MENU

The Handmaid’s Tale [S02 : E07] | ව්‍යසනයකට පසුව…(18+)

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවනේ. ඔන්න එහෙනම්, හැමෝම මඟ බලාන හිටිය රතු වත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සූදානම. දර්ශකයන්හී අගයන් කුමට දක්වන්නද? මේ කතා මාලව ආරම්භයේ පටන් විවිදාකාරයේ දර්ශකයන්හී අගයන් හොල්ලන කතා මාලවක් බවට පත්ව අවසන්.

පසුගිය කොටසින්,

ජූන්ගේ සියදිවි නසා ගැනීමේ උත්සහයෙන් අනතුරුව ජූන් නැවත ගෙදර එනවා. ඒ ආවත් සෙරීනා නම් නැහැ ඇය අසලින් සෙලවුනේ. දවසක් ගත වනතුරුම ජූන්ට තම කාමරයට යන්න අවස්ථාව නම් ලැබෙන්නේ නැහැ.ඒ කෙසේ වෙතත්
සෙරීනා හා ජූන් ක්‍රමයෙන් හිතවත් වන බවක් නම් පෙනෙන්නට තියෙනවා. අපි බලමු ඉස්සරහට. සුපුරුදු පරිදි නැවතත් ජූන් ගේ ටිකිරි මොලෙන්, ඇයට තම කාමරය වෙත යන්නට අවස්ථාව ලබා ගත්ත විදිහ ඔයාලට මතක ඇති.

මෙච්චර කාලයක් අණ පිළිපැදපු ජූන්, දැන් ඉල්ලීම් කරන්න තරම් දියුණු වෙලා. ඇය සෙරීනා ගෙන් හැනාව බලන්න යන්න ඉල්ලීමක් කරනවා.ඒත් ඊට ඉඩක් ලැබෙන්නේ නැති පාටයි. දැන් කතාව එන්න එන්න හැඩ වැඩ වෙන පාටයි.ඒ වගේම ජූන් හා සෙරීනා සම්බන්ධය හරි අපූරුවට ගලාගෙන යනවා. විටක ජූන් සෙරීනාගෙන් ප්‍රයෝජන ගන්නවා.තවත් විටක සෙරීනා ජූන්ගෙන් ප්‍රයෝජන ගන්නවා.

නික් හා ඊඩ්න්ගේ විවාහය සිදුවුවත් තවමත් නික්ගේ හිත තියෙන්නේ ජූන් ළඟයි. මේ බව සෙරීනා දන්නවා වුනත් ඊඩ්න් නම් තාම දන්නේ නැහැ. ඉතින් නික් ගැන ඊඩ්න් වද වෙනවා. මෙය කෙලවර වන්නේ නික් ගැන ගිලීඩයට ඊඩ්න් විසින් පැමිනිලි කිරීමෙන් බව ජූන් දන්නා නිසා, ජූන් එය නික්ට වටහා දුන්නා ඔයාලට මතක ඇති.

මේ දේවල් අල්ල පනල්ලේ නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ වැඩ නිම වෙමින් පවතිනවා.එය භාරව වැඩ කරන්නේ කමාන්ඩර් ෆ්‍රෙඩ්.

පසුගිය කොටසේ අතීතාවර්ජනය වුයේ , සෙරීනා හා ෆ්‍රෙඩ් ගිලීඩයට අඩිතාලම සකසන සම්මන්ත්‍රණ චාරිකාවේදී සෙරීනාට වෙඩි වදින අවස්ථාව හා සම්බන්ධ දේවල් ගැනයි. ඇයට මෙම වෙඩි ප්‍රහාරයේ වන්දියක් ලෙස දරුවන් වැදීමේ අවස්ථාව අහිමි කරනවා.

පසුගිය කොටස අවසන් වන විට නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අවසන්ව, එය විවෘත කරන අවස්ථාවට එලඹ තිබුනා.එයට ගිලීඩයේ සියලුම සහෝදවරුන් සහභාගි වී සිටියා. අපි කවුරුත් හීනෙකින්වත් නොසිතුව ලෙස සහෝදරවරුන් මධ්‍යට පැමිනි ඔෆ්ග්ලේන් මරාගෙන මැරෙන බෝම්බයක් පිපුරුවා හැරියා.එය ඔබව මොහොතකට නිසොල්මන් කලා නොවේද? ඔයාලා සැබෑ හෑන්ඩ්මේඩ් රසිකයෙක් නම් ප්‍රීතියෙන් පිනා යන්නට ඇති. හතුරෙකුට මෙවැනි පලිගැනීමක් කෙතරම් නම් අගනේද? ?

අද කතාව,

කතාවේ ඉදිරිය ගැන, අනුමාන කිසිවක් නොදී පසුගිය කොටස අවසන් වුවා මතක ඇති ඔයාලට. මාත් ඒ කුතුහලය ඔයාලට එහෙම්මම තියන්න කැමතියි.

අප දන්න තරමින්, හෑන්ඩ්මේඩ්වරියන්ගෙන් කිහිප දෙනෙක් හා ගිලීඩයේ සියලුම සහෝදරවරුන් නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ සමාරම්භක උලෙළ ට සහභාගිවී සිටියා. ජූන් නම් ගෙදරනේ, කතාව දැන්ම අවසන් වෙන්නෙත් විදිහක් නෑ , මොකද කතා නායිකාව ගෙදරනේ? ? ගිලීඩයේ අවසානද මේ?

කුතුහලය එහෙම්ම තියන්න මම පොරොන්දු වුනා නේ. හරි හරි මුකුත් කියන්නේ නැහැ .?

අද සීමාවෙන් එපිට ලෝකයත්, දේව ජනපදයත් ,කොලනියත් එකට හමුවනවා. එයට හේතුව මේ බෝම්බ පිපිරීමයි. අද අතීතාවර්ජනය ලෙස මොයිරාගේ ජීවිතයේ කොටසක් ගෙන එනවා.

අද කතාව අවසන් වන්නේ සතුරන් මිතුරන් වී, මිතුරන් සතුරන් වී බව නම් කියන්න පුළුවන්. කතාවේ හැරවුම් ලක්ෂය මේ කොටස විය හැකියි. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ කොටසින් හමුවෙමු.? ජය…!!! ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 230MB |

732111A8334373B8E258AAA9E530A3395519AE18

Direct Download

| WEBRip | x264 | TBS | 230MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *