MENU

The Post (2017) | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද?

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ අන්දම හෙළි කරන අතිශය රහසිගත පෙන්ටගන පත්‍රිකා සමුහයක තොරතුරු මහජනතාවට පළ කිරීම සම්බන්ධ සත්‍ය කථාවක් පදනම් කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ. The Post චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ Liz Hannah සහ Josh Singer විසින්. IMdb දර්ශකයේ 7.3/10 ක අගයක් හිමිකරගත් මෙම චිත්‍රපටය 2018 මාර්තු 05 වන විට එහි නිෂ්පාදන වියදම වන ඇමෙරිකන් ඩොලර් මිලියන 50 අභිබවමින්, ඩොලර් මිලියන 153 ඉක්මවන ආදායමක් හිමිකරගෙන තිබෙනවා. මිනිත්තු 116ක ධාවන කාලයකින් යුත් The Post චිත්‍රපටය ඔස්කා සම්මාන 2ක් ඇතුළුව සම්මාන 94 කට නිර්දේශ වී ඇති අතර සම්මාන 14ක් දිනාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය විචාරකයන්ගේ නො මඳ ප්‍රශංසා වලට ලක්වුණා. The Post චිත්‍රපටය ජාතික විචාර මණ්ඩලය මඟින් 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස නම් කෙරුණා. පහත දැක්වෙන්නේ මෙම චිත්‍රපටය ගැන විවිධ මාධ්‍ය වල පළවුණු විචාර වල උපුටා ගැනීම් කිහිපයක්:

“…The Post ඓතිහාසික සිනමා නිර්මාණ වල ප්‍රයෝගකාරී පරීක්ෂණ වලින් සමත් වී තිබෙනවා: ඉතිහාසයේ කාචය මඟින් තහවුරු කෙරුණු තීරණ ඒවා ගැනීමේ මොහොතේදී කොතරම් දුෂ්කර ඒවා වුවාද යන්න එයින් අපට වටහා දෙනවා. තවද එමඟින් මේ තීරණ ගැනීම වෙනුවෙන් හැම කුඩා කොටසක් ම සලකා බැලුවේ කෙසේද යන්න ගැන යම් අවිනිශ්චිත හැඟීමක් ද උත්පාදනය කරනවා…”
– ඇලොන්සෝ ඩුරල්ඩේ
(The Wrap)

“.. ඉතිහාසය නැවත නැවතත් සිදුවීමට පෙළඹෙන බව කිසිවෙකුට සිහි කළ යුතු නැහැ, එහෙත් The Post ඉතා වැදගත් වන්නේ කුමක් නිසා ද කිවහොත්, පවතින දාමය බිඳ දමමින් ව්‍යවස්ථාවේ මුලික වගන්ති ආරක්ෂා කරගෙන යුක්තිය වෙනුවෙන් යම් යම් කරුණු නැවීමේ ප්‍රහර්ෂයෙන් ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්නා නිසායි…”
– ඩේවිඩ් අර්ලිච්
(IndieWire)

” ..රහසිගත ලේඛන පලකිරීමේ The Post පුවත්පතේ තීරණය ඉක්මනින් ගලා යන්නේ, ස්පිල්බර්ග් මහතා භාවිතා කරන ත්වරණය කළ රිද්ම, වේගවත් පියවර තැබීම්, වේගයෙන් ධාවනය වන කැමරා මඟින් එහි වස්තුවිෂය කෙරෙහි සරලව ලඟා වන නිසා යි. ඔහුගේ කලාවේදී, කෘතහස්ත කාර්ය මණ්ඩලය සමඟින් ස්පිල්බර්ග් මහතා, සුන්දරත්වයේ ආලේපන සමඟින් විචිත්‍රවත් ලෙස සිදුවීම් සිත්තම් කර ඇත. හෙතෙම කතාවේ ජේදනය වන වෙනස් දෘෂ්‍ය ක්ෂේත්‍ර දෙකක් නිර්මාණය කර සැලකියයුතු අන්දමින් එකට ගැටීමට සලස්වයි. කැතරින් ග්‍රැහැම් අඳුරු ලෙස ආලෝකමත් වූ ලී කැටයම් රාජධානියක ගිලී එහි රජයන අතර, බෙන් බ්‍රැඩ්ලි ඝෝෂාකාරීව දිවෙන පුවත් කාමරයක සාකච්ඡා කරන, යතුරුලියනය කරන සටන්කරුවන්ගේ අඩවිය පාලනය කරයි…”
– මැනෝලා ඩාගිස්
(The New York Times)

මෙම සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා:

Meryl Streep කැතරින් ග්‍රැහැම් ලෙස
Tom Hanks බෙන් බ්‍රැඩ්ලි ලෙස
Sarah Paulson ටෝනි බ්‍රැඩ්ලි ලෙස
Bob Odenkirk බෙන් බැග්ඩිකියන් ලෙස
Tracy Letts ෆ්‍රිට්ස් බීබ් ලෙස
Bradley Whitford ආතර් පාසන්ස් ලෙස
Bruce Greenwood රොබට් මැක්නමාරා ලෙස
Matthew Rhys ඩැනියෙල් එල්ස්බර්ග් ලෙස
Alison Brie ලෑලි ග්‍රැහැම් ලෙස
Carrie Coon මෙග් ග්‍රීන්ෆීල්ඩ් ලෙස
Jesse Plemons රොජර් ක්ලාක් ලෙස
David Cross හොවාඩ් සිම්සන් ලෙස
Michael Stuhlbarg ඒ. එම්. රොසෙන්තල් ලෙස
Jessie Mueller ජුඩිත් මාටින් ලෙස
කැතරින් ග්‍රැහැම් කියන්නේ සිය පියාගෙන් සැමියාට උරුම වුණු පුවත්පත් ව්‍යාපාරයක හිමිකාරියක වන වැන්දඹු කාන්තාවක්. එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා සමඟ සමීප මිත්‍ර සබඳතා පවත්වන ඇයට අයත් පුවත්පත් සමාඟම වන The Washinton Post ධවල මන්දිරයේ සිදුවීම් පවා ආවරණය කිරීමට අවසර ලද ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක්. තවත් පුවත්පත් ආයතනයක් වන The New York Times පුවත්පත ද මේ සමඟ තරඟකාරී ලෙස පුවත්පත් ප්‍රකාශනයේ නිරත වෙනවා. මේ අතර එක් පුද්ගලයෙක් එක්සත් ජනපද රජය විසින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් තිස්සේ මැදිහත් වුණු අන්දම සහ ඔවුන් ලෝකයාට කියූ බොරු හෙළි වන අන්දමේ අතිශය රහසිගත ගවේෂණ පත්‍රිකා කිහිපයක් පෙන්ටගනයෙන් පිට කරගෙන මේ මාධ්‍ය ආයතන වලට ලබාදීමට ක්‍රියා කරනවා. ගැටුම ආරම්භ වන්නේ මේ සමඟ යි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සහ තම ප්‍රකාශන හිමිකම් තහවුරු කරගැනීම වෙනුවෙන්, රජයේ සහ ආරක්ෂක අංශ වල තර්ජන සහ බලපෑම් වලට එදිරිව යමින් මේවා පළ කිරීම සහ නොකිරීම අතර දෝලනය වෙමින් මේ නිලධාරීන් ක්‍රියාකරන අන්දම සමඟින් කුතුහලාත්මකව කතාව ඉදිරියට ඇදෙනවා. මොකද වෙන්නේ කියල මේක බලලම තීරණය කරන්නකෝ!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDSCR  | x264 | 750MB  |

38178F0CAFF4E53C8D97BA1703BD22BB5F1CA6E4

 | DVDSCR | 720p | x264 | 1.6GB  |

C88E2B73606C9E1E71187E7A5ABC5BF05BCCE458

 Direct Download

 | DVDSCR | 720p | x264 | 750MB  |

 | DVDSCR | 720p | x264 | 1.6GB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *