MENU

The Flash [S06 : E01] | කළු කුහරය

හැමෝටම පිංබර පොහොය දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලාට මතක ඇතිනේ ෆ්ලෑෂ් පස්වෙනි කතා මාලාව අවසානයේ මම කිව්වා ආපහු මේක කරන්න වෙන්නේ නෑ කියලා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත බැරි මරගාතේ ඔන්න මේ හයවෙනි කතා මාලාවත් කරන්න පටන් ගන්න සිද්ධවුනා. බදාදා ආවාට ඔන්න අද තමයි දෙන්න උනේ. ඒක නිසා තමයි මේක නොකර ඉන්නත් කලින් තීරණයකට ආවේ. කොහොමහරි කමක් නෑ පරක්කු වෙලා හරි මේ සීසන් එකේ කොටස් ටිකත් ගොඩ දාගන්න බලමු.

ඉතින් පහුගිය කතා මාලාව අවසන් උනේ හැමෝගේම ඇසට කඳුලක් එක් කරමින්. බෙරිට උදව් කරන්න අනාගතයෙන් ආපු නෝරාට සිද්ධවුනා අතීතයට සමුදීලා යන්න. ඉතින් අයිරිස්ටයි බෙරිටයි ඇත්තටම ඒක දරාගන්න බැරි දෙයක් උනා. ඒ කොහොම උනත් මේ හැමෝටම එකට එකතු වෙලා සිකේඩාව පරාද කරන්න පුලුවන් උනා. ඒ වැඩෙන් සිද්ධවුනේ අලුත් කාල රාමුවක් නිර්මාණය උන එක. අපිට මුල ඉඳලාම හිතුනානේ නෝරාට තෝන් මෙච්චර උදව් කරන එකේ මොකක්හරි යටි අරමුණක් ඇති කියන එක. ඒ සේරම එයා කලේ එයාගේ මරණ දඬුවමෙන් ගැලවෙන්න. හැබැයි ඉතින් ඒ අරමුණ නම් ඉෂ්ඨ උනා. ඉතින් කොහොමින් කොහොමහරි මේ සිදුවීම් වලින් පස්සේ අවුරුදු පහක් ඉදිරියේ පැමිණෙන්න තිබුන අවදානම් තත්වය 2019 සිදුවෙන විදියට කාලරාමුව සැකසුනා.

ඉතින් ඔයාලාට හයවෙනි සීසන් එකේ එන ගොඩ්ස්පීඩ් කියලා කෙනෙක් ගැන ආරංචි වෙන්න ඇති. එයා ගැන මේ කොටසේ ටිකක් පෙන්නනවා. හැබැයි ඒ නියම ගොඩ්ස්පීඩ් නෙමෙයි. ඉතින් මේ කොටසේදී ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න වෙන්නේ මෙටා කෙනෙක් එක්ක නම් නෙමෙයි. කළු කුහරයක් එක්ක. අපි බලමු එහෙනම් මේ අය කොහොමද කළු කුහරයට මුහුණ දෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 980MB |

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

| HDTV | x264 | SD | 290MB |

| HDTV | x264 | 720p | 980MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “The Flash [S06 : E01] | කළු කුහරය

Leave a Reply to Isuru Srinath Cancel reply

Your email address will not be published. Required fields are marked *