MENU

The Handmaid’s Tale [S02 : E01] | ජූන්… (18+)

ඔන්න එක දිගටම පළවෙනි කතා සමය අවසන් වෙනකම්ම ඔයාලා වෙනුවෙන් උපසිරැසි දෙන්න පුළුවන් වුණා.පලවෙනි කතා සමයට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම. ඔයාලා කරන පුංචිම හරි අදහස් දැක්වීමක් තමයි අපිට විශාල ධෛර්යක් වෙන්නේ.ඔයාලගේ අදහස් දැක්වීමට ස්තුති කරන්න කලින් අවස්ථාවක් නොලැබුනේ පළමු කතා සමයටම එක පාර උපසිරැසි දෙමුයි කියන අදහස සමීර සහෝ දාපු නිසයි.ඒ කොහොම වුනත් මෙදා පාර සමගාමී විකාශයත් එක්ක දෙවන කතා සමයේ උපසිරැසි ලබාදීම අවසන් කරන්න පුලුවන්, මොකද කතා මාලාව HULU නාලිකාවේ තවම විකාශය වන නිසා.

අදහස් දැක්වීම ගැන මතක් කරනකොටම, ඒ තුළින්ම පලවෙනි කතා මාලාව ගැන පොඩි දෙයක් ගැන කියන්න හිතුනා. ඔෆ්රෙඩ් හෙවත් ජූන්, “අපේ කතා නායිකාව” ගැන එක සහෝදරයෙක් අදහස් දක්වලා තිබුණා, ඔෆ්රෙඩ් ට සුපිරි බලයක් තිබුණා නම් කුමක් වේවිද කියා? එයට මාත් මෙසේ අදහසක් එක් කරන්නම්,

ෆෑලෑශ් ට වගේ හයියෙන් දුවන්න පුළුවන් වූනා නම් ,එක තත්පරයෙන් හෑන්ඩ්මේඩ්ලා පමනක් ඉතුරුකර ගිලීඩය විසින් පාලනය කරන සෑම තැනකම සිටිනා සියලුම විශ්වාසයේ  හමුදාවන්ගේත්, කමාන්ඩර්වරුන්ගේත්, ආන්ට්ලාගේත් සියලු ජීවිත එක තත්පරයෙන් අවසන් කර දමාවි.  ඇරෝට වගේ ගහගන්න ඊතල විදින්න පුළුවන් වුනා නම්, ගිලීඩයේ ඉන්න හමුදාවන්, කමාන්ඩර්වරුන්, ඔවුන්ගේ බිරින්දෑවරු සියලු දෙනාම පිළිවෙළකට ලැයිස්තුවකට අවසන් කරාවි. ඒත් ඒ කිසි ම සුපිරි බලයක් නැති ඔෆ්රෙඩ් හරි අපූරුවට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් එක්ක මොලයෙන් ගහන ගේම, මිසිස්.වෝ ටර්ෆෝර්ඩ් ට එකට එක කරන අපූරුව, නික් හා කමාන්ඩර් ව හරි අපූරුවට භාවිත කරන ආකාරය ,ආන්ට් ලිඩියා එක්ක ගේම ඉල්ලන හැටි, යාලුවන්ව බේර ගන්න දඟලන හැටි හරි අපූරුවට ඔයාලට මතක වෙනවා ඇති.

දෙවෙනි කතා මාලාව ආරම්භ කිරීමට සාරංශයක් ගෙන එනවා නම් පලමු කතා මාලාව තුලින්,

  • පළමු කතාමාලාව ආරම්භයේ ජූන් හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථ වීමකින් තමයි කතාව ආරම්භ වෙන්නේ.පසු ව ජුන්ට Red Center තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් බවටත් ,හැනා ව දරුවන් රැක බලාගන්නා මධ්‍යස්ථානයකත්, ලුක් සරණාගත කඳවුරකත් ලැගුම් ගන්නට සිදු වෙනවා.
  • පලමු කතා සමය අවසන් වන විට, ගිලීඩයේ සැබෑ අරමුණ දරුවන් වැදීම පමනක් නොවී, වෙනත් රට වලට දරුවන් විකිණීම දක්වා ගලා යනවා, ඒ අතර වාරයේ ගිලීඩය ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය ,විශ්වාසයේ හමුදාවන්ගේ පැමිණීම, කමාන්ඩර්වරුන්ගේ අතීතාවර්ජනය, පාලන ක්‍රමය බිහි වූ ආකාරය ,දඬුවම් ක්‍රියාත්මක වන ආකාරය, වර්තමාන සෞඛය පිරිහීම හා සරුභාවය වැනි කරුනුත්.
  • මුලධර්මවාදී ආගමික පසුබිමත්, Red Center තුලින් පලා යන්නන්ට වන ඉරනමත්, සැබෑ හමුදාවට වඩා රහස් හමුදවේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරුත් , වර්තමාන තත්වයන් හමුවේ දරුවකුට මේ සමාජයේ ඇති වටිනාකමත්,උසස් පන්තියේ රහස් සමාජ ක්‍රියාකාරකම් දක්වන්නත් පුළුවන්.
  • පලමු කතා සමය අවසන් වුයේ ඔෆ්රෙඩ් සියලු දෙනාටම ප්‍රශ්න වැලක් ඉතුරු කරමින් නික්ගේ දරුවා කුසේ දරාගෙන,නික්ගේ වචනය විශ්වාස කරමින්, කමාන්ඩර් ෆ්‍රෙඩ්ට හා සෙරීනාට තරු පෙන්වමින් විශ්වාසයේ හමුදාව විසින් ඇය ව ගෙදරින් රැගෙන ගිය අවස්ථාවෙන්. මම නම් පුද්ගලිකව සතුටු වුන අවස්ථාවක් තමයි ගෙදරින් යන වෙලාවේදී ජූන් සෙරිනාට දාපු බැල්ම. පළමු කතා සමයේදී සියළුම නළු නිළියන් සෑම චරිතයකටම මැනවින් සාධාරණය ඉෂ්ට කල කතා සමයක් වුණා.
  • අන්තිම අවස්ථාවේ මාර්තා රීටා ට Mayday විසින් ඇය ලවා ගෙන්වා ගත් ලිපි පාර්සලය ගැන කීවේ ඇයි, කියන දේට පිලිතුරක් ඔයාලාට හිතාගන්න පුලුවන් ද?

එයට පිලිතුරු මේ කතා සමයේ හොයන්න උත්සහ කරන්න ඔයාලට ආරාධනා කරනවා.

පසුගිය කතා සමය පුරාවටම පළවුන කොටස් දහයේ “නම්” ගැන ඔයාලා පොඩ්ඩක් හිතුවාද නිකමට ? ඇයි ඒ කොටස් වලට ඒ නම් යෙදුනේ කියලා. ඒ හැම කොටසකටම යෙදුන නමින් ඒ දවසේ කතාව පැහැදිලි කරන කතා දෙකක් බැගින් තිබුණා, මම නිවැරදිනම්. ඔයාලටත් එහෙම හිතුණද ?

එහෙනම් දෙවන කතා සමයේ පලමු කතාව දෙසට හැරෙන්නයි මේ සූදානම,

අද කතාව

IMDb දර්ශකයේ 9.2ක අගයකින්ම අද කතාව පටන් ගන්නකොටම පිස්සු හැදෙනවා නේද ? ඔව් ඔව් , පසුගිය කතා 10ටම වඩා මෙම කොටස ඔයාලව පිස්සු වට්ටයි කියලා මම කිව්වොත්, මම නිවැරැදයි.මට හොඳටම විශ්වාසයි ඒ ගැන. ඇත්තටම ඒක එහෙමයි. මේ කතා සමය ඔයාලව හැම මොහොතකම පුදුම කරන්න සමත් වෙවි. අද කතාවේ නම “ජූන්”.ඔයාලට මතක ඇතිනම් මෙම කතා මාලාව පටන් ගන්නකොට පළමු කතාවේ නම වුනේ “ඔෆ්රෙඩ්”. මම ඔයාලට කිව්වා එතකොට “ජූන්” කියන නම දැන් තහනම් කියලා. දැන් දෙවන සමය පටන් ගන්න වෙලාවේ ඒ තහනම් ඉවත දමනවා කිව්වොත් මං නිවැරදියි.

ජූන්වත් කිසිවක් නොදැන කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදරින් විශ්වාසයේ හමුදාව සමග නික්ගේ වචනයට පිටත්ව ගිය ඒ ගමන අද කොතනින් නතර වෙවිද?

පසුගිය කතා සමයෙන් බිදීගිය ආන්ට් ලිඩියා නැවත ශක්තිමත් වේවිද? නැතිනම් හෑන්ඩ්මේඩ්ලා බලවත් වෙවිද?

සුපුරුදු පරිදි අද කතාව ගොඩක් සංවේදී වගේම තියුණුයි. මම ඒ ගැන වැඩිය කතා නොකරම, පිස්සු හැදෙන කතා මාලාවක, දෙවන සමයේ පලමු කතාවෙන්ම ඔයාලව ආයේ පිස්සු වට්ටන්න සුදානමින්, කතාව ගැන ඔයාලගේත්, අදහසත් එක් කරන්න ඉල්ලමින්, ඊලග කොටසින් හැකි ඉක්මණින්ම හමුවන තුරු, හැමෝටම ජය…? ගිහින් එන්නම් එහෙනම්.?✌

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 250MB |

B1DE25AD0FD75D8276E13A3D8B9E83733AA9691C

Direct Download 

| WEBRip | x264 | 480p | 160MB |

   

| WEBRip | x265 | 720p | 250MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *