MENU

The Last Ship [S04 : E07] | වැලෙක් පසුපස

පසුගිය සතියේදී ෆ්ලෙචර් ඇමරිකානු නාවික හමුදාවට ද්‍රෝහී වෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ බ්‍රිතාන්‍ය අණදෙන අංශයෙන් ඔහුට ලැබුණු අණදීම් අනුව. ඉතිං ඒ ගමන අතරේ ෆ්ලෙචර් කාටවත්ම කරදරයක් නොකර බීජ ටිකත් අරගෙන පැනලා යන්න උත්සාහා කලත් ෆ්ලෙචර් සහ ඔහුගේ සගයා (ට්‍රෝලර් කැප්ටන්) අතින් නාවික සෙබලුන් 5 දෙනෙක් මරාගෙන තමයි බීජ ටික නැවෙන් එලියට ගෙනියන්නේ. ලුචීයා සහ ස්ටාව්රෝස් ප්‍රධාන ග්‍රික නැව් තුනක් නේතන් ජේම්ස් ඉලක්ක කරගෙන ආවත් කැප්ටන් චැන්ඩ්ලර් ඔවුන් මහහැරීමට කුණාටුව ඇතුලට ගමන් කරනවා. මේ සටන සිදුවෙන්නේ මේ කලබලය අතරතුරේ. ඉතිං මේ හැම සිදුවිමක්ම අතරේ නැතිවුනු නාවිකයින් අතරින් කතාවේ රසිකයින්ට බොහෝම සමීප චරිතයක් වුනේ ඔ’කෝනර්. කුණාටුව අතරේ ටර්බයිනයේ ගැටලුවක් නිරාකරණය කරන්න ඔහු එලියට ගිය අතරේ ට්‍රෝලර් කැප්ටන් හෙවත් හැරී කැප්ටන් චැන්ඩ්ලර්ගේ වෙඩි පහරට ලක්වෙන්නේ ඔ’කෝනර්ට පහර දෙන අතරතුරයි. වෙඩි වැදුනත් අවසාන වශයෙන් හැරී එතනින් පැනගන්නවා. නමුත් කැප්ටන් හැරී පසුපස නොයා කෙලින්ම ගමන් කරන්නේ ඔ’කෝනර් ලඟටයි. මුල් කණ්ඩායමේ සාමාජිකයෙක් නැවත වාරයක් තමුන් ඉදිරියේම මරණයට පත්වුනු ආකාරය කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු කණ්ඩායමට ලොකු කම්පනයක් වගේම වේදනාවක් ගෙන දුන්නා කියලා කතාව බලන හැමෝටම දකින්න ලැබෙන්නට ඇති.

ගොඩක් අය කියපු කතාවක් තමයි “පරණ ටීම් එකේ තව එකෙක් හරි මැරුණොත් මචං කතාව තවත් බලන්නේ නෑ” කියපු එක. මගෙත් අදහස තමයි පරණ ටීම් එකේ අය තවත් මැරුණොත් කතාවේ ඉස්සර තිබුණු ගතිය නැතිවෙලා යනවා. ඒකට හේතුව තමයි පරණ කණ්ඩායමේ අයත් එක්ක මුල් සීසන් වල ඉදන් කතාව බලාගෙන එන අයට ලොකු බැදීමක් තියෙන නිසා. හරියට අපිත් එයාලා එක්ක යුද්ධෙට යනවා වගේ හැඟීමක් දැනෙන නිසා. ඒ අය අතරේ තියෙන සහෝදරත්වය කතාව බලන අයටත් ගොඩක්ම දැනෙනවා. මේක ගොඩක්ම බලපෑවේ ටෙක්ස් මැරුණු එකෙන් සහ ඩොක්ටර් රේචල් මැරුණු එකෙන්. කතාවේදී බොහෝ විට ගොඩබිම සටනට යන අයගෙන් කණ්ඩායම් බෙදීම අතරින් ටෙක්ස් සහ කැප්ටන් චැන්ඩ්ලර් දෙන්නා බෙදිලා යනවා දකින්න ගොඩක් අය කැමැත්තක් දැක්වුවා. මේ විදියට ගොඩක් වෙලාවට බෙදිලා යන්නේ එකම ජෝඩු වශයෙන්. කතාව බලන බොහෝමයක් දෙනාට තම තමුන් කැමති විදියේ ජෝඩු ඉන්න වගත් මට කියලා තියෙනවා. මේ විදියට තමුන් කැමති කෙනෙක් කතාවේ මැරෙද්දී කතාව එපා වුනත්, කතාව ගෙතෙන්නේ යුද්ධයක් වටා නම් තමුන් කැමති චරිතයක් දෙකක් මැරෙන හැටි බලන්න සිද්ධම වෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන් බලද්දිත් ගොඩක් දෙනා පලවෙනි සීසන් එක අන්තිමේ ඔලුවට අත ගහගන්නේ ඒ නිසානේ. ? කොහොම වුනත් කතාවේ හැටි එහෙම තමයි.

අද කතාවේදී පසුගිය සතියේ කතාවෙන් මිය ගිය අයට ගෞරව ආචාර දක්වලා අවසානයේ හැම දෙනාම සූදානම් වෙන්නේ බීජ ටිකට වඩා යමක් ලබාගන්න. කතාවට දාපු මාතෘකාව කියවපු ගමන්ම ඒක තේරෙන්න ඇති. මොකද කිව්වොත් බීජ ටික තියෙන්නෙත් ඩොක්ටර් වැලෙක් ලඟ නිසා. ඩොක්ටර් වැලෙක් හොයාගන්න නම් නේතන් ජේම්ස් වලට ඔහු ඉන්න තැන හොයාගන්න සිද්ධ වෙනවා. වැලෙක් හොයාගැනීමේ මෙහෙයුමේ මුල් අදියර වශයෙන් තමයි අද කතාවේ ට්‍රේලර් එක අනුව ජෝර්ජියෝ ඉන්න මන්දිරයට නැතිනං මාලිගාවට ගහන්න යන්නේ.

ඉතිං කණ්ඩායමට මෙහෙයුම අතරේ ගොඩක් දේවල් අත් දකින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ෆ්ලෙචර්’ගේ ද්‍රෝහි වීම නිසා සාශාත් ලොකු තරහකින් තමයි ඉන්නේ. මෙහෙයුම අතරේ මොනවා වේවිද? අදත් කවුරුහරි ප්‍රධාන චරිතයක් මැරෙයි ද? වැලෙක්ව අහුවේවි ද? නැතිනං වැලෙක් ඉන්න තැනක් හොයාගන්න ලැබේවි ද? මොනවායින් මොනවා වේවි ද? කතාව බලලා අදහස් ප්‍රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්ම, ලබන සතියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 274 MB |

ABB44C0A8ADCDFA0B89050974BABFE30B1CCF018

| HDTV | x264 | 720p | 1.1GB |

F2F44C5C6CE8507781C6EFA7E698C181E1EFED12

Direct Download

| HDTV | x264 | 480p | 179 MB |

| HDTV | x265 | 720p | 234 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Last Ship [S04 : E07] | වැලෙක් පසුපස

  • Lahiru

    meke subtitles denne kawadda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *