පෙරලිලා අවාසනාව රජ කරන්න අරගත්තා. හැබැයි එක්කෙනෙක්ට හැර. ඒ තමයි නගරයේ අලුත් මෙටා. ඇය තමයි වාසනාව අල්ලේ නටවන බෙකි හසාඩ්. ඇයට වාසනාව පාදගන්න අතරේ අනික් අයට ලැබුනේ අවාසනාව. ඒ කටයුතු අතරතුරේ පලවෙනි පෘථිවියේ ඉඳන් හැරි වෙල්ස් ආවා ජෙසීගෙන් වොලීට පණිවිඩයක් අරගෙන. වොලිට ඒක සතුටුදායක පණිවිඩයක් නම් උනේ නෑ.

S04E04 – මගේ කෙල්ලගේ තාත්තා සෙල්ලම් නෑ

සිස්කෝගේ ගෑණු ලමයා ජිප්සි. හැබැයි ජිප්සිගේ තාත්තා නම් සෙල්ලම් නෑ. එයා තමයි බ්‍රීචර්. එයා එකපාරම කඩන්පාත් වෙනවා. වැඩ කොහොමහරි කනපිට පෙරලිලා ජිප්සිගේ තාත්තා සිස්කෝව දඩයම් කරගෙන එන තැනට වැඩ කටයුතු සිද්ධවුනා. ඒ අතරේ බෙරි යනවා එයාගේ පරණ යාළුවෙක්ව මුණගැහෙන්න. ඒ රැල්ෆ් ඩිබ්නි.

S04E05 – තනිකඩයන්ගේ සාදය

ෆෙලිසිටි එනවා අයිරිස්ගේ තනිකඩයන්ගේ සාදයට. අයිරිස්, ෆෙලිසිටි, කේට්ලන් සහ සෙසිල් සාදයට ගියපු වෙලාවේ එතනට කඩන්පාත් වෙනවා කේට්ලන් කිලර් ෆ්රොස්ට් විදියට වැඩ කරපු කෙනෙක්ගේ (ඇමියුනට්ගේ) හෙන්චයියෙක්. ඒ අතරේ සිස්කෝ සහ ජෝ බෙරිව නගරයෙන් එලියට එක්ක යනවා ටිකක් විනෝද වෙන්න. හැබැයි ඒක නම් කෙලවර උනේ කට්ටිය හිරේටත් ගිහින්. අනික් කාරණය තමයි ලව් ඩ්‍රග් මත්ද්‍රව්‍යය තියෙන මෙටාත් කේට්ලන්ගේ පරණ යාළුවා ලඟ හිටියා.

S04E06 – හැරි සහ හැරිලා සමග ඩෙවෝයි සෙවීම

මීනා චේට්න්. ඇය තමයි ඊලඟට හමුවුනු මෙටා. ඇයට පුලුවන්කම තිබුනේ පිලිම වලට පණ දෙන්න.හැමෝගේම ප්‍රධාන කාරණය උනේ බෙරිගේ පරම හතුරා ගැන හොයන එක. හැරි ඒ වැඩේට අනික් පෘථිවි වල ඉන්න හැරිලාවත් එකතු කරගත්තා මේ ගැන හොයන්න.

S04E07 – ඩෙවෝයිගේ කතන්දරේ

බෙරි සහ ඔහුගේ පරම හතුරා ඩෙවෝයි මුහුණට මුහුණ මුණගැසෙනවා.” වේගවත්ම මිනිසා ඔයා වෙන්න පුලුවන්. ඒත් වේගවත්ම මනස තියන කෙනා මමයි ” ඒ තමයි බෙරිට ඩෙවෝයි කියපු දේ.

S04E08 – නාසියන් සමඟ සටන

දන්නේම නැතුව බෙරිගේ සහ අයිරිස්ගේ විවාහ දිනයත් ආවා. හැමකෙනෙක්ම එකට එකතු වෙලා විවාහ උත්සවය ආරම්භ උනත් ඒ Earth-X වල නාසියෝ එතනට කඩන්පාත් වෙනකන් විතරයි. හැමෝම කිව්වේ ඇරෝ ටීම් එක, සුපර් ගර්ල්, ලෙජන්ඩ්ස් සහ ෆ්ලෑෂ් ටීම් එකේ කට්ටිය තමයි. මේ ටීම් ටික එකතුවෙලා නාසියන්ගෙන් ලෝකය බේරගත්තා. ඒ තමයි ක්‍රොස් ඕවර් එක.

S04E09 – දුවන්න එපා

ඇමියුනට් කේට්ලන්ව පැහැරගෙන ගිහින් මෙටා අවහිරක මාංචු දාලා එයා කිලර් ෆ්රොස්ට් වෙන එක නැවැත්තුවා. කේට්ලන්ව පැහැරගන්න ඇමියුනට්ගේ උවමනාව උනේ කේට්ලන් ලවා පොඩි ශල්‍යකර්මයක් කරගන්න. ඒ අතරේ බෙරි ඩෙවෝයිගේ උගුලකට අහුවෙනවා. ඩෙවෝයි බෙරිව හිරකරගෙන තියාගන්නවා. අයිරිස්ට අවසානයේ තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ සීමිත සම්පත් එක්ක බේරගන්නේ බෙරිද නැත්නම් කේට්ලන්ද කියන එක.

S04E10 – නඩුව

ක්ලිවර්ඩ් ඩෙවෝයි ඝාතනය සම්බන්ධ නඩුව ආරම්භ වෙනවා. බෙරි තමයි වැරදිකරු උනේ. බෙරිට හිරේට යන්න සිද්ධවෙනවා.

S04E11 – දිගැටි නයිට්වරයාගේ ආගමනය

සුපුරුදු අපරාධකාරයෙක් නගරයට පාත්වුනු වෙලාවේ රැල්ෆ්ට තමයි හැමදේම බලන්න උනේ මොකද බෙරි හිටියේ හිරේ නිසා. බෙරිට හිරේ ඇතුලේදී පොඩි පොඩි අඩත්තේටම් සිද්ධවෙන්න ගියපු එකෙන් කෙනෙක් එයාව බේරගන්නවා. ඒ තමයි බිග් සර්ව මුණගැහුන මොහොත.

S04E12 – හැකිලීම

ඕනම දෙයක් හකුලවන්න පුලුවන් මෙටා කෙනෙක්ව ෆ්ලෑෂ් ටීම් එකට මුණගැහෙනවා. සිස්කෝට සහ ඩිබ්නිට මේ මෙටාව නවත්තන්න ගිහින් ලොකු අකරතැබ්බයක් පවා සිද්ධවෙනවා. සෙසිල්ට එයාගේ හිත් කියවීමේ හැකියාව ගැන දැනගන්න ලැබෙනවා.

S04E13 – හැබෑ ස්වරූපයන්

බෙරිව තව බස් මෙටාලා හතරදෙනෙක් එක්ක හිර කරනවා ඇමියුනට් බ්ලැක්ට විකුණන්න. ඒත් හැමදෙයක්ම අවසානයේ සිද්ධවුනේ ඒ මෙටා හතරදෙනාටම ඩෙවෝයිට බිලිවෙන්න. ෆ්ලෑෂ්ට කාවවත් බේරගන්න බැරිවුනා.

S04E14 – නමවෙනි බස් මෙටා

ඩෙවෝයි ඒ මෙටා බස් එකේ හිටපු හැමකෙනෙක්ම ඉලක්ක කරනවා කියන එක අනාවරණය වීමත් එක්ක, ඩෙවෝයිව පරාද කරන්න පුලුවන් තරම බලයක් තියෙන ගැහැණු කෙනෙක්ව බෙරි හොයාගන්නවා. රැල්ෆ් තේරුම් ගන්නවා වීරයෙක් වෙන්න නොගිහින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. හැබැයි රැල්ෆ්ගේ පිහිටෙන් බෙරි හිරෙන් නිදහස් වෙනවා.

S04E15 – ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ් ටයිම්

නගරයට න්‍යෂ්ටික බෝම්බ අවදානමක් ඇතිවෙනවා. බෙරිගේ සහයට ජෙසි සහ ජෙරි ගැරික් එනවා. මේ අය ෆ්ලෑෂ් ටයිම් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ පිපිරුම නවත්තගන්නේ.

S04E16 – දුවන්න අයිරිස් දුවන්න

ෆ්ලෑෂ් ටීම් එකට අලුත් මෙටා කෙනෙක් මුණගැහෙනවා. මෙල්ටින් පොයින්ට්. එයාට පුලුවන් කෙනෙක්ගේ මෙටා බලය තවත් කෙනෙක්ගේ ඇඟට මාරු කරන්න. ඒ වැඩෙන් බෙරිගේ බලය අයිරිස්ටත් ලැබෙනවා. ඒ වැඩෙන් අයිරිස්ගේ වැඩේ බෙරිට කරන්න සිද්ධවුනා ටික වෙලාවකට හරි.

S04E17 – නල්!

තව ඉතිරිවෙලා හිටියේ බස් මෙටාලා දෙන්නයි. ඩෙවෝයිට කලින් ඔවුන්ව හොයාගන්න එක තමයි ෆ්ලෑෂ් ටීම් එකේ අදහස උනේ. ඔය අතරේ සිස්කෝව හොයාගෙන එයාගේ මාමණ්ඩියා එනවා. එයගෙන් උදව්වක් ඉල්ලගන්න.

S04E18 – විනාශයට මුල උඩඟුකම

බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝයිගේ තිත්පොලට යන්න විදියක් හොයාගන්න අතරේ රැල්ෆ් ඩෙවෝයිව පරාද කරන්න කියලා හිතාගෙන අවදානම් සහගත පියවරක් අරගන්නවා.හැමදේම කනපිට පෙරලෙනවා. රැල්ෆ් පවා අන්තිමේ ඩෙවෝයිට බිලි උනා.

S04E19 – හිත් තැවුල්, ලතැවුල්, නිම්නැති කඳුලැලි

රැල්ෆ්ගේ අහිමිවීම ගැන ෆ්ලෑෂ් ටීම් එකම ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ ඩෙවෝයිගේ ඉලක්කය වෙලා තිබුන බයානක මෙටා කෙනෙක් නගරයෙන් වෙනම තැනකට ප්‍රවාහනය කරන්න සහය අරගන්න බෙරි අලුත් යාළුවෙක්ගේ සහය පතනවා.

S04E20 – හමුවීම වෙන්වීම ලෝකේ හැටි

ඩෙවෝයිගේ සැලසුමකට බාධා කරන්න බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එකත් එක්ක ජිප්සි එකතුවෙනවා. ඒත් අවසානයේ ජිප්සි සහ සිස්කෝ අතර සම්බන්ධය දෙදරා යනවා.

S04E21 – ඇමියුනට් බ්ලැක්

ඩෙවෝයිගේ අවබෝධත්ව උපකරණය සම්පූර්ණ වෙන්න කිට්ටුවීමත් එක්ක, ෆ්ලෑෂ් ටීම් එක ඇමියුනට් බ්ලැක්ගේ සහය ලබාගන්නවා.

S04E22 – ඉක්මණින් හිතන්න

ඩෙවෝයිගේ උපකරණය සම්පූර්ණ කරගන්න එයා ARGUS එකට පහරදෙනවා. එයාව නවත්තන්න බෙරිට සිස්කෝගේ සහ කේට්ලන්ගේ සහය අකමැත්තෙන් උනත් ලබාගන්න සිද්ධවෙනවා.

බොහොම පොඩියට ස්වල්ප වශයෙන් හැම එපියක් ගැනම පොඩි සඳහන් කිරීමක් කලා ඔන්න එහෙනම්. සමහර ඒවා නම් කිසිම තේරුමකුත් නැතිවෙන්න පුලුවන්. ඒත් ඉතින් හැමදේම මතක් කරන්නත් බෑ එතකොට ලිපිය තව දික්වෙනවා. ඉතින් දන්නේම නැතිව හතරවෙනි කතා සමයේත් අවසානයට අපි ඇවිත් ඉන්නවා. ඉතින් කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඩෙවෝයිව ෆ්ලෑෂ් ටීම් එක පරාද කරයිද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් මම ඒ ගැන කිව්වොත් හරි නැහැනේ. කතාව බලන්න ඔයාලාට බාර කරන්නම්.

ඉතින් පස්වෙනි කතා සමයේ හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලාගෙන් සමුගන්නම්.

” We are the Flash “

We Are the Flash !!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 350MB |

7B289F17880ACB41A60C436D12FC88173978474F

Direct Download

| HDTV | x264 | 480p | 223MB |      

           

| HDTV | x265 | 720p | 290MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Flash [S04 : E23] | අපි තමයි ෆ්ලෑෂ් ..

  • Roman Empire

    season 5 evi neda? kawadada enne?

    Reply
  • mata flash s4 e1 eke idan okkoma tika direct download karanna widiyak kiyannako meke direct download link eka weda nane mula kotas wala

    Reply
  • City hunter korean teledrama eka nadda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *