MENU

The Hidden Soldier (2017) AKA Chinese Widow (2017) AKA In Herm’s Way (2017) AKA Feng huo fang fei | සැඟවුණු සොල්දාදුවා…

කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්නෙ මේකත් පුළුවන්නම් බලන්න කියලනෙ, හැබැයි අද නම් කියන්නෙ මේක අනිවාර්යයෙන්ම බලන්න කියල. අපි දවස ගානෙ ඇතිතරම් ෆිල්ම් TV සීරීස් බලනවා. ඒත් අපේ හිත්වල යම් කාලයක් හරි රැඳෙන්නෙ එහෙමත් එකක් විතරයි. ඉතිං එහෙම එකක් කාලයක් ගියත් මතක් කර කර උනත් රස විඳින්න පුළුවන්. මදැයි ඔය වර්ණනා කලා නේද?

ඉන්න ටිකක් කතාව ගැන කියන්න,

මේක ඇවිල්ලා, දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන ගොඩනගපු කතාවක්. ගොඩක් අය දන්නවා ඇතිනෙ ජපන් හමුදාව විසින් පර්ල් වරායට බෝම්බ දාලා විනාශ කලා කියල. ඉතිං ඒ වෙනුවෙන් පළිගැනීමක් විදියට ජපානයේ ටෝකියෝ වලට බෝම්බ දාන්න ගුවන් යානා පීටත් උනානෙ. මේ කතාවෙ කතා නායකයත් එහෙම ගිය ගුවන් යානයක නියමුවෙක්. ඉතිං හැබැයි එයාලට ගුවන් ගතවෙන්න වෙන්නෙ අනපේක්ෂිත විදියට ගුවන් කලාපයට ගොඩක් මෙපිටින්. ඉතිං ඔවුන්ගේ සැලසුම වන්නේ මෙහෙයුම නිම කර චීනයට ගොස් නැවත ඉන්ධන පුරවාගෙන ආපහු එන එක. ඔවුන් සාර්ථකව මෙහෙයුම අවසන් කලත් ඔවුන්ගේ යානයට සිදුවන හානියක් නිසා එය චීන බිමට කඩා වැටෙනවා. ඊට කලින් ඒ පිරිසම පැරිෂූට් වලින් එලියට පැනගන්නවා. එහෙම පනින ජැක් ටර්නර්ව නුනූ නම් චීන දැරිය විසින් කැලයේදී සොයාගනු ලබනවා. නුනූ කියන්නෙ පියා අහිමි, ධෛර්‍යමත් අම්ම කෙනෙක් ඉන්න කුඩා දැරියක්. ජැක්ව දකින ඇගේ මව වන යිං තීරණය කරනවා ඔහුට සාත්තු කරන්න. මොකද ගොඩබෑමේදී ඔහු අනතුරකට ලක්වෙලා ඉන්නෙ.

ඔය අතරෙදි තමන්ට මහා හානියක් කරපු ඒ පයිලට්ව හොයාගෙන ජපන් හමුදාව යිංගෙ ගමට එනවා. ඉතිං යාළුවනේ කතාවෙ තියෙන්නෙ තම ජීවිත පවා අවධානමේ හෙලාගෙන මේ ආගන්තුකයාව සඟවා තබාගැනීමට ඒ අහිංසක දුප්පත් අය උත්සාහ කරන අන්දම, ඒවගේම ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපකිරීම් ගැන. හැබැයි එහෙම බලද්දිනම් එයාල දුප්පත් නෑ කියල හිතෙනවා. ඒ එයාලගෙ හදවත් වලින්. කැපකිරීම් ගැන කියපු නිසා කියන්න ඕනෙ මේ කතාවෙ දැකපු විශේෂයක් තමයි මෙහි ප්‍රධාන චරිත හැමෝම වගේ විවිධ කැපකිරීම් කරනව, ඒ විවිධ හේතූන් මත. ඒ දේවල් වලින් කතාව ලස්සනට සරසලා තියෙනවා. ඔය ඇති නේද කිව්වා? නැත්නම් බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. බොරුවට කිව්වෙ, ඔය කිව්වෙ කතාවෙ සැකිල්ල විතරයි.

එහෙනම් මේකෙ නිර්මාණ දායකත්වය ගැනත් කෙටියෙන් ටිකක් කියන්නම්. මුලින්ම කියන්න ඕනෙ ඇයි මේකට නම් තුනක්ම දාලා තියෙන්නෙ කියල. මොකද මේ චිත්‍රපටය The Hidden Soldier 2017 , The Chinese Widow 2017, In Herm’s Way 2017 කියන නම් තුනෙන්ම තියෙනවා. එතකොට තව 2017 වගේම 2018 කියලත් සමහර තැන්වල තියෙනවා. In Herm’s Way කියන්නෙ නම් මේක ඇමරිකාව තුල ප්‍රදර්ශනය කරද්දි දාපු නමලු. එතකොට The Hidden Soldier කියන්නෙ බ්‍රිතාන්‍යයෙදි ඒක හඳුන්වලා තියෙන නම. Chinese Widow කියන්නෙ චීන ප්‍රදර්ශනයෙදි ඒක නම් කරලා තියෙන විදිය. ඉතිං ඒ ගැන කිව්වෙ මොකද ඒ නම් වලින් දැනටමත් ඔයාලා ගාව වීඩියෝ එකක් තිබ්බොත් කියල.

මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bille August විසින්, එතකොට කතාව ලියලා තියෙන්නෙGreg Latter සහ Mabel Cheung යන අය වීසින්. රංගනයෙන් දායක වෙනවා Emile Hirsch, Liu Yifei, Fangcong Li යන අය. විනාඩි 97ක ධාවන කාලයක් සහිත මෙය 6.1ක Imdb අගයක් ලබාගෙන තියෙනවා. මේක වර්ගීකරණය කරලා තියෙන්නෙ History, Romance, War යන ඛාණ්ඩ වලට. මේ සළරුව Shanghai International Film Festival (2017) හිදී Best Feature Filmසඳහා යෝජනා වී තිබෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2017 නොවැම්බර් 10වෙනිදායි. ඉතිං ඔය දේවල් තමයි කියන්න තියෙන මූලිකවම කියන්න තියෙන්නෙ.

විශේෂයෙන්ම ස්තූති කරනවා මුහුණු පොතේ මනෝජ් සොයුරාට, ඔහු තමයි මේ උපසිරසිය ඉල්ලා හිටියෙ. ඒවගේම ඉල්ලන ගමන්ම අවසරය ලබා දෙන හැන්ඩි මල්ලිටත්, ඒවගේම අනිත් ඇඩ්මින් සහෝදරයන්ටත්, තරිඳු රුක්ෂාන් ඇතුළු අනිත් සොයුරු සොයුරියන්ටත්, ඒවගේම රසික ඔබ හැමෝටමත්, අපිත් එක්ක රැඳී සිටීම වෙනුවෙන්.

එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් තවත් උපසිරසියකුත් අරං, එතකල්,

ඔබට ජය…


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | 720p | x264 | 800MB 

Direct Download

| WEB | 480p | x264 | 383MB |

| WEB | 1080p | x265 | 618MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *