MENU

The Rain [S01 : E01] | ලෝක විනාශය….

මේ සුදානම ඊයේ දින විකාශය වුන කොටස් 8 කින් යුත් නවතම Netflix ටෙලි කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නටයි. මේකත් Netflix Original එකක්. House of Cards එකෙන් ගත්ත සුපිරි ආරම්භය අද වෙනකොට රටවල් ගණනක විශාල භාෂා ගණනක් වැඩසටහන් එකතුවක් බවට පත් වෙලා තියනව වගේම ඒ වැඩසටහන් බහුතරයක් ටෙලි කතා වංශකතාව බොහොම වෙනස් කරන්න බර සාර කරන්න සමත් වෙලා තියන බවත් ඔබ දන්නවා ඇති. මේ වෙනාකොට බයිස්කෝප් වෙතින් ඔබ වෙත ඉන් Daredevil, Jessica Jones, Iron Fist සහ Luke Cage, The Defenders, The Punisher. Sense8, 13 Reasons Why, Altered Carbon, Stranger Things, වගේම ලකග දී ආරම්භ වුන ඉංග්‍රීසි භාෂාවට පරිබාහිර භාෂා ටෙලි නාටක වන 3%, Dark එහෙමත් ඔබ වෙත අරගෙන ඇවිත් තියනවා නෙව.

ඉතින් මේ සුදානම ඒ ගොන්නට තවත් කතා මාලාවක් එකතු කරන්න මේක ඩෙන්මාර්කය භාෂාවෙන් දිවයන කතා මාලාවක්. Jannik Tai Mosholt, Christian Potalivo, Esben Toft Jacobsen විසින් නිර්මාණය කරන ලද මේ ටෙලි කතා මාලාව බොහොම සමාන වෙන්නේ YA එහෙමත් නැත්නම් Young Adult කාණ්ඩයට. ඔබ දැනටම නරඹන The 100, The Walking Dead වගේම බලල අවසාන වුන Revolution, Falling Skies, Under the Dome මේ කතාවට බොහොම සමාන කතා කියන්න පුළුවනි. මේ වෙනකොට IMDB 6.6 ක අගයකුත් රෝටන් ටෝමාටෝ අඩවියේ 100% විචාරක පැසසුමකුත් ලබාගත් මේ නිර්මාණයේ කොටසක් මිනිත්තු 39 – 49 වගේ කාල පරාසයක් ඇතුලෙ තමයි දිව යන්නේ. තිරයේ දකින මුහුණු වෙන්නේ Iben Hjejle, Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Boe Følsgaard, Lukas Løkken, Jessica Dinnage වගේ පිරිසක් නම් කිව්වට කොහොමවත් නොදන්නා එකේ මම කියන්න යන්නෙත් නැහැ මොකද මේක අර කිව්වා වගේ YA පැත්තට බර කතාවක් වුන එකේ ඉන්න පිරිස බොහොම තරුණයි.

කතාව මෙහෙමයි මේක ලෝක විනාශයකින් පසුව ඉතිරි වුන මිනිස් සංහතිය ගැන කියවෙන ඔවුන එකක් දිවයන කතාවක්. මේකෙ ප්‍රධන චිරිත දෙක වන සිමෝනා සහ රස්මුන් අක්ක මලෝ දෙන්නෙක්, රස්මුන් කුඩා කල ඉදලම බොහොම අසනීප තත්වයෙන් පසුවුන කෙනෙක්. අක්ක නම් බොහොම බුද්ධිමත් වගේම දක්ෂ කෙනෙක්. එක දවසක් එකපාරටම සිමෝන් පාසලෙන් වහාම ඇදගෙන දුවන මේ දෙන්නගෙ තාත්ත පිස්සුවෙන් වගේ තමුන්ගේ මෝටර් රථය පැදගෙන නගරයෙන් පිට වෙන්නට සුදානම් වෙන්නේ ළමයින් දෙන්නම බොහොම අපහසුවට පත් කරමින්. ඔහුගේ පැහැදිලි කිරීමටත් කලින් රේඩියෝවේ හදිසි පුවත් සේවය වාර්තා කරන්නේ ඇදහැලෙන අධික වර්ෂාව නිසාවෙන් ඇතිවුන ආසාත්මිකතාවක් සහ හුස්ම ගැනීමේ අපහසුවක් නිසාවෙන් ආසන්න නගරයක බොහොම පිරිසක් මියයන බවක්…. මේක තනිකරම පිස්සුවක්… ඉතින් මහපාර මැද මහා වාහන ජාලාවක අතරමන් වුන මේ පවුල එක්වරම වාහනයෙන් ඉවත් කරගන්නා පියා ඊළගට වනගත වීමටයි සුදානම…

ඔහු බොහොම වේගයෙන් ඔවුන් එකක් යන්නේ… භූගත බංකර් එකක් වෙත, මේක ඔහු වැඩ කරනා ඇපලෝන් ආයතනයේ එකක් ලෙස තමයි ඔබට දැකගත හැකිවනු ඇත්තේ… ඉතින් තමුන්ගේ දරුපවුල ආරක්‍ෂිත ලෙස මෙතන ගාල් කරන පියා නැවතත් නික්ම යනවා ඒ ඔහුට පමණයි මේ උවදුරෙන් මිනිස් සංහතිය ගලවා ගැනීමට හැකියාව ඇත්තේ සහ මේ සියල්ලම විසදන යතුර ඔහුගේ පුතණුවන් බවත් සඳහන් කරමින්…. ඉතින් ඔය තමයි ආරම්භය… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලන්නකෝ….

කතාව යනකොට ඔබට දැකගත හැකි වේවි බොහොම රහස්, රහස් කියන්න බැහැ ඇත්තටම මේ ගොඩක් දේ හෙළි නොවුන අභිරහස්, ප්‍රේහේලිකාවක කොටස් වගෙයි මොකද මට හිතෙන හැටියට නම් මේ වැස්සෙන් පැතිරෙන වෛසරයට පියාගේ මොකක් හරි සම්බන්ධයක් තියන හැඩයි… කොහොම නමුත් ඒක මගේ සැකයක් විතරයි, මොකද මමත් ඔබ වගේම මේ කොටසින් එහා තවමත් බලා නැහැ…

අවසාන අවශයෙන් මෙහෙම කියන්නම්, කතා 8 කින් යුතු මේ ටෙලි කතා මාලාවේ සියලුම කොටස් වෙනුවෙන් උපසිරස ගැන්වීම සිදු කරන්නේ මම. ඒ නිසා ඔබට හැකි වේගයෙන් කොහොම හරි දවසකට එක කොටසක් ලැබෙන හැටියට කතාව ලබා දෙන්නම් නිදහසේ බලන්න. ඔබ වගේම මමත් මේ කතා මාලාව කොටසින් කොටස තමයි බලන්නට සුදානම මම බලා නිමවෙන කොටස වෙනුවෙන් උපසිරස නිර්මාණය කර පමණක් ඊලග කොටස බැලීමට තමයි මගේ සුදානම.. බලමු දවස් 8 ක් ඇතුලත කතාව කොහොම හරි නිම කරගන්න…

එහෙනම් ඊලග කොටස එකක් හමුවෙමු…. ඔබ සැමට ජය වේවා…. අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා….මොකද මේක බලන පිරිසගේ අදහස් එකක් තමයි මගේ සතුට රදා පවතින්නේ ඒ මත ලැබෙන වේගයත් වෙන්න වෙන්න ඉඩ තියනවා….

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 174MB |

0FAF4F0E3EB9BFD22C0D93E73C89E814A7DAD2E4

Direct Download

| WEBRip | x264 | 480p | 174MB |

   

| WEBRip | x265 | 720p | 263MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Rain [S01 : E01] | ලෝක විනාශය….

  • download wanna na err akak anawa pls help

    Reply
  • Nimesha

    Download කරන්න බෑනෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *