MENU

The Last Ship [S04 : E10] | අවසන් සෙල්ලම!

2017 අගෝස්තු මාසයේ 20 වන දිනයෙන් ආරම්භ වුනු The Last Ship කතා මාලාවේ අවසානයට තමයි හැම දෙනාම මේ ඇවිත් තියෙන්නේ. මාස දෙකක කාලයක් වගේ කෙටි කාලයක් ඇතුලත රූපවාහිනියේ තිරගත වෙන්නට වුනු මේ කතා මාලාව කොටස් 10කින් සිව්වන සමය අවසාන කරන්නට යෙදෙනවා. ගොඩක් දෙනෙක් කතාවට තිබුනු ආසාව නැතිවෙලා ගියේ නම් ටෙක්ස් මැරුණට පස්සේ. තෙවනි සමය අවසානයෙන් පස්සේ සිව්වෙනි සමය මොන විදියට ආරම්භ වේවිද කියලා පුදුම වෙවී හිටපු අපි දැන් අවසානයත් හමාර කර අවසානයි. නමුත් සිව්වන සමයේ අවසානයේදීම පස්වන සමය මොන වගේ වේවිද කියලා පොඩි ට්‍රේලර් එකකින් අපිට දැක බලාගන්න ලැබුනා.

ඊයේ රෑ 1.30 ට විතර උපසිරැසිය කරලා ඉවර කලත් දැන් තමයි ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඒ සැනින්ම තමයි මේ ලිපිය ලියලා පල කරන්නේ. කොහොම වුනත් 9 වෙනි කතාංගයේදී ටෙක්ස්‘ගේ දුව කැතරින් නෝලන්ට අලුත් කෝල් සයින් එකක් ලැබුණා කියුපිඩ් කියලා. ඒ වුනත් වැලෙක් හිටපු නැවෙන් ප්‍රහාර එල්ල වෙලා රේසර් සහ සන්ශයින් දෙන්නම හෙලිකොප්ටර් එකේදී මැරෙනවා. ඒත් නෝලන්ට එතනින් පහසුවෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ සන්ශයින් තමුන්ගේ හෙලිකොප්ටරය ඇල කරලා නෝලන්ට පනින්න ඕනේ විදියට හදලා දුන්නු නිසා. කොහොම වුනත් සන්ශයින් සිව්වන කතා සමයෙන් කතාවට සම්බන්ධ වුනත් ගොඩක් අත්දැකීම් තියෙන ගුවන් නියමුවෙක් විදියට තමයි කතාව අතරතුරදී දැනගන්නට ලැබුනේ. වෙනත් යුද්ධ වලදී වගේම මේ යුද්ධය අතරේදීත් කිහිප දෙනෙකුට මරණයට පත්වෙන්න සිද්ධ වුනා. ෆ්ලෙචර් අතින්, ෆ්ලෙචර්ගේ මිත්‍රයා හැරී අතින් වගේම ග්‍රීක නැව් සමග සිදුවන සිදුවන සටනින් සහ ඕමාර්ගේ ප්‍රහාරයෙන් යන සිදුවීම් වලින්. වෙනදා නම් එදා මෙදා තුර කතාවේ මියගිය චරිත ගැන ලැයිස්තුවක් හෝ දෙනවා. මෙදා පාර ඒ ටික හදාගන්න වෙලාවක් තිබුනෙත් නෑ. ලිපිය නම් හිතුව තරම් හොදට ලියාගන්න බැරිවුනා. ඉක්මනටම උපසිරැසිය දෙන්න ඕනේ නිසා.

කොහොම නමුත් 9 වෙනි කතාංගය තමයි දැනට කතා මාලාවේ අපට දකින්න ලැබෙන සුපිරිතම කතාංගය. ඉස්සර නම් කතාව මැද්දෙත් ලොකු ලොකු ක්‍රියාදාමයන් අපිට දකින්න ලැබුනත් ගොඩක් අයට දැන් කතාව නීරස වෙලා ඇත්තේ කතාව මධ්‍යයේ ලොකු ලොකු යුධ සටන් කටයුතු මුහුද මැද බහුලව සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා වෙන්න ඇති. සීසන් එක පුරාවටම දකින්න නොලැබුනු ඒ යුධ සටන් දර්ශණ වලට හරියන්න නේතන් ජේම්ස් සාර්ථකව හයිඩ්‍රා පන්තියේ ග්‍රීක යුධ නැව් තුනක් ගිල්ලනවා. ඒත් අද කතාංගයෙන් අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ වැලෙක් සහ බීජ ටික රැගෙන යන සිව්වෙනි නෞකාව. අද කතාවෙත් අඩු නැතුව ක්‍රියාදාම දකින්න ලැබෙන බව නම් හොදාකාරවම දන්නවා. ඒත් මට නම් හිතෙන විදියට කලින් පෙන්වපු සීසන් වලට වඩා මේ සීසන් එක ගොඩක් අයට වැඩිය අල්ලලා ගියේ නැති ගතියක් තියෙනවා. කොහොම නමුත් 2018 අවුරුද්දේ අපිට ඊටත් වඩා සුපිරිම විදියට ලෝක මට්ටමින්, අවි යුධමය සහ සයිබර් යුද්ධ යන දෙකම බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සීසන් 4 තුල දකින්න නොලැබුණු චරිතත් සීසන් 5 වෙතින් දැකගන්න ලැබෙන බවක් පේන්න තියෙනවා. කොහොම නමුත් ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනත් ඒ වැඩේ කරගන්න බැරිවුනා. කතාව රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අවසන් නෞකාවේ සිව්වන සමය මේ විදියට සමාප්තියට පත් කරනවා. හැමදාම කියනවා වගේ පුළුවන් කමක් ලැබුනොත් 5වෙනි සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 310MB |

Direct Download

| HDTV | x264 | SD | 310MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Last Ship [S04 : E10] | අවසන් සෙල්ලම!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *