සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට මරයක අහිමිවීමක් ගිය සතියෙ කොටස තුලදී දකින්න ලැබුණා. හෙයිලිගෙ අහිමිවීම ක්ලවුස්ගෙන් පටන් ගත්තම සෑහෙන දෙනෙක්ට තදින්ම වගේ දැනිලා තිබුණා. කොහොම නමුත් කැරොලයින් එයාගේ ළමයි දෙන්නා ගාවට ගිහින් තිබුණා. (එයාට ළමයි කොහෙන්ද කියලා පුදුම වෙනවනම්, ඇත්තටම ඒ කියන්නේ එයාගේ ළමයි දෙන්නෙක් නෙවෙයි. එයා උපත දීපු, අස්වාභාවික හැකියාවන් තියෙන නිවුන් දුවලා දෙන්නෙක්. TVD බලපු අය නම් දන්නවා) එලයිජා වගේම ඇන්ටෝනෙට් නිව් ඔර්ලින්ස්වල ඉන්නවා කියලා දැනගත්ත කල්වුස් මේ දෙන්නව නගරෙන් පිටතට අරන් ගිහින් හිර කරගෙන ඉන්නේ. ඇන්ටෝනෙට්ව හපා කාලා තියෙන්නෙත්. මේ බව දැනගත්ත ග්රැටාගෙ අනුගාමිකයන් හෙයිලි මරණය වෙනුවෙන් පවත්වපු පෙළපාලිය කඩාකප්පල් කාලා.
හෙයිලිගේ මරණයේ අවසන් කටයුතු සිද්දවුනේ බයෝයුවල. එයාගේ අවසාන කටයුතුවල අවාසනය වෙද්දී ක්ලවුස් එතනට ආව නිසා අයිවී සදහන් කරපු පොතේ තිබුණු තවත් අනාවැකියක් ඇත්තක් වුණා ගගේ වතුර පුරාවටම ගිනි ඇවිලෙන්න පටන් අරන්. ඒ කියන්නේ නිව් ඔර්ලින්ස්වල උපත ලද කුලුදුල් දරුවන්ගේ මරණය සිද්දවෙන්න තවත් එක් අනාවැකියක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි මුහුදෙන් මෝසම් සුළං හට ගන්නයි. මම මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මොකද කතාව ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. ප්රශ්ණ තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න. මං ඒවට පිළිතුරු දෙන්නම්.
අද කොටස පුරාවටම දකින්න ලැබෙන්නේ පසුගිය කොටස තුලින් අන්තිමට පෙන්නුවා වගේ එලයිජා ක්ලවුස් එක්ක කොටු වෙනවා. නාදුනන තැනක නම් නෙවෙයි ඔයාලා හොදටම දන්නා කියන තැනක. පස්සේ එක එක්කෙනා එතනින් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කවුරු මේ වැඩේ කරන්න ඇතිද? මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.
ගිහින් එන්නම්. ජය!!
අපේ ෆේස්බුක් ෆැන් පෙජ් එක දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload
Torrents Download
| HDTV | x265 | KILLERS | 190MB |
CC41C8C558637D02D1276E30EB34A399512B1C72