MENU

The Handmaid’s Tale [S02 : E05] | බීජයන්…(18+)

එහෙනම් මිත්‍රවරුනි, අද ඔබත් සමග එකතු වන්නේ රතුවත හැඳි , අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාවේ දෙවන සමයේ පස්වන කොටසත් සමඟයි. ගොඩක් වෙලාවට ඔයාල නොදන්නවා ඇති, මේවන විට IMDb දර්ශකයේ හොදම කතාවන් අතර #152 ස්ථානය ගන්නට මෙම කතා මාලාව සමත්ව තිබෙන බව.මේ වන විට තෙවන කතා සමයකුත් නිකුත් වන බව තහවුරු කර අවසන්.

පසුගිය සතියෙන්,

පොරොන්දු වු පරිදිම පසුගිය සතියේ මාතෘකාවෙන්ම අද ලිපිය පටන් ගන්නම්.පසුගිය සතිය වෙන්වුනේ “වෙනත් කාන්තාවන්” නමින්.වෙනත් කාන්තාවන් ගැන සඳහන් කරන විට ජූන්ගේ ජීවිත කතාව ගැන කතා නොකර බැහැ.ජූන් ගිලීඩයේ ආක්‍රමණයට පෙරාතුව ගත කල ජීවිතය ගැන සිහිපත් කලොත්, ඇය ලුක්ගේ දෙවන බිරිඳයි. නොයෙකුත් හැල හැප්පීම් මැද විවාහ වන ඔවුන් දෙදෙනාට ඇයගේ මවගෙන් මෙන්ම ලුක්ගේ කලින් බිරිඳගේ ප්‍රශ්න ගොඩනැගුන ආකාරය ඔයාලට මතක ඇති කියල හිතනවා. අනතුරුව ගිලීඩයේ ආක්‍රමණයන්ට ‍යටත් වු පසු ජීවිතයේදී ජූන්ට කමාන්ඩර්ගේ හෑන්ඩ්මේඩ් ලෙස සිටිනා ගමන්, නික්ගෙන් දරුවකු වැදීමට සිදුවන්නේ දෙවැන්නෙක් ලෙසය.ජූන්ගේ ජීවිතය සැමවිටම දෙවැන්නෙක් ලෙස ගතවන ආකාරය තමයි අපිට පසුගිය කොටසින් විදහා පෑවේ. තවද ඇගේ අම්මාගේ සිහිනය එකක් වෙද්දී,ඇය තෝරාගන්නේ වෙනත් කාන්තාවක් වන්නටය.මේ සියලු දේ ගැන සලකා බලනවිට ඇයට වෙනත් කතක් ලෙස ජීවිකාව ගෙවන්නට වු බව නම් මනාවට පැහැදිලි වුවා.

පසුගිය සතියේ “මාතෘකාව” එලෙස පැහැදිලි වෙද්දී, අපේ කතා නායිකාවගේ සියලු ශක්තීන් සුනු විසුණු වී , කෑලි කෑලි වලට කඩා දමන්නට ආන්ට් ලිඩියා සමත් වෙනවා.ඔව්,එය මගහරින්නට දන්නා සියලු උපක්‍රමයන් ඇය යෙදුවත්, ඇයට පැන යාමට උදව්කල මිනිසුන්ට ඇය අත්කල ඉරණම හමුවේ ඇයට නොසැලී ඉන්නට හැකියාවක් ලැබෙන්නේ නැහ. කරුනුකාරනා එසේ වෙද්දී පසුගිය කොටසේ කතාව අවසන් වුයේ, කතාව නැවතත් මුලටම ඇද දමමින්.එය උස්සල පොලොවේ ගැහුවාට හා සමාන වුවා.

“we’ve been sent in good weather “

මං අනුමාන කල පරිදිම ජූන්ගේ පලා යෑම තව දුරයි බව තහවුරුවුවා. මටනම් හිතෙන්නෙම ජූන්ට කොලනියටත් යන්න පොටක් පෑදෙයි කියලා,කතාවේ කිසිම ඉඟියක් මේ වෙනකම්, ඒ ගැන නොමැති වුවත් අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා ජූන් ඇතුලුව රතුවත හැඳි කතුන්ට.

අද කතාව,

අද කතාව වෙන් වන්නේ මංගල්‍යය දෙකක් සමග අවමංගල්‍යයක් සමරන්නටයි. අද කොටසේ නම “බීජයන්” මොනවද මේ බීජයන් ඇත්තටම? ජූන්ගේ දරු ගැබ එක් පසෙකින් බීජයක් වන අතර, අනෙක්පස කතාව ලෙස ඔබ නොසිතපු පැත්තකට අද කතාව ගෙන යනවා, එනම් ගිලීඩයේ ආක්‍රමණයත් සමඟම නගරයන් හී ජීවත්වූ දරුවන්,විශේෂයෙන් දැරිවියන්ට සිදුවන ඉරනම ගැන අනෙක් පස කතාව කරලියට ගෙනෙනවා. එය තවත් බීජයක් ලෙස සලකන්නට තරම් කරුනුකාරනා විශාල වශයෙන් ගෙන එනවා අද කතාවෙන්.

නැවතත් කොලනිය කරලියට පැමිනෙනවා, ජෙනින් සමග එමිලි වැඩ පටන් අරන් එහෙ. ? ඒ ගැන නොකියාම ඉන්නම් කුතුහලය නැතිවන නිසාවෙන්.

ඊට අමතරව සෙරිනා හා ජූන් අතර තිබෙන පරන කෝන්තර ජූන් අමතක කර දැමුවත් සෙරිනා අමතක කර නැති බව දක්නට ලැබේවි. අම්මෝ ඒක ?, එය ජූන්ට මැරෙන්න හේතු කාරනාවක් වනවා නිසැකයි, ජූන්ට මේ සියලුදේ ඉවසාගත හැකි වේවිද? කැඩී, බිඳී, සුන්වී සිටින ඔෆ්රෙඩ් ට මෙය කෙසේ පාලනය කරගන්නට සමත් වේවිද ?

මට හිතෙනවා වෙලාවකට, ජූන්කල දේවල් නැවත ඇයටම පඩිසන් දෙනවාදෝ කියා.♻ එහෙනම් ඔයාලගේ අදහසත් එක් කරන්න අද කතාව බලලාම. ආහ් … “පුංචි වචන දෙක තුන” උනත් ඒක ගොඩක් වටිනවා. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම ජය..!!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | TBS | 200MB |

58F8E872281C1A6D62E7AAE772CA8216ED5E5D94

Direct Download

| WEBRip | x265 | TBS | 200MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *