MENU

The Pledge (2001) | පොරොන්දුව

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. ඉතින් මේක දෙපාරක් හිතන්නේ නැතුව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂවරයා තමයි දෙවරක් ඔස්කාර් සම්මානලාභී නලු Sean Penn. මේකේ ප්‍රධාන නලුවා තමා තෙවරක් ඔස්කාර් සම්මානලාභී නලු Jack Nicholson. Jack Nicholson කිවුවම තව මොන කතාද? දන්නෝ දනිති ඉතින්. තව මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මනලාභී Benicio del Toro, ගෝල්ඩන් ග්ලොබ් සම්මානලාභිනි Robin Wright සහ Aaron Eckhart රංගනයෙන් දායකවෙනවා.

මේ චිත්‍රපටියේ කතාව Jerry Black (Jack Nicholson) කියන පොලිස් නිලධාරියා වටා තමා දිවෙන්නේ. මේ Jerry Black විශ්‍රාම යන දවසේදි ඔවුන්ගේ ප්‍රාන්තයෙන් ඉතාම කුරිරු විදියට ඝාතනයකරපු අවුරුදු 8ක දැරියකගේ සිරුරක් හමුවෙනවා. මේ සිරුර පරීක්ෂා කරන්න ගිය වෙලාවේ ඒ මියගිය දැරියගේ දෙමාපියන්ට කතා කරන්න සිදුවෙනවා මේ Jerry Blackට. ඉතින් ඒ අවසථාවෙදි දැරියගේ මව තම දුවගේ ඝාතකයා සොයාගන්නා බවට Jerry Blackගෙන් පොරොන්දුවක් ගන්නවා. මේ නිසා ඔහු ඝාතකයා හොයලා පරීක්ෂණයක් ආරම්භකරනවා. ඒක වටා තමා මේ චිත්‍රපටිය දිවෙන්නේ.

මේක තමා මගේ පළවෙනි උපසිරැසිය ඒ නිසා අඩුපාඩු අනිවාම ඇති. ඒවා අනිවාම කියන්න. අනික ඒ අඩුපාඩුවලට සමාවෙන්න ඔනී. ස්තූතියි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 1.1GB |

8E706F7646C96F9FB4EB7233B32B65026FA644CE

 Direct Download

| HDTV | x264 | 720p | 1.1GB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *