MENU

The Punisher [S02: E01] |නන්නාඳුනන තරුණියක් ඇතිකල අවුල්ජාලය..

හොදයි එහෙනම් මේ අවුරුද්දේ අත තියන මුල්ම කොමික් කහාමාලාව විදිහට තමයි පනිෂර් කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන තමයි මේ එන්නේ. මං හිතන්නේ මේ වෙද්දී ඔයාලා පනිෂර් කියන චරිතේ ගැන හොදටම දන්නවා ඇති. නම ඇහුනත් ඇති ඩෙයාඩෙවිල් තරම්ම පුදුමාකාර මොරාල් එකක් එන චරිතයක්. 2017 නොවැම්බර් 01 ඉදන් අපි මේකේ මුල් කතාසමයටත් උපසිරැසි ලබා දුන්නා. ඩෙයාඩෙවිල් දෙවැනි කතාසමයේ දැකගන්න ලැබුණු සුළු සිදුවීම් කිහිපයකින් පනිෂර් කියන චරිතයට පාර කැපුවට පස්සෙ මුල් කතාසමයේ තමයි අපිට හුගක් වැදගත් කරුණු කාරනා දැනගන්න ලැබුණේ. කියන්න සතුටුයි පනිෂර් තමන්ටම කියලා කතාමලාවක් තුලින් ප්‍රේක්ෂකයන් අතරට ආවත් හරි මේ වෙද්දී,

2018 වසරේ ඇමරිකාවේ පැවැත්වූ Academy of Science Fiction, Fantasy & Horror Films සම්මාන උළෙලේ දී හොදම නවතම සුපර්හිරො කතාමාලාව යටතේ Jon Bernthal නොහොත් ඔයාලගේ ආදරණිය රංගන ශිල්පී පනිෂර් සම්මානයක්ද දිනාගන්නවා.
මීට අමතරව තවත් සම්මාන හතකට හිමිකම් කියන්න මේ කතාමාලාව නාම යෝජනා අතරට එක් වෙනවා. අවසානාවට මේ ලිපිය ලියන මොහොත්දීත් දැනගන්න ලැබුනා සුපුරුදු පරිදි ලූක් කේජ්, අයන් ෆිස්ට්, ඩෙයාඩෙවිල් වගේම මේ කතාමාලාවත් නෙට්ෆිලික්ස් ආයතනය විසින් කැන්සල් කිරීමට ලක් වෙන්න යනවා කියලා.

ඩෙයාඩෙවිල් දෙවැනි කතාසමය හරහා වගේම පනිෂර් දෙවැනි කතාසමය පුරාවට අපිට දැකගන්න ලැබුණු එක පොදු දෙයක් තිබුනා. ඒ ෆ්‍රෑන්ක් කියන්නේ එයාගේ ජීවිත කාලෙදි කරපු එක වැරැද්දක් නිසා එයාට එයාගේ ජීවීතේම නැතිවෙලා යන විදිහේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ෆ්‍රෑන්ක් එයාගේ ජීවීතේට ලං කරගන්න අතිජාත මිත්‍රයා සේ සලකන බිලී රූසෝ නොහොත් පසු කාලීනව ජිග්සෝ නම් ආරූඩ නාමයකින් කට්ටිය අතරට එන මේ මනුස්සයා නිසාම ෆ්‍රෑන්ක්ට එයාගේ බිරිද වගේම දුවත්, පුතාත් සදහටම එයාට නැතිවෙනවා. මේ නිසාම එයාගේ පවුලේ අයට සාධාරණයක් ඉෂ්ට කරන අරමුණින් වෙච්ච දේවල් ගැන හොය හොයා යන ෆ්‍රෑන්ක්ට පිළිතුරු ලැබෙනවා. පස්සේ ඉතින් බිලී රූසෝ එක්ක ලොකු සටනක් ඇතිවෙලා තමයි මුල් කතාසමය කෙලවර වුනේ. මතකනේ මිනිහා ඩීනාට ආදරේ කරනවා වගේ බිලී ඒ කෙනාටත් බොරු කරලා බිලි ගැන ඇත්ත හොයන් ගියපු අහිංසක නියෝජිතයො සෑහෙන දෙනෙක්වත් එයා මරලා දැම්මා. කතාව අවසානයේදී ෆ්‍රෑන්ක් වගේම බිලී අතර ඇතිවෙච්ච සටනින් බිලීගේ මූනට ලොකු හානියක් සිද්දවෙනවා. හැබැයි ජීවත් වෙන්න අවස්තාවක් ලැබෙනවා.

ඔය දේවල් ටික තමයි මුල් කතාසමයේ සිද්දවුනේ. ඉතින් කොමික් පසුබිම කියවලා දැනගන්න ආස අය ඉන්නවනම් මංසලේ පල කරලා තියෙන මේ ලිපිය කියවලා බලන්න.

ජනවාරි 18 වැනිදා නිකුත් වන දෙවැනි කතාසමයේ මුල් කොටස වෙන්නේ “Roadhouse Blues” නම් 9.2/10 ක ඉහල IMDb අගයක් ලබාගත්ත මේ කොටසටයි. දැන් ෆ්‍රෑන්ක් කරන්නේ තැනින් තැනට මාරු වේවි යන එකයි. මේ අතරේ බාර් එකක සේවිකාවක් විදිහට සේවය කරන ගැහැනියක්ව එයාට මුණගැහෙනවා. මුණගැහිලා ඒක එතනින් නවතින්නේ නැහැ හිතනවටත් වඩා මේ දෙන්නා හිතවත් වෙනවා. දන්නවනේ ඉතින් කොච්චර නැහැ කිව්වත් ෆ්‍රෑන්ක් අත තියන ඕනෙම දේකදී අහල පහල ඉන්න අයවත් ඒ දේවල් වලට ඉබේම සම්බන්ධ වෙලා සිද්දවෙලා අමතර හානි වෙනවා කියලා. අර ෆ්‍රෑන්ක්ට අලුතින් මුණගැහෙන කාන්තාවට ඒක මොන විදිහටද බලපාන්නේ කියලත් මුල් කොටසින් දැකගන්න ලැබෙයි. මේ අතරේ තාරුණ්‍ය වයසේ පසුවෙන කෙල්ලෙකුත් මොකක්දෝ මන්දා දාමරිකයන්ගේ පලහිලව්වකට මැදිවෙලා. බයවෙන්න එපා. ලිපියේ කිසි දෙයක් ස්පොයිල් වුනේ නැහැ. අනික දැන් සෑහෙන කල් වෙනවනේ කතාමාලාව නිකුත් වෙලත්.

මට තවත් අරන් එන්න තියෙන්නේ එකම එක කොටසක් විතරයි. ඉතිරි කොටස් එකොළහ අරන් එන්නේ තවත් සහෝදර උපසිරසිකරුවෙන් අට දෙනෙක්. ඉතින් බයවෙන්න එපා මෙච්චර පරක්කු වෙලත් මේ කතාමාලාව ලබාදෙන්න තවත් කල් යාවි කියලා. මොකද ඉතිරි කොටස් දොළහ මේ මාසේ ඉවර වෙන්න කලින් නොනවතින විදිහට එක පිට එක රසවිදින්න හැකියාව ඔයාලට ලැබෙනවා.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | STRiFE | 4.4GB | Complete S02

Direct Download

| WEB | 480p | x264 | 160MB |

| WEB | STRiFE | x264 | 327MB | 

| WEB | 720p | x265 | 215MB |

| WEB | 480p | x264 | 1.9GB | Complete S02

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *