MENU

The Handmaid’s Tale [S01 : E01] | ඔෆ්රෙඩ්….. (18+)

වියලුන මහා කතරකට දිය බිමක් කොතරම් නම් අගනේ ද ? ඒ මහා කාන්තාරය වියැකී යන මිනිස් සංහතිය ලෙස ගතහොත්, ඒ මිනිස් සංහතිය පෝෂණය කරන්නට, මේ දියබිම වචනයේ පරිසමාප්තයෙන්ම දියබිමක් නොවී, එය අනාගත ලොවක් තැනීමට දරුවෙකු බිහිකල හැකි මවක් වුවහොත්….එය කෙතරම් අගනේද ?

අද අපි මේ සුදානම් වෙන්නේ එවැනි ලෝකයක් වෙනුවෙන් දොරගුළු හැරලන්නට… අද මම ඔබ ගෙන යන ලෝකය බොහොම කුරිරුයි විටෙක ඔවුනේ ජිවිත යහමින් සාදාරනීකරණය කරන්නට ඔවුන් සමත් වේවි නමුත් ඒ ඔවුන්ගේ ඇසින් පමණක් වන බව ඒ පාපතරයන් ඉදිරියේ අළුවී යන මිනිස් ගුණාංග සාරධර්ම රැකගන්නට කිසිවෙකුටවත් හැකි වේවි ද? ඒ ප්‍රශ්නයත් හිත තබාගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලන ගමන්, මේ ලෝකය දකින්නට පෙරාතුව…

නුදුරු අනාගතයේ දී ලිංගිකව බෝවන රෝග හා තෙරක් නැති පරිසර දුෂණයෙන් ඇතිවන අතුරු ඵලයක් නිසාවෙන්, ම්නිස් සංහතියේ සරුභාවය අති විශාල ලෙස පහත වැටෙනවා. මේ හේතුවෙන් නොසන්සුන් වන ඇමරිකා එක්සත් ජනපදය නතරවනුයේ සිවිල් යුද්ධයක අමිහිරි මතකය සිත දරාගෙනයි. ඉතිං ඒ මේ දෙවැනි සිවිල් යුද්ධය අවසාන වෙන්නේ “ගිලියාඩ්” නම් වූ ක්‍රිස්තියානි මුලධර්ම වාදී(කල්පිත) ඒකාධිපති පාලනයක් මුළු රටම වෙලා ගැනීමත් එක්කයි. නව පන්ති ක්‍රමයක්, නීතිරීති හා හමුදා පාලනයක් හිස් මුදුනෙන් වැලද ගන්නා මේ අධමයන්

තමුන්ගේ කුරිරුකම හඬනගා පැවසීමට යොදාගන්නේ ගැහැනුන් කිව්වොත් මම නිවැරදි.
මෙහිදී කාන්තාවන් ප්‍රදාන පන්ති 4ක් අපිට දැක ගන්න පුලුවන්.

1. Wives(බිරින්දෑවරු) – ගිලීඩයේ ඉහලම කුලයේ කාන්තාවන් තමයි මේ. මොවුන් කටයුතු කරන්නේ ජනරජයෙ කමාන්ඩර් වරුන්ගෙ බිරින්දෑවරුන් ලෙස. අදින ඇදුම්වල වර්ණය කොල පාටට හුරු නිල්.

2. Marthas(මාර්තා වරු/ගෘහ සේවිකාවන්) – මොවුන් ඉහල පැලැන්තියෙ අයගෙ සේවිකාවන් ලෙස කටයුතු කරන්නෙ. ආහාර පිසීම,පිලිගැන්වීම වගේ කටයුතු සිදු කරන්නෙ. ඇදුම් වල වර්ණය ලා කොළ පාට.

3. Aunts(ආන්ට් ලා) – මොවුන් තමයි (Handmaids) හෑන්ඩ්මේඩ්ලගෙ පාලන කටයුතු සිදු කරන්නෙ. හෑන්ඩ්මේඩ්ලාව පවතින සමාජ තත්වයට හුරු කිරීමත්, අවනත කිරීමත්,දඩුවම් දීමත් මොවුන්ගේ කාර්‍යයක්. ඇදුම්වල වර්ණය අලු පාට.

4. Handmaids (හෑන්ඩ්මේඩ්ලා/ අත්උදව්කාරියන්)

අර කලින් සඳහන් කල නිසරු ලෝකයේ ඔබ සරු කතක් නම් ඒ තමයි ඔබේ ශාපය, ඔබට සිදුවෙනවා ඒකාධිපති පාලනයේ ඉහල නිලධාරියෙකුගේ නිවසක “අත් උදව්කාරියක් (හෑන්ඩ්මේඩ් කෙනෙක්)” හැටියට කටයුතු කිරීමට.

නමුත් මේ මෙහෙකාරියන් හුදෙක්ම අත් උදව්කාරියක් නෙමෙයි, ඔවුන් ලිංගිකත්වයේ හා කුරිරුබවේ සිරකාරියක්…. ඔබගේ දොර වැඩ කරාවි, ස්වාමියා හා ස්වාමි දුවගේ දරුවන් ඔබේ කුස තුල වදාවී, නමුත් ඔබ වහලෙකුට වඩා වැඩි කෙනෙකු නම් නොවෙයි.

මේ සමාජය ඇතුලේ එවන් සරු කතක් හට රජාකාරී කිරීමේ හැකියාවක් නැහැ, මුදල් අතපත ගන්නට නොහැක, සියල්ලටම ඉහලින් ඔබට කතා කිරීමද තහනම්…. අතීතයේ සිදුවු සියලු දේ තහනම් !!! ඉතින් එවැනි දෛවයක් උරුම ඔෆ්රෙඩ් සමඟයි ඔබ කොටස් 10 පුරා මේ පළමු කතා සාමය ගත කිරීමට සැරසිය යුත්තේ…

IMDB 8.6 ක් වගේ ලොකු අගයක් දිනාගෙන ඇති ලොවම කතාබහට ලක් වුන මේ කතාව Margaret Atwood නම් ලේඛිකාව ගේ සිතින් උපන් 1985 දී ලොවට දායාද වුන විශිෂ්ඨ ග්‍රන්ථයක්. ටෝමාටෝ මීටරයට අනුව නම් 95% වාගේ අතිශය ඉහල අගයක් තමයි මේ විශිෂ්ඨ ටෙලි නාට්‍ය හිමිකරගෙන තියෙන්නේ.

එමි සම්මාන 13 ක් වෙනුවෙන් නාම යෝජනා ලබා, ඉන් 8 කුත් ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන 3ක් වෙනුවෙන් නාම යෝජනා ලබා, ඉන් 2 කුත් ජයගන්නට සමත් ,මේ කතාව තමයි 2017 වසරේ හොඳම ටෙලි නාටකය බවට පත් වුනේ.

ඒ වගේම අතිවිශිෂ්ඨ රංගන දායකත්වයක් ලබාදෙන Elisabeth Moss “අපේ කථා නායිකාව” එම සම්මාන උළෙල දෙකෙන්ම නික්ම යන්නේ හොඳම නිළිය ලෙස සම්මානත් රැගෙන.

ඉතින් කොටසක් විනාඩි 47 – 60 වගේ කාල පරාසයක් පුරා විහිදෙන කොටස් 10 කින් සමන් විත මේ විසිතුරු කතා මාලාව ඔබට භාරයි…

මතක තියාගන්න මේ කතා මාලාව පොඩි උඹට නම් නෙමෙයි…

“අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි”…

“මල්ලි පට්ට පදිරි කතාවක් තියෙනවා උඹ එකෙන්ම කරනවාද එහෙනම්” කියල අහලා වැඩේ බාර දීලා, වෙඩි වගේ ලිපිය ලියන්න උදව් කල “සමීර කරුණාරත්න” සහෝදරයටත් ස්තූතිවන්ත වෙනගමන්, සබ් එක කොටන්න උදව් කල නීලුවත් මතක් කරනගමන්, මීලඟ කොටස සමඟ නැවත හමුවෙමු. ජය…✌

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | RMTeam | 211MB |

9D0C6AE328E36682C1929940C142EC5A6182C67E

Direct Download 

| WEBRip | x264 | 480p | 185MB |

   

| WEBRip | x264 | RMTeam | 211MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Handmaid’s Tale [S01 : E01] | ඔෆ්රෙඩ්….. (18+)

  • Ayesh Madushan

    Mata eka sub ekakwath download karanna bene

    Reply
    • Meke sub na machan..baiscopelk.com eken ganna one

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *