MENU

The Handmaid’s Tale [S02 : E11] | අපොයි දෙයියනේ…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා.

පසුගිය කොටසින්,

ඔයාලා හැමෝටම මතක ඇතිනේ පසු ගිය කොටසින් මෙතෙක් කතාවේ, චරිත විශාල ප්‍රමානයක් එක් අවස්ථාවක් වෙනුවෙන් පෙල ගැසුනා. එසේ පෙල ගැසුනත් එම අවස්ථාව සාර්ථක වුනෙත් නැහැ නේ. නැවත වතාවක් සෙරීනාව අසරණ කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා ඔයාලට මතක ඇති.

ජූන්ගේ ගර්භණී සමය තමයි දෙවන කතා මාලාවේ හරය වුනේ. ඉතින් එය ජූන් තමන්ගේ තුරුම්පුව බවට පත් කරගන්නට ඇය මනාව සමත් වන අතර වාරයේ, ඒ තුරුම්පුව ෆ්‍රෙඩ් හා සෙරීනා කෙතරම් බලවත් තත්වයක සිටියත, එය ඔවුන් අසරණ කරන්නට සමත් බව ජූන් මේවනවිට හොදාකාරවම හැඳිනගෙන අවසන්.

එයින් උපරිම පල නෙලාගන්නා ජූන්, අවසන තම දුව දැක බලා ගන්නට අවස්ථාවක් විවර කර ගන්නවා. ඒ අවස්ථාව පහසුවෙන් හිමිනොවුවක් බව ඔබ මා හොඳාකාරවම දන්නවා. ගිලීඩයේ කුරිරුතාව මනාවට පසක් කරමින් ජූන් නැවත නැවතත් දූෂණයට ලක් වෙනවා. නිසැකවම එය ගොඩක් සංවේදී අවස්ථාවක් වෙන්නට ඇති ඔබටත්.

ජූන් පුංචි හැනාව බැහැ දකින්න යන අවස්ථාවේ පටන්, කතා මාලාව නැවත හරවන්නට සමත්වනවා. කවුරුත් අපේක්ෂා නොකල වාසියක් ජූන්ට අත්වන්නේ, නික්ව ගිලීඩයේ ඔත්තුකරුවන් වෙතට හසුවිමෙන් අනතුරුවයි. එහෙදී ජූන්ට සිදුවූ දේ කවුරුත් දන්නේ නැහැ. එයම දෙදෙනාගේම ගැලවීමට හේතුවක් වේ යැයි පැහැදිලියි. මන්ද නික්ට ගැලවීමට මගක් එලිපෙහෙලි වෙන්නට අවස්ථාව ගොඩක් වැඩියි. එමෙන්ම ජූන් ගැන කවුරුත් කිසිවක් නොදන්නා නිසා එයම ඇයට වාසියක් වනවා නිසැකයි.

අද කතාව,

මේ සියලු කාරනා ජූන් ඇරෙන්නට කිසිවෙක් නොදන්නා නිසා, ජූන්ගේ ඉදිරි ගමනේ තීරණය ඇය මත පවතිනවා. මොනදේ කරන්නත් ජූන් යහතින් ඉන්න එපැයි. ජූන්ගේ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවක දේශසීමාවෙන් පැන යන්නට ඇති ඉඩ ගොඩක් අඩුයි. මේ වනවිට ජූන් තම දරු ප්‍රසූතියේ උපරිම අවස්ථාවට පැමින තිබෙනවා.

කාත් කවුරුත් නොමැති පාලු මිටියාවතක, තනිවම දැරු උපතක් කෙසේනම් සිදුවේවිද? ජූන් නිවසේ නැතිවී බව දැනගත් සෙරීනා කුමක් සිදු කරාවිද? කමාන්ඩර් ෆ්‍රෙඩ් මේ අවුලට කිනම් පිලියමක් යොදයිද? ජූන් පසුපස කවුරුන් පැමිනේවිද? ඇයට සැඟවී පලායන්නට හැකිවේවිද? මේ සියලු කාරනා වලට විසදුම් දෙන්නට අද කොටස සමත් වෙනවා. අදත් වෙනදා වගේම කතාව බෙහෙවින් සංවේදී වනවා. වෙනදා මෙන් නොව අද කතාවෙන් මොකද්දෝ අමුත්තක් ඔයාලට දැනේවි !!!  එහෙනම් ගිහින් එන්නම්.? ජය…!!! ?✌

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 200MB |

58E91170AA934B9D2CB41441F809C8E4F59F8B18

Direct Download

| WEBRip | x264 | TBS | 200MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *