MENU

The Mountain (2012) | එකෙක් මියයද්දී, තව දහසක් නැඟිටීවි…

මේක තුර්කි චිත්‍රපටයක්. හිමෙන් වැසී ගිය කන්දක් උඩ කැඩුණු ඇන්ටෙනාවක් නැවත යථා තත්වයට ගන්න හිතාගෙන සොල්දාදුවන් හතර දෙනෙක් යනවා. මේ සොල්දාදුවන් අතරේ එක්කෙනෙක් ඉන්නවා තුර්කියේ පිරිමි අය හැමෝම අනිවාර්ය යුධ හමුදා සේවයේ යෙදීමේ පදනම මත හමුදා සේවයට ආපු සොල්දාදුවෙකුත්. ලුතිතන්, සාජන්, Short-Termer සොල්දාදුවා සහ Long-Termer සොල්දාදුවා යන මේ හතර දෙනා කන්ද උඩ ඇන්ටෙනාව අලුත්වැඩියාවට යන අතරෙදි සතුරන් පිරිසකගේ වටලෑමකට (Ambush) අහු වෙලා පැන ගන්න හදනකොට ඉතුරු වෙන්නේ දෙන්නයි. ලුතිතන් සහ සාජන් දෙන්නා වෙඩි ප්‍රහාරයකින් මිය යනවා.

ඒ අර අවසානෙට කියපු දෙන්නා. ගියේ යුද්ධයකට මැදි වෙයි කියලා හිතාගෙන නෙවෙයිනේ. ඒ නිසා ඇති තරම් උණ්ඩ, තුවක්කු එහෙමත් නෑ. තුවක්කු දෙකයි මැගසින් දෙකයි තමයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඉඳන් හමුදා ජීවිතයකට හුරු වෙන්න ගියාම තියෙන වෙනස්කම් මේකෙන් පැහැදිලි කරනවා. මුලදි මුලදී එකිනෙකා නොරුස්නා ස්වභාවයෙන් හිටපු මේ තරුණ මේ තරුණ සොල්දාදුවෝ දෙන්නා හිමෙන් වැසුනු කන්දක් නිසා කවදාවත් නොබිඳෙන සහෝදරත්වයක් ඇති කරගන්නවා. තුර්කියේ සොල්දාදුවන් කොට්ඨාශ දෙකක් ඉන්නවා. එක් පිරිසක් හඳුන්වන්නේ Short-Termers (කෙටි කාලීන) කියලා. අනිත් අය තමයි Long-Termers (දිගුකාලීන) කියලා හඳුන්වන්නේ. තුර්කිය කියන රටේ අවුරුදු 20 ඉඳන් අවුරුදු 41 දක්වා සෑම පිරිමි අයෙක්ම මේ හමුදා සේවය (Conscription) කලයුතුමයි. ලොකු කාලයක් නෙමෙයි. අවුරුද්දක් හෝ මාස හයක කාලයක්. අරමුණ ඒ රටේ වැසියන්ගේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමලු. එහෙම හමුදා සේවය නොකර ඉන්නව නම් යුරෝ 7711ක (ශ්‍රී ලකා රුපියල් 1467695.00ක පමණ) මුදලක් ගෙවලා Military Service එකෙන් නිදහස් වෙන්නත් පුලුවන් හැකියාවක් තියෙනවලු. සල්ලි තියෙනවා නම් ඉතින් අවුලක් නෑ ඒකෙත්.

මේ චිත්‍රපටයේ IMDb අගය 8.2ක් අරන් තියෙනවා. පැය 1 යි මිනිත්තු 30ක් පුරාවට ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි. අපිට හුරු ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි දෙබස් තියෙන්නේ. තුර්කි භාෂාවෙන්. ඒ නිසා නිකම් කණ ලඟට තියලා ටින් තට්ටු කරනවා වගේ පොඩි අවුලක් නම් තියේවි. අනික තමයි තුර්කි භාෂාවේ වාක්‍ය ඛණ්ඩ ටයිම් ලයින් එකේ වැඩි වෙලාවක් රැඳෙන්නේ නෑ. බොහොම කෙටි වෙලාවක් තියෙන්නේ. සිංහල වාක්‍ය කියවලා ඉවරවෙන්නත් කලින් ඊලඟ වාක්‍ය කොටසට මාරු වෙන හැඩයක් තිබුන නිසා මම ටයිම් ලයින් එක සීරු මාරු කරලා තියෙනවා කිසිම අවුලක් නොවෙන විදිහට. චිත්‍රපටයේ පසුබිම මේ විදිහට නොදැන බැලුවොත් නම් විදේශීය භාෂා චිත්‍රපටයක් බලද්දී අමාරුවේ වැටෙනවා. ඒ නිසයි ඒ විස්තර ටික දැම්මේ. දිගට හරහට වෙඩි තැබීම් නම් නැතිවුනත් හොඳ රසවින්දනයක් ලබා ගන්න පුලුවන් චිත්‍රපටයක්. BRRip එකක් හොයාගන්නම බැරි වුන නිසා DVDRip එකකට උපසිරැසි කලත් quality එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ. මේ චිත්‍රපටයේ දෙවෙනි එකකුත් ඇවිත් තියෙනවා The Mountain II (2016) කියලා. ඒකත් ඉක්මනටම අරන් එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ජයවේවා.

මේ චිත්‍රපටයට සිංහල කරගෙන යද්දී මගේ හිතට වැදුනු ලස්සන කියමනක් තියෙනවා ඒකත් මෙහෙම සටහන් කරන්නම්. මොකද ඒ කියමන තුල යුද්ධයේ අපි නොදකින හැබෑව ගැන අපූරු සලකුණක් මේ වාක්‍ය කොටස ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.

“ඉතිහාසය ලියවුනේ යුද්ධ වලින් දිනපු ලොක්කෝ ගැන මිසක්,
යුද්ධය වෙනුවෙන් සටන් කරපු සොල්දාදුවන් ගැන නෙමෙයි.”

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XviD | 688MB |

C299B8638C38D656262F71201F4B187E2B9AD646

 Direct Download

| DVDRip | x264 | XviD | 688MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *