MENU

The Last Ship [S04 : E04] | මව් තුරුලට.

පසුගිය සතියේදී මුලින්ම කණ්ඩායම එකට එකතු වෙලා ඇල්ජීරියාවේ ඔරාන් වලට යනවා ඕමාර් පස්සෙන්. කට්ටිය ඕමාර් කියන්නේ කවුද කියලවත් හරියට නොදැන ඉදලා, එයාලට ප්‍රහාර එල්ල කලාට පස්සේ මහමූද් ගෙන් දැනගන්න ලැබුණු පොඩි හෝඩුවාවකින් ඉන්න තැන හොයාගෙන, ඕමාර්ට ගේම දෙන්නම තමා කට්ටියට උවමනාව තියෙන්නේ. කොහොම වුනත් මිසයිල වලින් බේරිලා නැවත් යන්තමට බේරගෙන කට්ටියම පසුගිය සතියේදී ඕමාර්ව කොහොමහරි හොයාගන්නවා. ඒ ඔරාන් වලින්ම තමයි. එතනදී සාශා විසින් ට්‍රැකර් එකක් සවි කරනවා හෙලිකොප්ටරයට. මේ හරහා එයාලට ඕමාර් යන තැන හොයාගන්න ලැබෙනවා. මේ එක්කම ජෝර්ජියෝ, ලුචීයා (ලුසීයා / ලුචීයා යන නම් දෙකම කතාව ඇතුලේ කියනවා, හරි මොකක්ද කියන්න අමාරුයි) දෙන්නා හර්කියුලිස් (චැන්ඩ්ලර්) එක්ක සල්ලිත් අරගෙන එනවා සාඩිනියා කියන දූපතට. ඕමාර්ගේ ට්‍රැකර් එක සවි කරපු එකෙන් නේවි එකත් එන්නේ සාඩිනියා වලටමයි. මෙතනදී තමයි අවුරුදු එක හමාරක් විතර තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ටොම්ව කැප්ටන් ස්ලැටරිට හමුවෙන්නේ. බර්ක්, ග්‍රීන්, වුල්ෆ්, මිලර්, සාශා කියන සෙට් එකම තක්බීරි වෙලා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියන එකයි. ටොම් එක්ක ගහගන්න වගේ පොර පිටියට ගියත් ස්ලැටරි ටොම් දෙන්නා ලාවට වගේ සුහද සාකච්ඡාවක් දානවා සටන් කරන අතරතුරේ. අන්තිමේදී නේවි එක පස්සෙන් එන්නේ බීජ ටික අරගන්න කියලා ටොම් දැනගත්තු ගමන් ආයෙමත් පරණ නේවි කාරයා ටොම්ගේ ඇඟට ආරූඪ වෙනවා. ටොම් වටපිටාව තරමක් දන්න නිසා එයාගේ උදව්වෙන් බීජ ටික අරගෙන ස්ලැටරිට දෙන්නේ, ලුචීයා එක්කම බීජ ටිකත් එලියට ගෙනියන්න. ඒත් ලුචීයා ස්ලැටරිට පිහියෙන් ඇනලා ගියපු එකෙන් කතාවේ ලොකු හැරවුමක් වෙනවා.

අද කතාවේ ඉදිරිය තීරණය වෙන්නේ කැප්ටන් ස්ලැටරිට වෙන්නේ මොකක්ද කියන එක මත. ඒ වගේම අද කතාවෙන් මේ සමය පුරාවටම ඉදිරියට මුහුණ දෙන්න සිදුවෙන්නේ මොන වගේ තර්ජන වලටද කියලා හොද අවබෝධයක් ලැබේවි. ඒ වගේම තමයි පසුගිය කතාවේදී කේරා සහ X.O මෙයිලින් යන දෙන්නා විතරයි කැප්ටන් චැන්ඩ්ලර් ආයෙමත් මුණගැහුනු බවක් දන්නේ. අද කතාව වෙනකං නේතන් ජේම්ස් වල කවුරුවත්ම කැප්ටන් චැන්ඩ්ලර් සාඩිනියා වලින් මුණගැහුණූ බවක් දන්නේ නෑ. ඉතිං අපි බලමු අද කතාවේදී කැප්ටන් ස්ලැටරිට බීජ ටිකත් පරිස්සං කරගෙන ජීවිතෙත් බේරගන්න පුළුවන් වේවිද? නැතිනං ජෝර්ජියෝ හෝ ඕමාර් යන දෙන්නාගෙන් කාටහරි අහුවේවිද? එහෙමත් නැතිනං අවුලක් නැතුව දෙයියන්ගේ පිහිටෙන් නේතන් ජේම්ස් වලට පැනගන්න ලැබේවිද කියලා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 287 MB |

159AD2BB051579EE75D92193EA336C40147188F1

| HDTV | x264 | 720p | 1.1 GB |

C1ED40EE2F042DF19542D0F7B2086349270EF915

Direct Download

| HDTV | x264 | 480p | 240 MB |

    

| HDTV | x265 | 720p | 270 MB |

    

| HDTV | x265 | 720p | 329 MB |

    

3 thoughts on “The Last Ship [S04 : E04] | මව් තුරුලට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *