MENU

The Handmaid’s Tale [S01 : E04] | බිඳහෙලිය නොහැකියි… [ (18+)

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ හතරවන වෙලුම දිග හරින්නයි මේ සුදානම.

මෙතෙක් කතාව,

දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන්ව රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් කිරීමට යොමුකල අතර, එහිදී ජූන්ගේ දරුවාව හමුදාව විසින් රැගෙන ගියහ. තම දරුවා පිලිබඳව වත් සැමියා පිලිබඳව වත් කිසිම ආරංචියක් නොමැතිව රෙඩ් සෙන්ටර් තුලත් තම පත්වීම් තුලත් කාලය ගෙවු ජූන් හෙවත් ඔෆ්රෙඩ්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ නිවසේය.කමාන්ඩර් සමග පොඩි කුලුපග කමක් ඇතිවන බව අපිට කතාවෙන් දැක ගන්න පුලුවන් වුනා.

පසුගිය කොටසට අනුව මිසිස්. වෝටර්ෆෝර්ඩ් ගේ නොඉවසිල්ල හා කුතුහලය වැඩිකම ජුන්ට රජ සැප ලැබෙන්න හේතුවක් වුනා.අවාසනාවකට ඒ සැප වැඩිකල් ගෙවන්න නම් වුනේ නැහැ. මොකද තමන්ට ඊට පසුදිනම පීරියඩ් වීම සිදුවූ බැවින්. ඒ අවාසනාවන්ත කතාව අවසන නතර වුනේ නැවත සිරකාරියකගේ චරිතයකට ජුන්ට පන පොවන්න සිදුවීමෙන්.

පසුගිය කතාවේදී හැමෝටම කුතුහලයක් ඉතිරිකල ඔෆ්ග්ලේන්ගේ අතීත හා වර්තමාන කතාව ගලපා ගැනීමට මෙවර අපිට ඉඩ සලසා දුන්නා. එහිදී ඔෆ්ග්ලේන් සමලිංගිකයෙක් බවට වැරදිකාරිය වුවත්, ඇයගේ දරුවන් වැදීමේ හැකියාව ඊට වඩා වටිනා බැවින ඇයගේ බිරිඳව ඇය ඉදිරියේම එල්ලා මරා ඇයව සැත්කමට ලක් කෙරුනා.

පසුගිය සතියේ අතීත කතාව ලෙස ගෙන ආවේ, විශ්වාසයේ හමුදාව නගරයට පැමින තමන්ගේ බලය සුලුවෙන් පතුරන ආකාරය ගැනයි.එහිදී ප්‍රථමයෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි කිරීමත්, කාන්තාවන්ගේ මුදල් අත්හිටුවීමට ලක්කර ඒවා පිරිමින් වෙත හුවමාරු කිරීමත් ය.එහිදී ජූන්ගේ,මොයිරාගේ හා ලුක්ගේ සම්බන්දකම් මනාව ගලපා තිබුනු අයුරු අපිට දකින්න පුලුවන් වුනා.

අද කතාව,

කතාව යන විදිහට කාන්තාවන් පමනක් නොව පිරිමින් ද කාලයේ හා පරිසර දූෂණයේ ඇවෑමෙන් වඳවෙලා වගේ.♐

ඇත්තටම මේ ? Red Center වලින් පැනලා යන්නම බැරිද ??? ඔයාලට ඒකට උත්තරයක් දැන ගන්න ඕන නම් අද කතාව බලන්නම වෙනවා.

ඒ වගේම අද කතාව ගොඩක්ම වෙන්වෙලා තියෙන්නෙ ජූන්ගේ නොබිඳෙන බව මනාවට ඔප්පු කරන්නයි. හිරකරපු ජූන්ට මොකක් වෙයි ද? ඒකට අද කතාව බලන්නම ඕනි මහත්තයෝ, ? ඊට අමතරව ඇයට දැනගන්න ලැබෙනවා ඇයට පෙර ඔෆ්රෙඩ් කෙනෙක් ගැන, කවුද මේ ඔෆ්රෙඩ් එතකොට? එයාට මොකද වුනේ එතකොට?

ඇත්තටම අද කතාවේ නම වුනේ “අපිව බිඳින්න බැරි බැ@%#&$ ” කියලයි. ඒත් අපිට ජාත්‍යන්තර වචන පාවිච්චි කරන්න බෑනේ.?

එහෙනම් අපි ඊළඟ කතාවෙන් හමුවෙමු.එතකම් ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 480p | 159MB |

   

| WEBRip | x264 | RBB | 200MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *