MENU

The Originals [S05 : E05]| පරණ හතුරන්…

හොදයි එහෙනම් මේ අරන් එන්නේ ඔරිජිනල්ස් පස්වැනි කොටසයි. වෙනදා වගේ දිග ලිපි නම් ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ සතියෙ වැඩ වෙලා ඉන්නේ. අනික දිග ලිපි ලිව්වට වැඩකුත් නැහැ. දැන් මේක බලන අයත් අඩුවෙලා. මේ දේවල් නිසාම කෙටියෙන් කියලා දාන්නම්.

පසුගිය කොටස වෙන් වෙලා තිබුණේ මාඩි ග්‍රාස් උත්සවය වෙනුවෙන්. නමුත් වියරු වැටිලා හිටියෙ හෙයිලි අතුරුදහන් වෙලා නිසා. මේ එක්කම ක්ලවුස් වෘකයින්ට, වැම්පයර්ලට වගේම මායාකාරයින්ට හවස් වෙනකන් කාලේ දුන්නා හෙයිලිව හොයාගන්න කියලා. නැත්තම් එයා පවුලේ අනික් අයවත් එකතු කරලා හොද සෙල්ලමක් නටනවා කියලා. ඒත් එයාට නෙවෙයි සෙල්ලං නටන්න වුණේ හෙයිලිව අරන් ගිය කෙනා. කතාවේ අන්තිමට දැනගන්න ලැබෙනවා හෙයිලිව අරන් ගියෙ පරණ හතුරෙක් කියලා. ඒ විතරක් නෙවෙයි හෙයිලිව හම්බුනේ නැති නිසා ක්ලවුස් ප්‍රාණ ඇපයට අරන් ගිය වෘකයාව වගේම මයාකාරීව මරලා දානවා. මේ නිසාම මායාකාරයින් ක්ලවුස් එක්ක වෛර බැදගන්නවා වෘකයින්ටත් වැඩියෙන්. මේ වෙච්ච දේවල් නිසා වින්සන්ට් මයිකල්සන් පවුලට උදව් කරන ඒකත් නවත්තලා ඒ වෙනුවා ක්ලවුස්ට අනතුරු අගවනවා.  ෆ්‍රේයා හෝප්ව හොයන් ගිහින් එයාගේ බලයන් ගැන, එයා නගරේ විනාශ කරනවා කියන මේ හැම දෙයක් ගැනම කියනවා. එයත් ඒකට වැඩි කැමැත්තකින් නෙවෙයි හිටියෙ.

අද කොටස තුලින් දැකගන්න ලැබෙයි ඇත්තටම කවුද හෙයිලිව පැහැරගෙන ගිහින් සෙල්ලම් කරන්නේ වගේම ඇයි එහෙම දෙයක් කලේ කියලා. ක්ලවුස් කියන්නා වගේ එයාට ඉන්නේ ගණන් කරලා කියන්නේ බැරි හතුරන් ගොඩක්. අන්න ඒ අයගෙන් කෙනෙක් තමයි මෙදාපාර හතුරන් වෙලා තියෙන්නේ. සුපුරුදු පරිදි ක්ලවුස් අතින් වෙච්ච වැරැද්දකට පලිගන්න තමයි මේ අය සැලසුම් සහගතව ඇවිත් තියෙන්නේ.

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් අන්තිම කොටසින් හමුවෙමු. ජයෙන් ජය!!

 Torrents Download

| WEB-DL | x265 | 720p | 190MB |

C3F7A63A7340B1C21B9977884FE213AB469FA8F9

Direct Download

| WEB-DL | x265 | 720p | 157MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *