MENU

The Handmaid’s Tale [S01 : E02] | උපන්දින දා ප්‍රෙහේලිකාව…(18+)

 

ඉතිං කොහොමද බයිස්කෝප්වාසීන්ට, කට්ටියට අවුරුදු කාල සැපෙන් ඉන්නව වගේ? ? දන්සැල් වැඳලා මහන්සිත් ඇතිනේ? එහෙනම් බලමුද පිස්සු හැදෙන කතාවක දෙවෙනි කොටස.

පහුගිය කතාවෙන්

පිස්සු හැදෙන කතාවක අතරමං කලානම් සමාවෙන්න ඕනි. ජූන් කියනවා ද? ඔෆ්රෙඩ් කියනවාද? එක්කො ජූන් ඕනි නැහැ ඒක තහනම්නේ, ඔෆ්රෙඩ් ම කියමු. අපේ කතාවේ නායිකාව, අත් උදව්කාරිය, වහලිය, ඇවිදින ඩිම්බකෝශ මේ කෝක කිව්වත් ඇයට ඇති සෙතක්නම් නැහැ.තම දරුවා හා සැමියා සමඟ දේශසීමාවෙන් පැනයන්නට දරනා උත්සහය, අවසන උරුම වුයේ ඇයට ඇයගේ දරුවා අතුරුදන් වීමත්,සැමියාගේ ම‍රණයත්, ඇයට Red Center තුල ජීවිතයේ ඉතිරිය ගෙවන්නටත්ය.

පසුගිය කතාවෙන් Red Center තුල ජීවිතය තරමක් පැහැදිලි කල නමුත් බොහෝතැන් වල තවමත් ප්‍රශ්න ඉතිරිය. කොහොමද මෙහෙම සමාජයක් හසුරුවන්නේ?කොහොමද මෙහෙම වුනේ?

ඉතිං ඔෆ්රෙඩ්ගේ අලුත් පත්වීම කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදරට තමයි ලැබුනේ, ඉතින් සහායිකාව විදිහට ඔෆ්ග්ලේන් කියන තරුණිය ඔෆ්රෙඩ් ට මුන ගැහෙනවා, මුලින්ම වැඩි කැමැත්තක් ඇය වෙත නොතිබුණත්, පසුව ඇය කෙරෙහි තිබ්බ ආකල්ප වෙනස් වන බවක් දැනුනා. ඒකෙසේ වෙතත් ඇයත් කොහොම කෙනෙක්ද යන්න හිතා ගන්න බැරි තැනක තමයි කතාව නතර උනේ.

ඔෆ්ග්ලේන් කියන විදිහට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදර ඉන්නා ඇසෙහි සාමාජිකයා කවුද? ඒ කමාන්ඩර්ගේ රියදුරු නික් ද? නැත්නම් මාර්තා රීටා ද? එහෙමත් නැතිනම් ඔෆ්ග්ලේන් ඇසෙහි සාමාජිකයෙක්ද? කිසිවෙක් කිසිවිට විශ්වාස කල නොහැකි මේ ලෝකයේ දෙලොවක් අතර අතරමං වෙන ප්‍රශ්න තමයි ඉතින්.?

IMDb 8.3ක් අගයක් ගත් “”උපන්දින දා ප්‍රේහේලිකාවේ”” කතාව ගැන මුකුත්ම නොකියා , අපි බලමු හැනා වෙනුවෙන් ඔෆ්රෙඩ්ගේ නොනැසී ජීවත්වීමේ අදිටනට කුමක් වේවිදැයි කියා…

මේ කතාව ගැන ඔයාලගේ අදහස් දැන ගන්න කැමති බව මතක් කරන ගමන් මීලඟ  කොටසින් හමුවන තුරු හැමෝටම ජය..✌ !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 480p | 148MB |

   

| WEBRip | x265 | 720p | 170MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *