MENU

The Handmaid’s Tale [S02 : E02]| කිසිවෙක් නොවනවුන්… (18+)

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් පරක්කු නොකර අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවෙනි කතා සමයේ දෙවැනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා.මේ උත්සාහය සමගාමී විකාශයක් එක්ක උපසිරැසි දෙන්න ලෑස්ති වෙන්නයි. අදහස් දැක්වු සැමට මෙසේ තුති පුදන්නේ ඔයාලගේ වචන,අදහස් මට නිරතුරුවම ධෛර්යයක් ගෙනෙනා නිසාවෙනි. මෙතෙක් සිදු සිදු වූ කතාව පසුගිය සතියේ ලිපියෙන් විස්තර කළ නිසා මම ආයේ මතක් කරන්න යන්නේ නැහැ ඒ ගැන.වැඩි කාලය නොයවා අපි බලමු පසුගිය කොටසින් සිදුවූ දේවල් ගැන.

පසුගිය කොටසින්,

හැමෝම බලාපොරොත්තු වුනා නේද,අලුත්ම ආරම්භයක් ජූන්ගෙන් ? අයියෝ සල්ලි…ඒ සියලූ බලාපොරොත්තු සුන්කරමින් ආන්ට් ලිඩියා තම බලය විහිදවූ ආකාරය තියුණු ලෙස කතාවෙන් මතුකරා.හැබැයි මට මතක විදිහට නම්, පළමු කතා සමය අවසන් වෙනකොට ආන්ට් ලිඩියා කිව්වා මේ හැමදේකටම ප්‍රතිවිපාක තියේවි කියලා.ඒ කිව්ව විදිහටම ගිලීඩයේ බලපරාක්‍රමය විහිද වූ කොටසක් ලෙස දෙවන කොටසේ ආරම්භය දක්වන්න පුලුවන්.

මාත් මුලින් හිතුවේ,නික් ජූන්ව ගෙදරින් පිටත් කරවන්න ක්‍රමයක් සූදානම් කරලා කියලා.ඒත් නොසිතූ පරිදි හෑන්ඩ්මේඩ්ලා හැම කෙනෙක්වම ක්‍රීඩා පිටියට රැස්කරලා මරණ බය ඇති කරපු කොටසට ගොඩක් දැනෙන්න ඇති කියලා හිතනවා හැමෝටම.එතැනින් නොනැවතුණු ආන්ට් ලිඩියාගේ පුද්ගලයින් හික්මවීමේ කලාව නම් අති විශිෂ්ටයි.ඒ මොන දේ කලත් අපේ කතා නායිකාව, “ජූන්” හරි අපූරුවට තම වාසිය ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනුනත්, ආන්ට් ලිඩියාගේ පලමු මට්ටමේ උපක්‍රම වලින් නොනැමුනත්,දෙවන මට්ටමට ආන්ට් ලිඩියා ලඟාවෙනකොට ජූන් තේරුම් ගන්නවා තවත් දැඟලුවොත් අතපයේ දම්වැල් දාගෙන මාස 09ක් හිරවෙන්න වෙනවාට වඩා, ලැබූ නිදහස රැක ගන්න එක හොඳයි කියලා.මේ දේවල් අතරවාරයේ අතීතාවර්ජනය ලෙස වයිට්හවුස් හා එවකට දේශපාලන බිඳවැටීම වගේම විශ්වාසයේ හමුදාවන්ගේ පහර දීම ගෙන ආවා. කරුනුකාරනා ගොඩක් පැහැදිලි මොහොතක,කතා මාලාවට නව මාවතක් එලිපෙහෙලි කරන්නට සමත්වුවා පසුගිය කොටස අවසනදී. එනම් සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් නික්ගේ හා මේඩේ සහය ඇතිව ජූන්ව අතුරුදන් කිරීමත් සමඟම.

අද කතාව,

අද කතාව ආරම්භවන්නේ ජූන්ගේ පලයාමත් සමගයි,අපි බලමු අද කතාවෙන් ජූන්ගේ පලායෑමේ වික්‍රමයට කුමක් වෙවිද කියලා, ඒ වගේම මේ පලායෑම සිදුකල හැක්කක් ද? සෑම ඒකකයකටම අණ ලැබී ඇත්තේ ජූන්ව සොයාගැනීමටයි. කරුනුකාරනා මෙසේ වෙද්දී ජූන්ට පලායාමට හැකි වේද? අද කතාවෙන් ඒකට උත්තර හොයාගන්න පුලුවන්.

පලමු කතා සමයේදී, අපිට දැනගන්නට ලැබුණා දරුණු ගණයේ අපරාධ සඳහා දඬුවම මරණයටත් වඩා අන්ත දෙයක් බව.එනම් කොලනියට පිටුවහල් කිරීමයි. ඉතින් එහෙනම් අද කතාවෙන් ඔයාල හැමෝවම ඒ අපායට එක්කන් යනවා. මිහිපිට ඇති එක් අපායක් කිව්වොත් මා නිවැරැදියි.අපි බලමු මේ අපායේ කවුද ඉන්නේ? මොනවද කරන්නේ? කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා.බය වෙන්න එපා අපායට ගියත් තනියම නම් යන්නේ නැති පිරිසක් මේ අපායෙත් ඉන්නවා. කතා මාලාව ඉදිරියට ගලන ආකාර අනුවනම් කොලනියේ වැඩ ගැන ඉස්සරහට තවත් දැනගන්න ලැබේවි,කතා කරන්න ලැබේවි. අනුමාන ගොඩක් තියෙනවා,එක්කො ඕනි නැහැ,ඔයාලම බලලා කියන්නකෝ. ගිහින් එමු අපාය පැත්තට එහෙනම්.?ජය…?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 280MB |

C504CA7F233BD6ABB2560EBFCFAEC030B7E35DA4

Direct Download

| WEBRip | x265 | 720p | 240MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *