MENU

The Handmaid’s Tale [S01 : E06] | කතුන්ගේ තැන… (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් ඉන්නවා නේ ? ගියවර ලිපිය ටිකක් දිග වැඩි වුනාද මන්ද ,වැල් වටාරම් නැතිව අත්උදව්කාරියන්ගේ කතාවේ සයවන වෙලුම දිග හරින්නයි මේ සුදානම.

මෙතෙක් කතාව,

ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණුවීම් කාලය ගෙවු හෑන්ඩ්මේඩ්වරියන්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර්වරුන්ගේ නිවසේය වලය. ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් සමග කුලුපග කමක් ඇතිකරගත්තා.කමාන්ඩර් ෆ්‍රෙඩ්ගේ පසුගිය දිනයන්හි රාජකාරිය වි තිබුනේ මෙක්සිකානු දුතයන් සමග ගනුදෙනුවක් සූදානම් කරන්නටය. ඒ වගේම අතීතාවර්ජනයෙන් ලුක්ව ජුන්ට මුණගැසෙන ආකාරය අපිට කියාපෑවා. ඒ වගේම මිසිස්.වෝටර්ෆෝර්ඩ් විශ්වාස කරනා දේත් ජුන්ගේ විශ්වාසයත් එක්තැන් වී මිසිස් වෝටර්ෆෝර්ඩ්ගේ අවසන් බලාපොරොත්තුව මල් ඵලදරනකම් ඇයට බලන් ඉන්න සිදුවූ වුනා.නමුත් එය ජුන්ට අවසන් බලාපොරොත්තුව නම් නොවේ. ඇය එකකින් සැහෙනා ජාතියේ කෙනෙක් නොවේද? එහෙමත් නැතිනම් එය අනාගත වාසියට යොදාගන්න බලාපොරොත්තුවක්ද ?

අද කතාව

IMDb 8.9ක් වාර්තා වන අද කතාව සංවේදී මෙන්ම තියුණුයි,මේ කතා මාලාව ආරම්භයේ ප්‍රකාශකලා මෙන්ම අද කතාවෙන් ගිලීඩය යහමින් සාධාරණිකරණය කරන්නයි යන්නේ. මෙතෙක් කතාව උච්චතම අවස්ථාවට ගෙන එන අවස්ථාවක් බවට අද කතාව පෙරලෙන්නයි යන්නේ, මෙච්චර කල් කමාන්ඩර්වරුන් ගැන අපි නොදැන සිටි ගොඩක් දේ අද එළියට එනවා. මේ සියළුම පෙරලින් වලට ඉතා ආසන්නයේ කමාන්ඩර් ෆ්‍රෙඩ් හා මිසිස්. වෝටර්ෆෝර්ඩ්ගේ අතීතාවර්ජනය විකාශය කෙසේ වේවිද ? කමාන්ඩර් ෆ්‍රෙඩ් මෙච්චර දවසක් පිඹුරුපත් සැකසු මේ ගනුදෙනුව කුමක්ද ? එය සාර්ථක කරගන්නට ඔහුට හැකියාව ලැබේවිද ? මේ හැමදේම අතරේ, අද ජුන්ගේ කතාව කුමක් වේවිද? ඇයට මේ සෑම දෙයක් තුලින් ගමන් කිරීමට හැකියාව ලැබේද? අපි බලමු අද කතාව එහෙනම්. ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | SnD | 198MB |

   

| WEBRip | x264 | 720p | 225MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *