සුබ දවසක් වේවා හැමෝටම, අද මම ඔයාලට අරගෙන ආවෙ ජර්මන් ළමා කතාවක්. සුපිරි කතාවක්, මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පාදක උන හේතුව. පහුගිය දවසක සෙනසුරාදා උදේ මමයි මගෙ නෝනයි TV එකේ ගිය සිංහල හඬකැවූ The Little Witch කියන චිත්රපටය බල බලා හිටියෙ. කතාව පැය බාගයක් විතර යද්දි මේ දවස් වල දිනපතා සිදුවෙන විදුලි විසන්ධි සුපුරුදු විදියටම උනා. ඉතිං මොනවා කරන්නද, නෙට් එකෙන් බාලා බලන්න කියලා හදද්දි ඒකෙ සිංහල සබ් එක කවුරුවත් කරලා තිබ්බෙ නෑ. කොහොමින් කොහොමින් හරි සබ් එක කරන්න ඕනෙ කියලා බලද්දි ඒක ජර්මන් ෆිල්ම් එකක්. මගෙ වගේම මගෙ බිරිඳගෙත් ඉල්ලීම හින්දම අපේ බයිස්කෝප් සයිට් එකෙන් මේක වෙන් කරගත්තා. ඔන්න ඔහොමයි මගෙ නෝනා කැමැත්තෙන් සබ් එකක් කරන්න පළවෙනි වතාවට කිව්වෙ…
එහෙමනම් කතාව පැත්තට ටිකක් හැරෙමු. Kleine Hexe නැත්නම් පුංචි මායාකාරි කියන්නෙ අවුරුදු 127ක (තරුණ) මායාකාරියක්. එයාගෙ එකම ආසාව තමයි ලොකු මායාකාරියො අවුරුද්දකට සැරයක් එකතුවෙලා සමරන ගිනිමැල රාත්රියට සහභාගී වෙන එක. ඉතිං ඒකට වැඩිහිටි මායාකාරියො එයාට එක කොන්දේසියක් පණවනවා. ඒක තමයි මන්තර දාස්ගානක් තියෙන මන්තර පොතක් අවුරුද්දක් ඇතුලත කටපාඩම් කරන එක. එහෙම කරලා එයා හොඳ මායාකාරියක් වෙන්න ඕනෙ. එහෙම උනොත් විතරයි එයාට ඊළඟ අවුරුද්දෙ සැමරුම් උත්සව රාත්රියට සහභාගි වෙන්න ලැබෙන්නෙ. ඒ අතරම එයා ගැන හොයන්න රම්පම්පල් කියන මායාකාරියක් පත් කරනවා. ඉතිං මේ අවුරුද්ද ඇතුලත එයාට මේ පොත පාඩම් කරගන්න පුළුවන් වේවිද, හොඳ මායාකාරියක් කියලා එයා හිතන්නෙ ප්රදාන මායාකාරියො බලාපොරොත්තු වෙන දේමද, ඇයට ඊළඟ අවුරුද්දෙ සැමරුම් උත්සවයට සහභාගි වෙන්න ලැබේවිද කියල දැනගන්නනම් ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙනම් ඔයාලට කතාවෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. මේක 1957 දි Otfried Preußler විසින් රචිත The Little Witch කියන පොත පාදක කරගෙන නිපදවනු ලැබුවක්. එතකොට මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙMike Schaerer විසින්, එතකොට නිෂ්පාදනය කරලා තියෙන්නෙ Jakob Claussen සහ Ulrike Putz විසින්. විනාඩි 103ක් පුරා දිවෙන මේ කතාව එක දිගට බලාගෙන ඉන්න පුළුවන් Fantasy, Comedy Drama සහ Family යන ඛාණ්ඩ වලට අයත් වෙනවා. මේක මුලින්ම ප්රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2018 පෙබරවාරි පළවෙනිදා ජර්මනියෙදි. එහෙම කිව්වෙ ඒ අවුරුද්දෙම විවිධ දවස් වල ඒක වෙනත් රටවල් වල ප්රදර්ශනය ආරම්භ කරලා තියෙනවා. Imdb 6.3 ක අගයක් ලබාගෙන තියෙන මෙහි Karoline Herfurth, Axel Prahl, Suzanne of Borsody වගේ අය රංගනයෙන් දායකවෙනවා. ඒවගේම කියන්න ඕනෙ
*Bavarian Film Award , Laureate 2017 in the category Picture Design
* Swiss Film Award 2018 in the category Best Film Music
* German Film Award 2018 , nomination in the category Best Children’s Film
* Romy Ceremony 2018 , nomination in the category Best Picture Design Cinema-Film
* Guild Film Award 2018 – Best Children’s Film
කියන සම්මාන වලට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් මීටවඩා කියන්න දෙයක් නෑනෙ. ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න එන්න කියල. ලස්සන පසුබිම් හා වර්ණ ඇතුළු කතාවක් සහිත මෙය ඇත්තටම බලන්න ආස හිතෙන එකක්.
එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු, එතකල් ගිහින් එන්නම්…
ඔබට ජය…
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| BluRay | x264 | 480p | 488MB |