MENU

The Handmaid’s Tale [S01 : E08] | සැඟවුන ජිසෙබෙල්… (18+)

කොහොමද බයිස්කෝප් වාසිනි, එන්න එන්න ඉරණම්කාරියන්ගේ කතාව උණුසුම් වෙන මොහොතක, අටවන වෙලුම දිග හරින්නයි මේ සුදානම,

පසුගිය කතාවෙන්,

සීමාවෙන් එපිට ලෝකයේ වගතුග පසුගිය කතාවෙන් හෙළිදරව් වූ නිසාවෙන්, නව මානයක තොරතුරුත්, ලුක් ගැනත්, ගිලීඩයට එරෙහිව නැගී සිටිනා අනෙකුත් රාජ්‍යයන් හා සංවිධාන ගැනත් අදහසක් හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඇති නේද? කැනේඩියානු රාජ්‍යයේ ඉන්න සරණාගතයින් ගැන දැන්නම් අවබෝධයක් ඇති කියලා හිතනවා. තවත් වැදගත් සිදුවීමක් ලෙස ජූන් ලුක්ට ලියනා ලද ලිපිය මෙක්සිකානු රාජ්‍ය දුතයා විසින් කැනේඩියානු-ඇමෙරිකා රාජ්‍ය නියෝජිතයන් හරහා ලුක් අතට පත්වීමයි.එය කතාවට ලුක්ගේ නැවත ආගමනයයි. පසුගිය කතාව අළුත් ප්‍රවේශයක් ලබාදුන්නත් එය ප්‍රශ්න කන්දක් ඉතිරි කලා වගේ දැනුනා මටනම් මේ කතා සාමය අවසාන මත්තෙන් ලුක්ට ජූන් කරා පැමිණෙන්නට හැකිවේවිද? මටනම් හිතෙන්නේ කාලය මදිවේවි වගේ. ඔයාලගේ අදහස කොහොමද? නැවතත් සුපුරුදු පරිදි කතාව, ජුන්ගේ පැත්තෙන් කියවන්නයි සුදානම. ජුන්ගේ හා නික්ගේ සම්බන්ධය කුමක් උදෙසා වුවක්ද කියා සිතාගන්න බැරි තැනකයි තියෙන්නේ.ඔයාලටත් එහෙම ඇති? ඒ වගේම ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් අතර ඇති සම්බන්ධය ජූන් විසින් කෙතරම් දුරකට ගෙනයාවිද ?කමාන්ඩර්ගෙන් වාසිතකා පමණද ඇය එය භාවිතා කරන්නේ ? අද කතාව ඒ සෑම දේකට පිළිතුරු සපයවී.

අද කතාව,

කොටස් 8ක් විකාශය වනතෙක් සැඟවුන චරිතයකට පණ පෙවූ නික්ගේ අතීතාවර්ජනය ගෙන එන්නටයි අද කතාවෙන් භාගයක් වෙන්වුනේ. අද කොටස සම්පුර්ණයෙන්ම වෙන්වී ඇත්තේ සැඟවුන දේවල් ගැනම කතා කරන්න වීම විශේෂත්වයක්. “සැඟවුන ජිසෙබෙල්” කරා හොරෙන්ම පියමනින්නේ කවුරුන්ද? ඇයි එහෙට යන්න තියෙන අවශ් යතාව? එහෙ මොනවාද සිද්ද වෙන්නේ? මෙතෙක් කතාවේ සැඟවුන චරිත මේ සැඟවුන ස්ථානයෙදීවත් හමුවේවිද? කමාන්ඩර්වරුන්ගේ සැඟවුන කතාවන් අද කරළියට එන්න නියමිතයි. අද කතාවේ IMDb අගය 8.1 ක් අගයක් පැවතීම පසුගිය කතාව හා සසඳන විටදී ගොඩක් පහල මට්ටමක් වුවත්, මට දැනෙන විදිහට කතාවේ ගුණයට බලපෑමක් එල්ල කරන්නට එය සමත් වුනේ නැහැ. එහෙනම් වැඩි කතා නැතුව, එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු හැමෝටම ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | TBS | 208MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *