MENU

The Last Ship [S04 : E01] සාගතය සහ වෛරසය…

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම තිබුනා. කොහොම වුනත් සීසන් 2 ආරම්භයේදී එකම දවසේ පලමු උපසිරැසි දෙකම දෙන්න පුළුවන් වුනත්, අදම දෙවනි එක දෙන්න අමාරු වෙයි වගේ. කොහොම වුනත් ඒකත් හෙට දවස ඇතුලත දෙන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය සමයන් දෙකේ ආරම්භයන් දෙකේදීම ලිපිය ආරම්භ කරන්නට යෙදුනේ මෙතෙක් දුරට නේතන් ජේම්ස් වලට සහ එහි වෙසෙන චරිත වලට මුහුණ දෙන්නට සිදුවුනු අභියෝග, ජයග්‍රහණයන්, නැතිවුනු චරිත ගැන ගොඩක් දේවල් ලිපියේ සටහන් කරමින්. ඒ වුනත් අද ඒ තරමක් දේවල් ගැන ලිපියට ඇතුලත් කරන්නේ නැති වුනත්, කතා කලයුතු දේවල් ගැන කතා කරන්නයි මේ සූදානම.

මෙතෙක් දුරට නේතන් ජේම්ස් වලට සහ එහි කණ්ඩායමට වසංගතයත් සමග මුහුණ දෙන්නට සිදුවුනු කරදර අදියර වශයෙන්ම මෙතන දක්වලා තියෙනවා.

  1. පලමුවෙන්ම ඊජිප්තුවෙන් මතුවුන  වෛරසයක් ලෙස තමයි රෙඩ් ෆ්ලූ පැතිරීම හඳුනා ගන්නේ. මුලින්ම මිනිසුන් 6000ක් නිරෝධායනය කල අතර ඒ කාලය ඇතුලත මරණ 378ක් වාර්ථා විය.
  2. මිනිසෙකුගෙන් මිනිසෙකුට රෝගය හුවමාරු වන ආකාරයට වෛරසය විකෘති වීම දෙවන අදියර වන අතර අප්‍රිකාවේ කලාප වලට සහ ආසියාවට වෛරසය පැතිරීම ආරම්භ වුනි. වෛරසය වැලඳුනහොත් මරණය නියතය.
  3. පූර්ණ වසංගත තත්වය මීලඟට එලඹෙන ලෝක තත්වයයි. ප්‍රතිශක්තික එන්නතක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නොමැත. ලෝක බලවත් රටවල පවා දේශපාලනික හා නීතිමය පද්ධති බිඳවැටී ඇත.
  4. සැබෑ කාලීනව මෙන්ම සිව්වන අදියරෙහි ප්‍රතිකාර සෙවීමට උග්‍ර ප්‍රයත්නයන් දරන සමයයි. මේ සඳහා නේතන් ජේම්ස් නෞකාව පූර්ණ ජීවිත 217ක් ජෛව උපද්‍රව ඇඳුම් 80ක් සහ සතියකට සරිලන සැපයුම් සමග ලෝකයේ එකම බලාපොරොත්තුව ලෙස දියඹ කරා නැගුනි.
  5. පස්වන අදියර ලෝක මට්ටමින් බලපාන අදියරයි. මෙම අවස්ථාව මරණීය වසංගතයක් ලෝකය පුරාවටම පැතිරුණු පසුව, කාලීනව උදාවන පස්වන අදියරයි. මෙහිදී ලෝක ජනගහනයෙන් ප්‍රතිශතයක් වශයෙන් 80%ක් මනුශ්‍යයින් ආසාධිතව සිටින අවස්ථාව වේ. ලෝක රාජ්‍ය සම්බන්ධතා වල පටන් සියලුම රාජ්‍යයන් තව දුරටත් නොපවතී.
  6. අදියර පහකින් බොහෝ දුරට අවසන් වන ලෝක විනාශය ඩොක්ටර් රේචල් ස්කොට් සහ ක්වින්සි ටොෆෙට් ගේ උත්සාහයන් නිසාවෙන් හයවන අදියර වන බලාපොරොත්තුවේ වටය දක්වා ගෙන එන ලදී. මෙයියින් ජෛව උපද්‍රවයකින් සිදුවන ලෝක විනාශයකට තවත් අදියරක් එකතු කරන ලදී. මේ අවස්ථාවේදී කතාවට අනුව ස්වභාවිකව නොව, සන්නද්ධ කරන ලද ජානයක අනුසාරයෙන් වෛරසය නිර්මාණය කර ඇති බව සොයාගැනේ. මේ වන විට ලෝකයෙන් බිලියන 4.75ක ප්‍රමාණයක ජන සන්නිපාතයක් මරණයට පත්ව ඇත.

කතාවට අනුව නම් අදියර 5කින් ලෝකය විනාශයට පත් වෙනවා. නමුත් ප්‍රතිකාරයක් සොයාගත් නිසාවෙන් බලාපොරොත්තු නොවූ 6 වන අදියරට ලෝකය ගෙන ඒමෙන් පසු තත්වය ගැන තමයි තෙවනි සමයේ සිට කතාවට තේමා වෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත තත්වයක අදියර 6 ගැන කියවන්න මෙතන ක්ලික් කරන්න.

ඒ විදියටයි කතාව ආරම්භ වුනේ. එතැන් පටන් මේ දක්වා ලෝකයට තවත් අනතුරකට මුහුණ පාන්න සිද්ධ වෙලා. කතාව ආරම්භයේදී මිනිසුන්ට වැලඳුනු ආකාරයටම රෙඩ් ෆ්ලූ (රතු උණ) ශාක සහ භෝග වර්ග වලට වැලඳෙන ආකාරයට විකෘති වෙන්නට ආරම්භ වෙලා. මිනිසුන් ලේ පෙරාගෙන මැරෙණ ආකාරයටම වෛරසය වැලඳුනු ශාකය පුරාවටම ලේ රතු පැහැයෙන් මලකඩ (Rust) බැඳී තිබෙනව. මේ නිසා මෙම වෛරසය රෙඩ් රස්ට් යන නමින් හඳුන්වනවා.

පෙර වෛරසයට වඩා රෙඩ් රස්ට් වෛරසය නිසා ලෝකයේ තත්වය පෙරටත් වඩා දරුණු වී ඇත. ශාක වර්ග විනාශ වී යාම නිසා ක්ශීරපායී සහ පක්ශී බොහෝමයක් මිහිපිටින් තුරන් වී යාමේ අවධානමකට ලක්වී ඇත. නමුත් පෙර සේම රෙඩ් සඳහාත් ප්‍රතිකාර සෙවීම සඳහා නේතන් ජේම්ස් කැප්ටන් ස්ලැටරි යටතේ පෙරමගට ගමන් කරයි. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් ලෝකයේ කොනක පෙර ජීවිතයේ සෑම දේකින්ම ඈත්වී ජීවිතය ගත කරන්නට උත්සාහා කරයි. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් හට ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට හැකි වේවි ද?

දෙවැනි කතාංගයෙන් ඉක්මනින්ම හමුවෙමු. අදට සමුගන්නම්.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | mSD | 262 MB |

C4BAFDAA763EA09C60C6119EBB24C9FD27A95BF2

| HDTV | x264 | 720p | DIMENTION | 1 GB |

133750FAEA92630F70045CD371522B81A25C4544

| HDTV | x265 | 720p | PSA | 241 MB |

E53101FAB60DF6B47C50BEF21D8BAB22CE12D0ED

| HDTV | x265 | 1080p | MeGusta | 766 MB |

4FB0E3E5F69198C18E57ED6B06C8BFEA3D4D88E7

Direct Download

| HDTV | x264 | 480p | 260 MB |

    

| HDTV | x265 | 720p | 240 MB |

    

| HDTV | x265 | 1080p | 760 MB |

    

2 thoughts on “The Last Ship [S04 : E01] සාගතය සහ වෛරසය…

  • Where is last ship season1, 2, &3

    Reply
  • sithara dissanayake

    can’t download

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *