MENU

The Flash [S05 : E07] | වෙදර් විච්…

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.
කලින් සතියේ අපිට මුණගැහුන විශේෂ මෙටා චරිතය තමයි අයිසිකල්. ඒ කියන්නේ කේට්ලන්ගේ තාත්තාගේ ඇඟේ ඉන්න අනික් චරිතය. සිස්කෝ නිසා කොහොමින් කොහොමහරි අයිසිකල්ගේ ගැටේට අහුනොවී ෆ්ලෑෂ් ටීම් එකට ඇත්ත තත්වය දැනගන්න පුලුවන් උනා. හැබැයි ඉතින් එයා එක්ක හැප්පෙන එක එච්චර ලේසි උනේ නම් නෑ. අයිසිකල්ට ඕන උනේ කේට්ලන්ගේ තාත්තාව සම්පූර්ණයෙන්ම නැතිකරලා දාන්න. ඉස්සරහට ඉතින් මොකක් වෙයිද කියලා අපි බලමු. මොකද කේට්ලන්ටත් කිලර් ෆ්රොස්ට්ව පාලනය කරගන්න බැරි කාලයක් තිබුනානේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක සිකේඩා සොයා යන ගමනේ, සිකේඩාගේ දුව කියන චරිතය ගැන විස්තර හොයාගන්න පුලුවන් උනා.
මම දුව කියන චරිතය කියලා කිව්වේ, ඒ ඉන්නේ සිකේඩාගේ දුව නෙමෙයි නිසා. ඒ ඉන්නේ සිකේඩාගේ සහෝදරියගේ දුව. ඉතින් එයා කොහොමද සිකේඩා ලඟ ඉන්නේ කියන එක ඔයාලාට අද බලාගන්න පුලුවන් වෙයි. ඉතින් අද කොටසේ ෆ්ලෑෂ් ටීම් එකට හැප්පෙන්න වෙන්නේ වෙදර් විසර්ඩ්ගේ දුව ඒ කියන්නේ වෙදර් විච් එක්ක. එයාටත් තියෙන්නේ එයාගේ තාත්තාට වගේ කාලගුණය පාලනය කිරීමේ හැකියාවක්. හැබැයි එයා පාවිච්චි කරන්නේ සැලි සැටලයිට් එකේ මධ්‍යයේ කොටසක්. ඉතින් අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ජය!!!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

Direct Download

| HDTV | x264 | 480p | 170MB |

| HDTV | x264 | SVA | 300MB |

| HDTV | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Flash [S05 : E07] | වෙදර් විච්…

  • hi,,,HAUNTING OF THE HILL HOUSE sathi dekakin dala nane…..we are waiting

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *