MENU

The Night Manager [S01 : E01] | පලිගැනීමක ඇරඹුම

මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 8.2ක් ලැබිල තියනව.ඒ වෝට්ස් 40000කට අධීක ප්‍රමාණයකින්. ඒකනම් ratings වලින් ඉහලම අගයක්. මේකෙ එක කොටසක් විනාඩි 58කින් ඒ කියන්නෙ පැයකට ආසන්න කාලයක් පුරාවට දිව යනව. ඒ වගේම මේක විකාශය වෙන්නෙ AMC නාලිකාවෙ. ඔයාල දන්නවනෙ ඉතින් AMC නාලිකාව සුපිරි ටෙලි කථා මාලා විකාශය කරන නාලිකාවක් කියල. උදාහරණයක් විදිහට Into the Badlands , TWD වගේ කතා මාලාවන්. ඉතින් මේකත් සුපිරි රූපවාහිනී කථා මාලාවක්. ඒ වගේම මේක එංගලන්තයෙ BBC නාලිකාවෙත් විකාශය වෙනව. Rob Bullocගෙ නිශ්පාදනයෙන් සහ Susanne Bi ගෙ අධ්‍යක්ශණයෙන් තමයි මේක නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේකෙ සුපිරි හොලිවුඩ් චරිත කිහිපයක්ම රංගනයෙන් දායක වෙනව. ඉතින් කවුරුත් දන්නව ඇතිනෙ MCU එකේ ලෝකිව.එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ වන Jonathan Pine කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ.ඉතින් මේකෙ අනිත් ප්‍රධාන චරිත ටික තමයි ඔය පහලින් තියෙන්නෙ.

Hugh Laurie – Richard Roper
Olivia Colman – Angela Burr
Tom Hollander – Lance Corkoran
Elizabeth Dehicki – Jed Marshall
Allstar Petrie – Lord Langhourne
Natasha Little – Lady Langbourne
Douglas Hodge – Rex Mayhew

ඉතින් මේකෙ කථා සාරාංශය කිව්වොත් හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් වන Jonathan Pine ඊජිප්තුවෙ හෝටලයත සේවය කරනව රාත්‍රී කලමණාකරුවෙක් විදිහට. ඒ 2011 අවුරුද්දෙ .ඒක තමයි ආරාබි වසන්තයෙ ඊජිප්තු විප්ලවය තිබුණ කාලය. එහිදී මෙයාට කාන්තාවක් මුණගැහෙනව. එයා මුස්ලිම්. එයා යම් කිසි ලිපිගොනු වගයක් දෙනව Jonathanට. ඒක මොකක් හරි ආයුධ සම්බන්ධ ගණුදෙනුවක්.ඉතින් මේකෙ දුෂ්ඨය වෙන්නෙ මහා පරිමාණ ජාත්‍යන්තර අවි ගනුදෙනු කරන රිචඩ් රොපර් කියන චරිතෙ.ඒත් මෙයා පිටතටනම් බොහොම හොද චරිතයක්.ඒක ඉතින් ගොඩන් නරක මිනිස්සුන්ගෙ සාමාන්‍ය ලක්ශණයක්නෙ..මේ සමස්ත කතාවෙම යන්නෙ මෙහෙයුමක් ගැන.ඒ තමයි මේ රිචඩ් රොපර් කියන නරක මිනිහව කොටු කරන මෙහෙයුම.ඉතින් කොටින්ම කිව්වොත් කම්මැලි නැති මෙහෙයුමක්. ඉතින් වැඩිය කතාව කියන්න ගියොත් මේකෙ කතා රසය නැතිවෙලා යනව. එහෙමනම් ඉතින් ඕක තමයි කතාවෙ පසුබිම. අද කොටසෙ යන්නෙ 2011 කයිරෝ වල වුණ සිදුවීම. වැඩිය විස්තර ඕන නෑ. එහෙනම් ඉතින් මේ ටීවි සීරියස් එකත් බලන්න කියල ආරාධනා කරනව.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | TLA | 342MB |    

95d7be2c0c10fa5bbfc1018ba2cbd428c8c526d6

| HDTV | x264 | 720p | 1GB |    

190cb273eadc9033c2a6ba2d22bb06a01d577142

| HDTV | x265 | 720p | 230MB |    

6f645fbbbae96521c16c6433cf8c4b13eba4feab

Direct Download

| HDTV | x264 | 480p | 200MB |         

| HDTV | x264 | TLA | 342MB |           

| HDTV | x264 | 720p | 1GB |           

| HDTV | x265 | 720p | 236MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *