MENU

The Gateway (2018) | සමාන්තර ලෝකයක් කරා…

ජේන් කියන්නෙ ළමයි දෙදෙනෙකු සහ සැමියා සමග සතුටින් ජීවිතය ගත කරන කෙනෙක්.ඒවගේම තමයි ජේන් විද්‍යාත්ඥවරියක්.ඇය යම් ව්‍යාපෘතියක් කරගෙන යනවා ද්‍රව්‍ය අවකාශය හරහා ගමන් කිරීම සම්බන්ධව.ඇය තමන්ගෙ සහයකයා සමග මෙය කිහිප වතාවක්ම ඉතා පරීක්ෂාකාරීව පිළිබඳ පර්යේෂණ කරනවා.කාලයක් ගෙවී යනවාත් එක්කම මැය පරීක්ෂාකාරී කියන මතය පැත්තකට හරහ මෙම කාර්ය අවදානමක් අරගෙන කිරීමට සැරසෙනවා.ඉතින් අවදානමක් අරගෙන ජේන් කරපු වැඩේ හරි යනවා.පරීක්ෂණය සදහා යොදාගත්තු ඇපල් ගෙඩිය අතුරුදහන් වී යනවා.නමුත් මොවුන් හිතුව වගේ ඇපල් ගෙඩිය ඔවුන් හිතාගෙන හිටපු ස්ථානයට පැමිණියෙ නැහැ.එය එකපාරටම අතුරුදහන් වී යනවා.පස්සෙ ජේන්ට මතක් වෙනවා ටෙග්මාර්ක්ගෙ සිද්ධාන්තයන් ගැන.එය තමයි මාන්තර ලෝකයන් ගැන.ඉතින් ඇය මේ පිළිබඳ යම් යම් දේවල් හොයාගන්නවා.ජේන් ඇපල් ගෙඩිය යැව්ව වගේ යම් යම් දේවල් එම මාන්තර ලෝකය සමග හුවමාරු කරගන්නවා.විශේෂයෙන්ම කියන්න ඕන එම ලෝකය ඔවුන් සිටින එකට ගොඩක්ම සමානයි.යම් යම් වෙනස් කම් හැරුණු කොට.එම මාන්තර ලෝකයෙත් ජේන් වගේම කෙනෙක් ඉන්නව.ඒවගේම තමයි ඇයටත් මෙවැනිම පර්යේෂණගාරක් තිබෙනව.හැමදේම හොදින් සිද්ධ උනත් ජේන්ට යම් අවාසනාවන්ත සිදු වීමක් සිද්ධ වෙනව.ඒ තමයි ඇයගෙ සැමියා කාර් අනතුරක් නැතිවෙන එක.මැය සති ගාණක් මේ ගැන හිත හිත දුක් වෙනවා.පස්සෙ දවසක් මැය ඒ මාන්තර ලෝකයට ගිහින් එම ලෝකයෙ සිටින මැට්ව ජේන්ගෙ ලෝකයට එක්කරගෙන එනව.නමුත් ජේන් එම ලෝකයෙන් ගෙනාපු මැට් ඇයගෙන් නැති උනු මැට් වගේම නෙමේ.ඔහු යම් ආකාරයක ඉතා සුළු දේට පවා කෝපගන්න මිනීමැරුමක් කිරීමට තරම් තැත් කරන කෙනෙක්.ඉතින් ජේන්ට මෙය වැටහෙනවා.ඔහුට මගාරින්න උත්සහ කරනව.ඉතින් මෙම මාන්තර ලෝකයෙන් පැමිණි මැට් ජේන්ගෙ දරුවන් දෙදෙනාව ඝාතනය කිරීමට සැරසෙනවා.ඉතින් මේ කෲර මැට්ට ජේන්ගෙ දරුවන්ව ඝාතනය කරන එක ජේන්ට නවත්තන්න පුලුවන් වෙයිද?එහෙනම් ඉතින් කතාව ඔයාලට බාරයි.

2018 වර්ෂයේ පෙබරවාරි 13 වන දින නිකුත් මෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 5.7 ක අගයක් ලබාගැනීමට සමත් වි තිබෙනවා.ඒවගේම තමයි විනාඩි 90 දාවන් කාලයක් තිබෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Sci-Fi | Thriller කාණ්ඩයටය.ඒවගේම තමයි මෙම චිත්‍රපට හට සම්මාන කිහිපයකුත් ලබාගැනීමට සමත් වී තිබෙනවා.මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වන්නෙ Jacqueline McKenzie | Myles Pollard | Hayley McElhinne | Ben Mortley | Shannon Berry යන නළුකැලයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | 720p | x264 | 650MB |

F6F921C69316DB3209E8189BE369F280FB5CC36D

 Direct Download

 | WEB-DL | 480p | x264 | 240MB |

 | WEB-DL | 720p | x264 | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Gateway (2018) | සමාන්තර ලෝකයක් කරා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *