MENU

The I-Land [S01 : E01] | දූපතක සිරවී…

කොහොමද හැමෝටම! ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ කෙටි රුපවාහිනී කතමලාවකුයි. ඒ කියන්නෙ පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවර වෙන කතාවක්. හරියට The Pacific l Band Of Brothers ආදී රුපවාහිනී කතාමාලාවන් වගේ. මං හිතනවා හැමෝම වගේ Lost රූපවාහිනී කතාමාලාව බලල ඇති කියල. නොබලපු කෙනෙක් නම් නැතිව ඇති. ඒ කොහොමහරි අද මේ අරගෙන එන ඒකත් අන්න ඒ වගේ. හැබැයි ඉතින් සමාන කරන්න නම් යන්නෙපා. මොකද ලොකු ලොකු වෙනස්කම් තියෙනවා දෙක ගත්තහම. 2019 වර්ෂයෙ සැප්තැම්බර් 12. හැමදාමත් වගේම එපිසෝඩ් ඔක්කොම වගේ ආපු දවසෙම නිකුත් කෙරුණා. මොකද මේක Netflix ලගෙ වැඩක්. රේටින් ප්‍රමාණය ගැන හරියටම කියන්න යන්නෙ නැහැ. මොකද කියනවා නම් ඒක හරියටම හැදෙන්න තව දවස් ටිකක් යනවා. මොකද ආපු ගමන්මනෙ. ඒවගේම මං නිර්දේශ කරනවා පහල තියෙන ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියල. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

එක්තරා දුපතකට පුද්ගලයින් 10 දෙනෙක් ගහගෙන ඇවිත්. හැබැයි එයාලා ආවේ කොහොමද එයාලා කවුද යන කිසිම දෙයක් කාටවත්ම මතකයක් නැහැ. අනික මෙයාලා විතරයි මේ දූපතේ ඉන්නෙ. පැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. හැබැයි මෙයාලා එහෙමයි කියල නවතින්නේ නැහැ ඒකට ක්‍රමයක් හොයාගන්න උත්සහ කරනවා. හැබැයි මෙයාලට මේ ගැන අමුත්තක් දැනෙනවා මොකද මේ හැම කෙනෙක්ම හිටපු තැන එක්තරා භාණ්ඩ ළඟ තියෙනවා. ඒ කිව්වේ එක්කෙනෙක් ගාව කවඩියක් තව කෙනෙක් ගාව පිහියක් තවත් කෙනෙක් ගාව ප්‍රථමාධාර පෙට්ටියක් වගේ දේවල්. ඒ නිසාම මෙයාලට මේ ගැන අමුත්තක් දැනෙනවා. තව කියනවා නම් මෙයලාව එහාට ගෙනත් දාලා ගිහිල්ල වගේ හැඟීමක් ඇතිවෙනවා. මොකද මෙයාලා නිරීක්ෂණය කරනකොට දැනගන්නවා මේ හැම කෙනෙක්ම ඉන්නෙ එකහාසමන දුරකින් කියල. හරිම සැක සහිතයි. හැබැයි මේකෙ එක්තරා ඉඟියක් දීලා තියෙන්නෙ. ඒ මොකක්ද?ගැලවෙන්න තියෙන ක්‍රමයක්ද? නැත්තම් මොකක්හරි මර උගුලක්ද? එහෙනම් අවසානය තෙක් නරබන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 424MB |

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *