ෆොක්ස් නාලිකාවේ විකාශය වූ ගිෆ්ටඩ් කතාමාලාවේ මුල් කතාසමය අවසන් වුනේ විපරිතයින් හා මිනිසුන් අතර තියෙන අරගලය අමුතුම විදිහකටයි. නෑ නෑ.. විපරීතයන් හා විපරිතයන් අතර අරගලයක් ඇති කරගෙනයි. හරිනම් මේ අයව දඩයම් කරන අයට විරුද්ධව නැගී සිටිනවා වෙනුවට අපිට දකින්න ලැබුනේ විපරිතයින් අතර විරසක බවක්. මේ විරසක බව නිසාම මේ අයට දෙපැත්තකට බෙදුනා. මේකට මූලිකවම හේතුව වුණේ “සහෝදරියෝ” කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන ද්වේශය හිත් පුරා දුවන විපරිත සහෝදරියන් තිදෙනෙක්. මේ නිසාම එක ලග නිකුත් වුණු අවසන් කොටස් දෙකේ අවසන් විනාඩි කිහිපය ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමටම උණුසුම්කාරී විදිහටයි අවසන් වුණේ. හැබැයි කතාවේ මුල ඉදලම දුක් විදපු ස්ට්රාකර් පවුලට කතාව අවසානයේදී උරුම වුනෙත් තවත් දුකක් විතරයි. මොකද ෆ්රොස්ට් සහෝදරියෝ එක්ක එකතු වුණු ලෝනාගේ එක්ක එකතු වෙන්න ඇන්ඩිත් තීරණය කරපු නිසා. ඇන්ඩිට කොහොමත් යන්න ඕන වුනේ වෙනමම විදිහේ අදුරු මාර්ගයක යන්නයි. එයාගෙම විදිහට තීන්දු තීරණ අරගන්න. මේ ගැන ඉතින් කතාවේ අතරින් පතරම දැකගන්න ලැබුණානේ. ඇන්ඩි, ලෝනා වගේම තවත් විපරිතයින් ෆ්රොස්ට් සහෝදරියෝ එක්ක එකතු වුණු ඔය කල්ලියට කියන්නේ “හෙල්ෆයර් ක්ලබ්” කියලා. ඕකේ ඔයාලා ඔය එක්ස් මෙන් චිත්‍රපට වලින් එහෙම දැකපු මැග්නීටෝ පවා ඉදලා තියෙනවා. කොහොමත් ඉතින් ලෝනා ඩේන් නොහොත් පොලාරිස් කියන්නෙත් මැග්නීටෝගේ දුවෙක්නේ. මැග්නීටෝගේ නම නොකියා වතාවක් ෆ්රොස්ට් සහෝදරියන්ගෙන් කෙනෙක් පොලාරිස්ට මේ ගැන එක තැනකදී කියලා තියෙනවා වගේම පොලාරිස් හිරේ ඉද්දි පුංචි පුංචි පෙර මතක සිදුවීම් වලින් මුල් කතාසමයේ ඉගි දීලා තියෙනවා.
දෙවැනි කතාසමයෙ වෙන දේවල් නොකියා පොඩියට විස්තර ටිකක් කියන්නම්. මේ වෙද්දී විපරීතයන් දෙපැත්තකට බෙදිලා ඉන්නේ කියලා කොයි කවුරුත් දන්නවනේ. මුල් කොටසින් වැඩිය දේවල් දකින්න ලැබුනේ නැති වුනත් ඔයාලට ඉදිරියේදී මේ දේවල් ගැන හොදට දැකගන්න ලැබේවි.
Mutant Underground
- මුල් කතාසමයේ විපරීතයන්ගේ කදවුරක් දකින්න ලැබුණා “ෆෙයාර්බර්න් විපරිත කඳවුර” ඔය නමින්. කේස් මෙන්ලා වගේම Brotherhood නම් (මෙය හෙල්ෆ්යර් ක්ලබ් හා සම්බන්ධ සංවිධානයකි) ත්‍රස්තවාදී විපරිත සංවිධාන අතුරුදහන් වෙලා යන්න කලින්මයි නිර්මාණය වුණේ. ගිය කතාසමයේ අවසානයේදී මාකස්, ජෝන්, රීඩ්, කේට්, ලෝරන්, ක්ලෑරීස් ඇතුළු කණ්ඩායමට එකතු වෙන්න තීරණය කල අය තමයි මේ සමුහයෙ ඉන්නේ. හැබැයි මේ අයගේ මේ කදවුර වෙනස් වෙන්න පුලුවන්. ඒ ගැන ට්‍රේලර් එක බැලුවා නම් තේරෙන්න ඇති.
Inner Circle
- මේක තමයි මේ කතාසමයේ දකින්න ලැබෙන දෙවැනි කණ්ඩායම. ඉනර් සර්කල් නොහොත් ඇතුලාන්ත සමූහය කියන්නේ විපරීතයන්ගේ ත්‍රස්තවාදී කවුන්සිලයක්. මේ අයම තමයි හෙල්ෆයර් ක්ලබ් සංවිධානය මෙහෙයවන්නෙත්. මේ සංවිධානයට තමයි ෆ්රොස්ට් සහෝදරියන්ගේ බල කිරීම මතම පොලාරිස්, ඇන්ඩි, සේජ් ඇතුළු තවත් ෆෙයාර්බර්න් විපරිත කඳවුරේ හිටිය අය බැදුනේ. මේ කවුන්සිලයෙ ඉන්නේ හුගාක් බලවත්, ප්‍රකට අනන්‍යතාවයන් තියෙන, සල්ලි වලින් වගේම බලපුළුවන්කම් වලින් පවතින සාමාජිකයන් ඉන්නේ.
ඔය සදහන් කරපු අය වටා තමයි මෙවර කතාසමය ගලාගෙන යන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අර සෙන්ටිනල් සර්විස් එකෙන් ගෙවල් ගානෙ ගිහින් කරන විපරිත දඩයමේ නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒවා සුපුරුදු පරිදි සිද්දවෙනවා. ඉස්සරහට ඉතින් හොද හොද සෙල්ලං ටිකක් බලාගන්න ලැබේවි. ලබන සතියේ මීලග කොටසින් මුණගැහෙමු!
——
අද කතාවේ නම “eMergence”
අධ්‍යක්ෂණය: Robert Duncan McNeill
ලිව්වේ: Matt Nix
විකාශනය වුනේ: 2018 සැප්තැම්බර් 25
මීලග කොටසින් : unMoored | 2018 ඔක්තෝම්බර් 02
Torrents Download
Direct Download
| WEB-DL | x264 | 480p | 150MB |
| WEB-DL | x265 | 720p | 200MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “The Gifted [S02 : E01]| නව යුගයක උදාව…”
Thanks bizcop team allllll