MENU

The Flash [S05 : E10] | දෙවැනි අවස්ථාව

තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා ? ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා මම ක්‍රොස් ඕවර් එක ගැන සඳහන් කරන්න යන්නේ නෑ. හැමෝම බලන්න ඇති කියලා හිතනවා.

ඉතින් අපි කෙලින්ම අද කතාව පැත්තට හැරෙමු. මතක ඇති ඔයාලාට කාලගුණය පාලනය කරපු මෙටාව. වෙදර් විච්. එයා සැටලයිට් එකේ කොටසක් පාවිච්චි කරලා කාලගුණය පාලනය කරන්න පුලුවන් විදියේ මෙටා තාක්ෂණික උපකරණයක් හදාගෙන සෙන්ට්‍රල් නගරයට ලොකු කලබගෑනියක් ඇතිකලා ඔයාලාට මතක ඇති. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක එයාව අල්ලගත්තාට පස්සේ අද තමයි එයාගේ නඩුව අහන දවස. ඉතින් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ එයා කරපු දේවල් වලට උපරිම දඬුවම් ලබාදෙන්න. ඒ අතරින් නෝරාට තමයි වැඩිම. ඉතින් මේ නඩුවට කතා කරන්න යන්නේ සෙසිල්. එයා බබා ලැබුනාට පස්සේ ආයෙත් වැඩට යන මුල්ම දවස. CSI එක නියෝජනය කරමින් සාක්ෂි ලබාදෙන්න ඉන්නේ බෙරි. ඉතින් සෙසිල් උසාවියේ වැඩ කරගෙන යන අතරතුරේ එයාට දැනෙනවා ජොස් හිතින් ගොඩාක් පසුතැවෙනවා කියලා. ඔන්න එතනදී සෙසිල්ගේ හිත වෙනස් වෙනවා. ඉතින් මේ නඩුව කොහොම කෙලවර වෙයිද ?

එතනින් ගියාම ජොස්ට අමතරව තවත් මෙටා උපකරණයක් පාවිච්චි කරන කෙනෙක්ව අද ඔයාලාට දකින්න පුලුවන්. එයාට පුලුවන්කම තියනවා එන්ජිමක් සහිත ඕනම දෙයක පාලනය එයාගේ අතට ගන්න. ඉතින් ෆ්ලෑෂ්ටත් එයා එක්ක හැප්පෙන්න ගිහින් කරදරයකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම ෂර්ලොක්ට නෝරා ගැන සැක පහල වෙලා තිබුනේ කියලා ඔයාලාට මතක ඇතිනේ. එයා දිගටම නෝරා ගැන හොයනවා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා, නෝරා කලින් කොටසේ ඊබෝඩ් තෝන්ව මුනගැහෙන්න අනාගතයට යනවා ඔයාලා දකින්න ඇති. එයා මොකටද මේ තෝන්ව මුණගැහෙන්න යන්නේ ? තෝන් මෙයා ලවා මොකක්ද කරන්නේ ? ගොඩාක් දේවල් අපිට ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් අපි ඊලඟ සතියේ මුනගැහෙමු. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | eztv | 269MB |

Direct Download

| HDTV | x264 | eztv | 150MB |

| HDTV | x264 | eztv | 269MB |

| HDTV | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Flash [S05 : E10] | දෙවැනි අවස්ථාව

  • Pubudu shankanath

    thanxx bro

    Reply
  • Krishantha

    Sub 1ka ganna bene..

    Reply
    • isuru jayawardhana

      404 🙁

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *